~

“ඩලස්ට අස්වෙන්න එවැනි තනතුරක මිනිහා ඉන්න එපායැ...! බන්දුල අස්නොවුනා නම් අස් කරාවි.. ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි“ -එස්බී බැටේ දෙයි (‘ආදාල නෑනේ‘ Video)

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.21, ප.ව‍‍‍‍‍‍.11.55) ශ්‍රීලනිපයටත් නැති එජනිසයටත් නැති පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයටත් නැති මනෝරාජික ඒකාබද්ධ විපක්ෂය නමැති මරාවාදී වහල් දර්ශනයක් කරපින්නාගෙන සිටින ඉහඳ පණුවන් පිරිසක් පසුගියදා ශ්‍රීලනිපයෙන් එළවා දැමූ පසු ඩලස් අලහප්පෙරුම නමැති රාජපක්ෂ වහලා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ තමන් ස්වේච්ඡාවෙන් මාතර දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ඉවත් වන බවයි. 

ඒ සමග රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජීවත් විය හැකි යැයි ආර්ථික දර්ශනයක් ගෙන ආ බන්දුල ගුණවර්ධන නමැති රාජපක්ෂ වහලා ද අද කියා සිටියේ තමන්ද ස්වේච්ඡාවෙන් හෝමාගම ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ධූරයෙන් ඉවත් වන බවයි.

මේ දෙකටම පිළිතුරු දෙමින් ශ්‍රීලනිපයේ හිටපු මහ ලේකම් එස්.බී.දිසානායක ඇමැතිවරයා හේවාහැට අද පැවැති පක්ෂ ප්‍රතිසංවිධාන හමුවකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් කීවේ ඩලස් අලහප්පෙරුමට අස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එවැනි තනතුරක් ලබා දී නැති බවයි. දිස්ත්‍රික් සංවිධායකයෙකු වීමට පෙර ආසන සංවිධානය වරයෙක් විය යුතු නමුත් ඩලස් අලහප්පෙරුම මාතර දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක සංවිධායක වරයෙක්ද නොවන අතර ඔහුට ලැබුනා යයි කියන දිස්ත්‍රික් සංවිධායක ධූරය මහින්ද රාජපක්ෂ දුන් කොල කෑල්ලක් විය හැකිවා මිස පක්ෂය විසින් නිල වශයෙන් එවැනි තනතුරක් ඔහුට දී නැතැයි එස්.බී කීවේය. ඒ අතරම බන්දුල ගුණවර්ධනගේ ඉල්ලා අස්වීම ගැන කීවේ ඔහු අස්නොවුනා නම් අස් කිරීමට ඉඩ  තිබූ බවයි. පක්ෂයක තීරණ වලට පක්ෂපාතී නොවී කඩා කප්පල් කරමින් පක්ෂයක සිටිය නොහැකි බව කී එස්.බී ඇමැතිවරයා බන්දුලගේ ඉවත්වීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණක් යැයි කීවේය.

මේ අතර ශ්‍රීලනිපයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණ තමාට අදාල නැතැයි මැදමූලන මහින්ද රාජපක්ෂ පවසා තිබේ. 

කෙසේ වෙතත් එජාප ශ්‍රීලනිප පක්ෂ දෙක සම්මමුති ගත වීම තුල පක්ෂ මාරු කරමින් මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය අවස්ථාවාදීන්ට අල්ලපු අත්තත් නැතිව පය ගහපු අත්තත් නැතිව දේශපාලන මරුවැලක එල්ලීම පමණක් සිදුව ඇති බව පෙනේ. 

මේ සම්බන්ධ වීඩියෝවක් පහත දැක්වේ 

---------------------------
by     (2016-08-21 21:36:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  10 discussion on this news

Len you must be ashamed to put what this shameless turn coat says. This rouge will jump in to the lap of Gon Raja if he feels that he has a slightest chance of coming to power again.Why do you give prominence this type of third grade personality. No one take him seriously. Other day he said basil is not wrong. Mathree must be held responsible for bringing this rouge to the parliament after he was rejected by the people of this country.
-- by Lion on 2016-08-22

නැති තනතුරකින් ඉල්ලා අස්වෙන්නෙ කොහොමද ඩලස්?
-- by සුනිල් on 2016-08-22

ශ්‍රීලනිප ට අත ලකුණ අහිමි කරන්න මුල් වෙච්ච පෙරේතය ඩලස් අලහප්පෙරුම!
-- by මානි on 2016-08-22

බන්ධුල කියන කඳන් පනුව පන්නල දාපු එක ලොකු දෙයක්...
-- by දිනා on 2016-08-22

මාතර බෙල්ල කොටා ඩලස්ගෙ කටේ නරිවාදම විතරයි, ඉස්සර ඉඳලම වැඩක් කරන්න පුළුවන් එකෙක් නෙවේ. එලවල දැම්මට ස්තුතියි!
-- by kalani perera on 2016-08-22

තාත්තගෙ දානෙ දෙන්න රජයේ දේපල පාවිච්චි කරපු පකය තමයි බන්දුල ගුණවර්ධන
-- by දිනා on 2016-08-22

බන්දුලය දන්නෙ පතෝල වැටකොලු ආර්තිකේ ගැන විතරයි, ඒකනෙ 2500 කින් කන්න පුලුවන් කිව්වෙ! ගොං අලිය!
-- by ධර්මෙ on 2016-08-22

පක්ෂෙ මිනිස්සුන්ට පක්ෂෙ එපා කරවල යන තැනට වැඩ කරේ හරක් මහින්ද තමයි හැමදාම...
-- by piyumi botheju on 2016-08-22

මේ පැරදුනු හරක් ගේ කතා දාන්න enews කාරයට මොලේ කොලොප්පම් ද?
-- by tiran on 2016-08-23

"ලැජ්ජයි..! කැතයි..! ගඳයි..!" කියල ඩලස් ගොයිය හිටි ගමන් කියවන්නෙ මිනිහට ප්‍රදීපගෙ කල්ක්‍රියාව මතක් වුනු වෙලාවට!
-- by සුනිල් on 2016-08-24

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links