~

ලතීෆ්ට එස්ටීඑෆ් කොමඩාන් තනතුර නොදී පොලිස් කොමිසම අඩපණ කිරීම ගැන තානාපති අංශ වල කනස්සල්ල..! මීට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්ද එළියට

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.18, පෙ.ව‍‍‍‍‍‍.7.50) ස්වාධීන පොලිස් කොමිසමේ නිර්දේශ මත පොලිස් විශේෂ කාර්ය බලකායේ කොමඩාන් ලෙස ජ්‍යෙ නි.පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට මේ දක්වා එම තනතුර බාර නොදීම පිළිබඳ තානාපති අංශ වල දැඩි අවධානය යොමු වී තිබේ. 

තානාපති අංශ විමර්ශන අනුව කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා අසමත් වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු වෙත කර ඇති බලපෑමක් අනුවය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපනය කරනු වස් පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභා වල අනාගතයට අනතුරක් එල්ල වී ඇතැයි තානාපති අංශ වල කනස්සල්ලට කාරණයක් වී ඇත. ජනාධිපති කාර්යාලයේ බලපෑමට ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නොමැති නම් එය නිවැරදි කිරීමට මේ වන විට කාලය ප්‍රමාණවත් නමුත් ජනාධිපතිවරයා මේ දක්වා එය නිවැරදි නොකිරීම තානාපති අංශ වල කනස්සල්ලට කාරණයයි. 

මේ අතර ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ලතීෆ් මහතාට එස්ටීඑෆ් කොමඩාන් ධූරය නොදී විදෙස් රටක තානාපති සේවයේ තනතුරක් දීමට රජයේ බලවත් තැනකින් යෝජනා වී ඇති නමුත් ලතීෆ් මහතා ඊට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ. ඔහු පවසා ඇත්තේ මෙය තමා ඉල්ලා සිටි දෙයක් නොවන බවත් ස්වාධීන පොලිස් කොමිසම සාධාරනව සලකා බලා දුන් දෙයක් බවත් තමාට එය දෙනවා මිස නොදන්නා තානාපතිකම් අනවශ්‍ය බවත් ඔහු පවසා ඇත.

පොලිස් කොමිසමේ නිර්දේශය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව විසින්ද තම දැඩි අවධානය යොමු කර තිබේ. මන්ද යත් ස්වාධීන කොමිෂන් සභා පත් කරන ලද්දේ ව්‍යවස්ථා සභාව විසින් බැවිනි.  

කොමිසමට මිස පොලිස්පතිට බෑ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..! 

මේ අතර පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ පොලිස්පතිවරයාගේ බලතල සම්බන්ධයෙන් අදාල වන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්ද පසුගියදා ලබා දී තිබේ.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් හා විනිසුරු අනිල් ගුණරත්න විසින් දුන් තීන්දුවකින් කියැවෙන්නේ  සහකාර පොලිස්‌ අධිකාරි ධුරයට ඉහළ නිල දරන නිලධාරීන්ට ස්‌ථාන මාරුවීම් ලබාදිය හැක්‌කේ පොලිස්‌පතිවරයාට නොව ජාතික පොලිස්‌ කොමිසමට බවයි. එකී මූලික සිද්ධාන්තය නොසළකා හැර පොලිස්‌පතිවරයා කටයුතු කරන්නේ නම් එ්වා නීතියට පටහැනි හා බලරහිත නියෝග බව එම තීන්දුවේ දැක්වේ. 

මෙම තීන්දුව දුන්නේ පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්‌පති ධුරයට පත්වීමෙන් පසුව කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති රැස්‌වීමකදී කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත සිරිවර්ධන මහතාට කළ ප්‍රකාශයකට එරෙහිව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලෙසය. පොලිස්පතිවරයා එහිදී කියා තිබුනේ පාලිත සිරිවර්ධනව කිලිනොච්චියෙන් මාරුකර යැවීමට සිදුවන බවයි.

පොලිස්‌පතිවරයාගේ එම ප්‍රකාශය නීතියට පටහැනි හා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්‌ වන බැවින් ඔහු කළ ප්‍රකාශය අනුව කටයුතු කිරීම වළක්‌වන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත සිරිවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනුකොට තිබිණි.

ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුවද පොලිස් කොමිසම විසින් කළ ලතීෆ් මහතාගේ පත්වීම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ජනාධිපතිවරයාට හෝ නොහැකි ය. ලතීෆ් මහතාගේ පත්වීම පොලිස්පතිවරයා විසින් විධායකයට යට වී නීති විරෝධීව ක්‍රියාත්මක නොකර සිටියහොත් අද ස්වාධීන ලෙස ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද එෆ්සීඅයිඩියද විධායකයට අවශ්‍ය හෙංචයියන් පත් කරමින් අතීතයේ දී සිදුවූවාක් මෙන් ඒවා කඩේ යන ආයතනය බවට පත් කෙරෙනු නිසැක ය. 

ජනතාව දේදුනු විප්ලවයක් කර ස්වාධීන කොමිෂන් සභා දිනා ගත්තේ ඒවා යලි විධායකයට යටපත් කිරීමට නොවේ. එබැවින් සිවිල් සංවිධාන මේ අවිචාරවත් ක්‍රියාවට එරෙහිව ඉදිරියට පැමිණිය යුතුය. 

---------------------------
by     (2016-08-18 02:57:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ඇත්ත කියන්න. ඇයි බොරු කියන්නේ ....පොලිස්පතිතුමා කිවුවේ එයාට පාලිත සිරිවර්ධනව මාරු කරන්න සිද්ධ වෙන්නේ දේශපාලන බලපෑම් නිසා කියලයි. එතකොට කවුද පොලිස්පති තුමාට දේශපාලන බලපෑම් කරන්නේ ? මහින්දද ? ගෝඨාද ? නෑ. ඔය යහපාලන කියන අයම තමයි.
-- by Chinthaka on 2016-08-20

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links