(ලංකා ඊ නිව්ස් -2016.අගෝ.31, ප.ව.11.30)
• එජාපය සමග දීග කන ශ්‍රීලනිප සමග එක්වීමට අපට ලැජ්ජාවෙ බෑ - පා.ම. දිනේෂ් ගූණවර්ධන
-බොරලුගොඩ අප්පුච්ච එජාපයෙ මිය යන කොට ලැජ්ජ බිමද තිබුනෙ දිනේෂ්..?
• සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්ති පක්ෂ කැඩීමයි - පා.ම. ගම්මන්පිල
-මහජන දේපල අමු අමුවෙ මංකොල්ලකෑම, බලය වෙනුවෙන් ජනතාව පැහැරගෙන ගිහිං ඝාතනය කිරීම, වහල්ලූ ටිකක් හදාගෙන රජ හීන දැකීමත් ඒකට අයිතිද වහලො..?
• අපි වෙන සංවිධායකයො වගේ හොරකම් කළේ නෑ. ඒත් මගේ පක්ෂ සංවිධායකකම අහෝසි කරල - පා.ම. රෝහිත අබේගුණවර්ධන
-හොරකම් කෙළේ නෑ, මං කොල්ල කෑම කෙළේ..
• ඔය දැන් ඉන්න නායකයො නෙවෙයි ශ්‍රීලනිප ය රැක්කෙ මමයි. - කු.පා.ම. මහින්ද
-ඒක වෙන්න ඇති ශ්‍රීලනිප මූලස්ථානය නොහදා අම්ම අප්පගෙ සොහොන් හැදුවෙ ජනතාවගෙ සල්ලි වලින්
• දැන් තියෙන්නෙ පුද්ගලය බය කරල මාධ්‍ය පාලනය කරන යුගයක් - කු.පා.ම. මහින්ද
-කර්තෘල මරල ආයතන ගිනි තියල කරන පාලනයක් නොවෙයි එහෙනම්
• මියගිය අයෙකුට මළ සිරුර ගෙනියන්න ගිලන් රථයක් නොදුන් ඉන්දියාව අපට ගිලන් රථ නොමිලෙ දෙනවා - දෙරණ (බෝතල්) පත්තරකාර සංඛ අමරජිත්
-දිලිත් ජයවීර ගෙ වහල්ලූ හිතන්නෙ ගිලන් රථ තියෙන්නෙ මිනී අදින්න කියල
• පක්ෂ කඩන්නෙ මං නෙවෙයි මට එහෙම පුරුද්දක් නෑ - කු.පා.ම. මහින්ද
-මේකට දුමින්ද සිල්වගේ ලෙඩේ හැදිල
• රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දුන් බුද්ධි අංශ සාමාජිකයා උපාලි හඳුනා ගනී - පුවතක්
-ඒත් එදා රාජපක්ෂලට අමු හෙලුවෙන් කඩේ යද්දිත්, තමුන්ට පහරදීමට උපදෙස් දුන් එකාලව හඳුනගන්න බැරිවුනානෙ
• එජාපය සමග එක්ව ගිවිසුම් ගහං දිවිගෙවන එක තරම් හිරිකිතයක් ශ්‍රීලනිප පාකෂිකයෙකුට තියෙනවද - කු.පා.ම. මහින්ද
-වැඩිය දඟලන්න එපා, 2007 දි මගුල් කාල එජාපය එක්ක ගහපු ගිවිසුම දෙපරන්දෙ අස්සෙන් බිමට වැටෙයි
• පෞද්ගලික රෝහල්, චැනලින්, පෞද්ගලික සැත්කම් වලට ආදරය කරන දොස්තරල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විතරක් අකමැති යි - පුවතක්
-මාෆියාවට ගතමන්ට් එක ලැබෙනව නම් කැමතිවෙයි
• මේ රජයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකරන්න අපි ඉඩ දෙන්නෙ නෑ - දොස්-තර පා(වා) දෙනිය
-මහින්ද, ගෝටා-බයට විතරද ඉඩ දෙන්නෙ?
• 2006 සිට 2014 දක්වා ක්‍රිකට් ආයතනයෙ දූෂණවලට මහින්දානන්ද වගකිව යුතුයි -පා.ම. හඳුන්නෙත්ති
-ඒකනෙ හලෝ අලුත් පක්ෂයක් හදන්න දඟලන්නෙ
• මැතිවරණයෙදි මෛත්‍රිගෙ වේදිකා ගිනි තියපු, කාර්යාල කඩපු, පිස්තෝල අරං මරන්න පන්නපු හැමෝන්ටම මෛත්‍රී තනතුරු දෙනවා - පුවතක්
-මහින්ද හදන්න යන පක්ෂෙයි මේකෙයි වෙනස අවම කරන්න එපායැ
• දැන් වගේ නෙවෙයි මගේ කාලෙ මං නියම ශ්‍රීලංකා කාරයො ආරක්ෂා කළා - කු.පා.ම. මහින්ද
-ඒකනේ අනුර අගමැති අපේක්ෂකයා කියලා ජනාධිපති ඡන්දෙට ගිහින් දිනුවට පස්සෙ අනුරට සොච්චං ඇමැති කමක් දුන්නෙ.
• දිඹුලාගල හාමුදුරුවො අද හිටිය නම් පන්සලට අලි පැටියෙක් ගෙනත් දමල අත් අඩංගුවට ගන්න ඉඩ තිබුන - පා.ම. විමල් වීරවංස
-හැබැයි වීරවංසලා ආයුධ අරගෙන කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවො එහෙම මරාපු කාලේ දිඹුලාගල හාමුදුරුවො හිටියෙ එස්ටීඑෆ් ආරක්ෂාව යටතේ
• මට පක්ෂ හදන්න ඕන කමක් නෑ - කු.පා.ම. මහින්ද රාජපකෂ
-හිරේ විලංගුවේ නොවැටි ඉන්න ගේමක් ගහනවා මිසක්..
• අපිට අලුත් පක්ෂයක් හදන්න උවමනා නෑ, ඒකාබද්ධ විපක්ෂය තියෙනව. ඒකට ලකුණක් විතරයි හොයා ගන්න ඕන - පා. ම. වාසුදේව
- මාංචු කුට්ටම ගන්නවාකෝ ලකුණට. ඔය හැමෝම අත් උස්ස උස්ස පෙන්නන එකේ ජනතාවට අලුතින් අඳුන්වාදෙන්න දේකුත් නෑ..
• මේ රජයට ඡන්දෙ දීපු එකෙක්වත් මට හිරගෙදරදි හොයාගන්න බැරි වුනා -පා.ම. නාමල් රාජපක්ෂ
-හරියට හරි නාමල්, හිරේ ඉන්න අපරාධකාරයො ඔක්කොම ඡන්දෙ දීල තියෙන්නෙ ‘සාටකයා ඝාතකයාට‘
---------------------------
by (2016-08-31 23:56:31)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි