~

“සැවොම දිනන - මහ රටක් “ ජාතික හෙළ උරුමයේ ජාතික සමුළුව 24 දා

(ලංකා ඊ නිව්ස් -2016.සැප්.22, ප.ව.10.30) සිංහල බෞද්ධ අන්ත ජාතිවාදයෙන් මඳක් මිදී ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයට සහාය දැක්වූ  ජාතික හෙළ උරුමයේ 13 වන සංවත්සර සමුළුව “සැවොම දිනන - මහ රටක් “ යන තේමාව යටතේ 2016 සැප්තැම්බර් 24 වන සෙනසුරාදා ප.ව. 02.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය. මේ පිලිබඳ කරුණු හෙළි කිරීමට අද මාධ්‍ය හමුවක් පැවැති අතර ඊට සහභාගී වූ ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් මෙසේ කීය.

“යුධ ජයග්‍රහණයෙන් පසුව එනම් 2010 වර්ෂයේදී පැවති ජනපතිවරණයෙන් පසුව අපේ රට පංචබල කේන්ද්‍රයක් බවට පත්වෙලා ආසියාවේ බලවත් රටක් බවට පත්වෙතැයි අපි අපේක්ෂා කළා. එනමුත් ඊට පසුව එළෙඹි වසර පහතුළදී ඒ අරමුණින් ඉවත්ව රට ක්‍රමයෙන් ඒකාධිපතිවාදය කරා ගමන් කරන බවක් අපට දැකගන්නට හැකිවුනා. රට පුරාම දූෂණය ඉහවහා ගියා. රට නිවැරදි මගට ගැනීමේ අරමුණින් අප විසින් වගකිව යුතු පාර්ශව සමඟ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවත් ඒ සෑම එකක්ම ප්‍රතිඵල රහිතව නිමාවුනා.

අපේ එකම බලාපොරොත්තුව අපේ මාතෘභූමිය බලවක් රටක් බවට පත්වනු දැකීමයි. මෙවර අපේ තේමාව ලෙස සැවොම දිනන මහ රටක් යන්න තෝරාගැනීමට හේතුවූයෙත් එයයි. අපේ රට මහ රටක් කරන්නට නම් රටේ දේශපාලන හා ආර්ථීක ස්ථාවර භාවය ශක්තිමත් කළ යුතුයි. යුද්ධයෙන් පසුව ලැබූ දේශපාලන ස්ථාවරත්වයත් සමඟම ආර්ථික සමෘද්ධිය ඇතිකිරීමට ස්වර්ණමය අවස්ථාවක් උදාවුනා. නමුත් එය එසේ කරන්නට අපොහොසත්වීම කණගාටුවට කරුණක්. 

ත්‍රස්තවාදය නිමාවූ පසු යුද්ධය සඳහා වියදම් කළ සුවිශාල ධනස්කන්ධය රටේ සංවර්ධනයට යොදාගනීවී යැයි අපි විශ්වාස කළත් එය එලෙස සිදුවුනේ නෑ. කුමානූකූලව රට ණය බරින් මිරිකෙන රාජ්‍යයක් බවට පත්වුනා. ඒ නිසා රට සංවර්ධනය කරන දුරදක්නා වැඩපිළිවෙලක් අනුගමනය කරන්න අපි කැපවෙනවා. යලි අන්තවාදී හා ත්‍රස්තවාදී කණ්ඩායම් වලට තමන්ගේ අන්තවාදී අදහස් වැපරීමට ඉඩ නොදීමට රජය විසින් වගබලාගත යුතුයි. “ 

මෙහිදී අදහස් දැක්වූ හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක  නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙසේ කීය. 

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී පළාත් පාලන මැතිවරණය පිළිබඳව පසුගිය දා සාකච්ඡාවක් කර තිබුණා. එම සාකච්ඡාවේ අවසානයේ එයට සහභාගි වූ උදය ගම්මන්පිල මහතා විසින් “මේ වසරේ දෙසැම්බර් 31ට පෙර මැතිවරණයක් පිළිබඳ තීරණයක් නොගත්තහොත් මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළා” යැයි මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් සඳහන් කළා. ඊට සුළු මොහොතකට පසුව ගම්මන්පිල මහතා විසින් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව මහින්ද දේශප්‍රිය මහතා විසින් නැවතත් මාධ්‍ය වෙත ප්‍රකාශ කරනවා අප දුටුවා. උදය ගම්මන්පිල මහතා මේ ආකාරයට චේතිය රජ්ජුරුවෝ වගේ දිගින් දිගටම බොරු කියමින් ජනතාව රැවටීම සිදුකරනවා. රටේ ඒකීයභාවය ගැනත් ව්‍යවස්ථාවෙන් බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛතාවය ගැනත් මෙලෙසම ජනතාව රවටන බොරු ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළා. හැමදාම ඔහුට මේ විදිහට ජනතාව රැවටිය නොහැකි බව ප්‍රකාශ කළ යුතුයි.

අපේ විමලසාර හාමුදුරුවන් වහන්සේ සිහිපත් කළා අපේ මෙවර තේමාව සැවොම දිනන මහරටක් කියලා. මහා රටක් කිව්වම හිතන්න පුළුවන් අපි මේ කියන්නේ භූමියෙන් විශාල රටක් ගැනයි කියලා. අපි භූමියෙන් ඉතා කුඩා රටක්. නමුත් මේ පුංචි රට ආර්ථික ශක්තිය අතින් ඔදවත්,තෙදවත්, බලවත් රටක් බවට පත්කරගන්න අපට පුළුවන්. සිංගප්පූරුව කියන්නේ භූමිය අතින් ඉතා කුඩා රටක්. නමුත් ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම තුලින් සිංගප්පූරුව කියන්නේ ​බලවත් මහා රටක් බව වර්තමානයේ ලෝකයේ අනෙකුත් සෑම රටක්ම පිළිගන්න කරුණක්.  ඒ වගේම කොරියාව, මැලේසියාව, තායිලන්තය වගේ රටවල් මේ ගැන අවබෝධ කරගෙන ආර්ථික ශක්තිය දියුණු කරගන්නා බවක් පෙනීයනවා. ඒ නිසා අපත් දේශපාලනිකව හා ආර්ථික ශක්තිය අතින් බලවත් රටක් ගොඩනැගීමට කටයුතු කළයුතුයි. දිනන්න බැහැයි කියපු ත්‍රස්තවාදය පරදන්න කැපවුනු අප යුධ ජයග්‍රහණයෙන් පසුව බලවත් ජාතියක් ගොඩනැගීමේ කාර්යයට අපගේ දායකත්වය ලබාදීමට තීරණය කළා. එහි ඉදිරි පියවරක් ආරම්භ කෙරෙන ලබන සැප්තැම්බර් 24 වෙනිදට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට පැමිණ සැවොම දිනන මහරටක් ගොඩනගන්නට අප සමග එක්වන්නැයි දේශමාමක සැමගෙන් ඉල්ලා සිටිනවා 

---------------------------
by     (2016-09-22 20:53:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links