(ලංකා ඊ නිව්ස් -2016.ඔක්.14, ප.ව. 5.10) පේරාදෙණිය සරසවියේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ (වලේ) පැවති මනමේ නාට්‍ය සංදර්ශනයට බිත්තර ප්‍රහාරයක් එල්ලකර ඇත්තේ බංකොලොත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් බව හෙළි වී තිබේ.
සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යට සරච්චන්ද්‍ර රංග පීඨයේදීම සිදුකළ මෙම අවලං ක්‍රියාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට ශිෂ්‍ය සංවිධානවලට සහ විශ්ව විද්‍යාල පරිපාලනයට බල කළ යුතු බවද පොදු ශිෂ්‍යයෝ පවසති.
මෙම ප්‍රහාරයෙන් පසුව විශ්ව විද්‍යාල කලා මණ්ඩලය විසින් සතියක් පුරා පැවැත්වීමට සංවිධානය කර තිබු නාට්‍ය උළෙල අවලංගු කරනු ලැබීය.
විශ්ව විද්‍යාල සිසුන් පවසන්නේ ශිෂ්‍ය සංවිධානවල බලය දැනට අත්කර ගෙන සිටින නමුත් දිනෙන් දින එම බලය ගිලිහී යන බැවින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වඩ වඩාත් ප්‍රචණ්ඩ, විශ්ව විද්‍යාලයකට තබා පාතාලයටවත් නොගැලපෙන ප්‍රචණ්ඩ සහ අවලං ක්‍රියා සිදු කරමින් සිටින බවයි.
මෙම බිත්තර ප්‍රහාරය එල්ල කිරීම ආසන්නතම සිදු වීම වුවත් මින් ඉහත අවස්ථා 2කදී සරත්චන්ද්‍ර එළිමහන් රඟහල නොහොත් ‘වල‘ ලෙස ප්‍රසිද්ධ මෙම ලෝ සුපතල රඟ මඩලේ පැවති නාට්‍ය දෙකකට මෙවැනිම නින්දිත ප්‍රහාර මෙම පෙරටුගාමී අවලමුන් විසින් එල්ලකර ඇත.
කෞශල්‍යා ප්‍රන්නාදු මහත්මියගේ නාට්‍යයක් රඟ දැක්වෙන අවස්ථාවක එහි තිබූ සිප ගැනීමේ රංගනයකට විරෝධය පා මහත් කලබැගැනියක් ඇතිකොට සහ නළු නිළියන්ට පහර දී එම නාට්‍යය කඩාකප්පල් කිරීම මීට ඉහත සිදුවූ සිදුවීමකි. මෙකී පෙරටුගාමී කල්ලිය නාට්‍ය නැරඹීමට පැමිණ ඇත්තේ හඳුන්කූරු මිටි පිටින් දල්වා ගෙනය. නාට්‍ය නරඹන අතර ගංජා සුරුට්ටු උරන අතර එම දුගඳ වසන්කිරීමට මෙලෙස හඳුන්කූරු දල්වන බව ශිෂ්‍යයෝ පවසති.
ගංජා සහ මත්පැන්වලට දැඩිව ඇබ්බැහි වූ මෙම පෙරටුගාමි පක්ෂයේ අවලමුන් අධ්‍යාපනය ලැබීමේ, කලාව රස විඳීමේ පමණක් නොව ප්‍රේම කිරීමේ අයිතියද විශ්ව විද්‍යාල සිසුන්ගෙන් උදුරා ගෙන ඇතැයි මෙම සිදුවීම් වලින් දැඩි ලෙස කෝපයට පත්ව සිටින සිසුන් පිරිසක් මෙම ලියුම්කරු සමඟ පවසන ලදී.
