~

• මහින්දලා අලුත් පක‍්ෂයක් හැදුවොත් සේරම රහස් එළිකරල පාරෙ ඇවිද්දවනවා -ජනපති මෛත්‍රී: “තුරුලට ආවොත් දිගටම රහස් රකිනවද දන් නෑ“

-පොර ටෝක් සහ කොර ටෝක් - අංක 104-

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.21, ප.ව‍‍‍‍‍‍.11.55) 

• අපේ කාලෙ උද්ඝෝෂණ වලට උසාවි නියෝග ගත්තෙ නෑ -කු.පා.ම. මහින්ද රාජපක‍්ෂ
- ඔව් ඔව් උණ්ඩ, කඳුලු ගෑස්, බැටන් පොලු ගත්තෙත් සුදු වෑන් බැරිනම්නෙ

• පක‍්ෂ මූලස්ථානයට අපේ පිරිස හූ කීවා නම් සමාධිය ළඟ ගෞරව කළේ කොහොම ද? -පා.ම. ඩලස් 
- ඒ චන්ද්‍රිකාගෙ ටිකිරි මොළේ නිසානෙ

• හූ කීවෙ අපේ අය නෙවෙයි අපේ පෙළපාළියට ඇතුලූ වුන පිටස්තර පිරිසක් - පා. ම. ඩලස්
- ඇත්ත දිනේෂ්, ජොනී, විමල්, වාසු, ගම්මන්පිල, තිස්ස විතාරණ, බන්දුල, ලොකුගේ, කෙහෙළිය, සේරෝම පිටතින් ආපු අය නේන්නම්

• ශ්‍රීලනිප කාර්යාලයට හූ කියන්නෙ ඇයි දැයි වත්මන් නායකයන් සොයා බැලිය යුතුයි -පා. ම. ප්‍රසන්න රණතුංග
- යාන්තම් පළමුවැනි 40 ට අහු වුනේ නෑ.. ඊළඟෙ පාර යන්න වගේ

• ළමයි හිතට එන දේවල් කියනවා තමයි. පෙළපාලියෙ දි වුනෙත් එහෙම දෙයක් -කු.පා.ම. මහින්ද රාජපක‍්ෂ
-ඔව් ඔව් ළමයි එහෙම තමයි, අතට අහුවුන දේ හොරකං කරනව. වංචා කරනව. විභාග වලට හොරෙන් ලියනවා. රොකට් අරිනවා. කලිසමේ චූත් දා ගන්නේ..

• ශ්‍රීලනිප සංවිධායකකම ලූණු වලටත් වඩා ලාභයි  -පා.ම. ඩලස් 
-ඇමෙරිකාවෙන් පැනල ආපු එවුන්ටත් ජාතික ලැයිස්තුවෙන් ඇමතිකම්  ලැබුනෙ ඒකනෙ

• හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නගරාධිපතිටත් ශ්‍රීලනිප සංවිධායක කමක් -පුවතක්
-අපරාදෙ අර කැළණියෙ ගස් බැඳපු හාදය විතරයි ඉතිරි..

• මහින්ද කියන්නෙ යුද්ධය දිනපු නායකය. මිනිස්සු කීවෙ එතුමා රටෙන් භාගයක් ගත්තත් කමක් නෑ කියල - පා. ම. ප්‍රසන්න රණතුංග
- ඒකනෙ  මෑන් මුළු රටමයි, ඇතෙක් බරට වස්තුවයි, රටේම දූ කුමරියොයි ගන්නත් හැදුවනෙ..

• කොළයක් ඉරුවැයි කියල ප්‍රාදේශීය සභා මංත්‍රීන්ට විනය පරීක‍්ෂණ තියන්න පුළුවන් ද? - පා.ම. නිශාන්ත
- හරකෙක් කොහෙද මා ළඟ. කඹයනෙ අල්ලං ඉන්නේ..

• අපි බුද්ධාගමට හානි කරනවා යැයි බෙරිහන් දෙන මහින්ද ලා එදා මල්වතු විහාරය භේද කරන්න කටයුතු කළා -අගමැති රනිල්

- දූෂණ, වංචා, තර්ජන වළඳගෙන වැඩ හිටපු චීවරදාරියො එක්කල කරපු ආගමික සේවාව

• අද පොලීසිය නීච විදියට දේශපාලනීකරනය වෙලා -පා.ම. වීරවංස
- ඇයි දේශපාලුවො ඇවිල්ල තොප්පිය ගලවල විසි කරන කොටත් ඩීඅයිජීලා බකං නිලාගෙන ඉන්නවද?

• මහින්දගෙ පාද යාත්‍රාවත් ප්‍රභාකරන් ගෙ මිනිස් පවුරත් අතර ලොකු වෙනසක් නෑ -ඇමති විජිත් විජයමුනි
- මරණ දෙකත් එක වගේ වෙයිද මුනි..?

• හූ කියල මදි පයින් ගහල පන්නල දාල මහින්ගෙ ආණ්ඩුවක් ගේන්න ඕන -පා.ම. ප්‍රසන්න රණතුංග
- හා හා කකුල කකුල

• ආණ්ඩුවෙ දෙන්නගෙ ඒකාධිපති පාලනයෙන් මං රට මුදා ගන්නව -කු.පා.ම. මහින්ද රාජපක‍්ෂ
- ආය මක්කැයි ජනවාරි 8 මුදා ගත්තනෙ

• මහින්දලා අලුත් පක‍්ෂයක් හැදුවොත් සේරම රහස් එළිකරල පාරෙ ඇවිද්දවනවා -  ජනපති මෛත්‍රී 
- තුරුලට ආවොත් දිගටම රහස් රකිනවද දන් නෑ

• පක‍්ෂ විනය කඩපු සංවිධායකවරුන් පලවා හැරීමට මෛත්‍රී පියවර ගනී - පුවතක්
- නැත්නම් එළුවො ඇවිත් රැවුල් කප්පවා ගනියි කියල හිතෙන්න ඇති

• කකුල්වල දියපට්ට නෙවෙයි ඇඟේම පට්ට ගියත් මං ජනතාව වෙනුවෙන් දිගටම පාද යාත්‍රාවෙ යනවා - කු.පා.ම. මහින්ද රාජපක‍්ෂ
- ජීප් එකක නැගලා යනකොට නම් ඇඟේ පට්ට යන්නෙ නෑ.. හැබැයි කාලයක් හිරේ ඉන්න කොට නම් කියන්න බෑ...

• අපිට හොරා හොරා කියමින් එක ඇඟිල්ලක් දික්කරන කොට අනෙක් ඇඟිලි පහම තියෙන්නෙ කියන අයගෙ පැත්තට - පා.ම. නාමල් රාජපක‍්ෂ 
- නීති විභාගෙට සීයෙන් අනූ අටක්ම ගත්ත ප්‍රශ්න පත්තරේ වෙලාවට 5 ට ගණින්න තිබිල නෑ..

• 92 පාදයාත්‍රාව ගිය මහින්දගෙ ප්‍රතිරූපය අදත් බලවත් - පා.ම. ඩලස්  
- එදා නම් පිබිදෙන පරපුරේ නායකය. අද නම් පිරිහෙන පරපුරේ නායකය බව ඔප්පු කළා..

• ලබන පාර එන්නෙ යන්න නෙවෙයි - කු.පා ම. මහින්ද රාජපක‍්ෂ
- ඔව් ඉතිං හීනෙනුත් ගොක්කොළ පේන වයසනෙ


පොර ටෝක් කොර කළේ ගානි වාසුහේවා

 

---------------------------
by     (2016-08-22 01:56:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links