ගෝඨාභය රාජපක්ෂගේ බොදුබල සේනා සංවිධානය වැනිම තවත් නිර්මාණයක් වන පෙරටුගාමී පක්ෂය සියලූ විශ්ව විද්‍යාලවලදී ශිෂ්‍ය අධ්‍යාපනයටත්, පරිපාලනයටත් සිසුන්ගේ නිදහසටත් බරපතල බාධාවක් වී තිබේ. රාජපක්ෂ කල්ලියේ කඩාකප්පල්කාරී වැඩ විශ්ව විද්‍යාල තුළ ක්‍රියාවට නැගීමේ කොන්ත්‍රාත්තුව පෙරටුගාමීන් විසින් බාරගෙන තිබෙන බව පැහැදිලිය. පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙරටුගාමීන් ක්‍රියා කළ ආකාරයත් ඒ සඳහාම රාජපක්ෂලා විසින් පෙරටුගාමී නායකයා නීති විරෝධීව රටට ගෙන්වා ගත් ආකාරයත් ජනතාවට රහසක් නොවේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස පිහිටවූ මෙම ඊනියා වාමාංශික පක්ෂය එය පිහිටවූ දින සිටම අර්බුද පිට අර්බුද වලට මුහුණ දී ඇත. එහි ප්‍රබලයින් කල්ලිවලට කැඩී වෙන්ව ගොස් ඇති අතර ඊනියා රැඩිකල් විප්ලවවාදීන් අවසානයේ පෙට්ටිකඩ, තේ කඩ, කොමියුනිකේෂන් සෙන්ටර්, සත්ත්ව ගොවිපලවල් වැනි කුඩා ස්වයං රැකියාවලට කොටුවී ඇත.
නායක කුමාර ගුණරත්නම් වසර 02 ක සිර දඬුවම් නියම වූ පසුවත් ඔහු නිදහස් කරන ලෙස කොටුව දුම්රියපල ඉදිරිපස පැවැත්වෙන අඛණ්ඩ උපවාසය නවතා දැමීමට තරම් දේශපාලන දැනුමක් අවබෝධයක් ඉතිරි වී ඇති නායකයින්ට නැත. උපවාසය මගින් අධිකරණ තීන්දු වෙනස් කළ නොහැකි බව මෙම ඊනියා රැඩිකල් විප්ලවවාදීන්ට නොවැටහේ. දැන් ඉතින් කුමාර වසර 02ක සිර දඬුවම නිමවන තුරු උපවාසය ගෙන යාමට ඔවුන්ට සිදුවී ඇති අතර උපවාසයට වාඩිකිරීමට අවම වශයෙන් දෙදෙනෙකු සොයා ගැනීම විප්ලවය කිරීමටත් වඩා දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
දිනෙන් දින ගිලිහෙන සාමාජිකයින් රඳවා ගැනීම සඳහා පෙරටුගාමීන් සුස්තිය සහ මත්පැන් ප්‍රවර්ධනය කරමින් සිටින අතර මොවුන්ගේ බලපෑම නිසා සාමාන්‍ය සිසුන් අතරද ගංජා භාවිතය ඉතා බරපතල මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි කැළණිය විශ්ව විද්‍යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෑතදී විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් විශ්ව විද්‍යාලයීය නේවාසිකාගාර පරීක්ෂාවට ලක් කිරීමේදී පිරිමි නේවාසිකාගාරයේ කාමර 16 ක සඳළුතලයේ පෝච්චිවල කංසා පැළ වගාකර තිබී සොයාගෙන ඇත. ගංජා වසංගතය විශ්ව විද්‍යාලය තුළ පැතිරී ඇති බරපතල තත්ත්වය මින් නිරූපනය වේ.
සියලූ විශ්ව විද්‍යාලවල පෙරටුගාමින් අතර ගංජා භාවිතය බරපතල ලෙස ව්‍යාප්තව ඇති බවත් අධික ලෙස මෙම මත් ද්‍රව්‍යට ඇබ්බැහිවී මානසික රෝගීන් වූ අය සිටින බවත් බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කිරීමට මොවුන් යොදවන බවත් විශ්ව විද්‍යාල සිසුහු පවසති.
පේරාදෙණිය ‘වලේ‘ ගැටුම් සියල්ලට මෙම පිරිස් සහභාගී වී ඇති අතර කුපිත වූ පොදු සිසුන් විසින් මොවුන්ට පහර දී ඇත.
පෙරටුගාමී සාමාජිකයෙකු මෑතකදී ලැම්බෝගිනි මෝටර් රථයක් ඉල්ලා ගම්පහ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි මධ්‍යස්ථානයක සේවකයින්ට පහර දී ඇති අතර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ එම පුද්ගලයා පසුව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර ඇත. එහිදී හෙළිවී ඇත්තේ අධික ගංජා භාවිතය නිසා ඔහු මානසික රෝගියෙකු වී ඇති බවයි.
---------------------------
by (2016-10-21 13:58:19)
Leave a Reply
amu keppa. echchcrai
-- by ranga on 2016-10-16
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි