~

ජනාධිපතිගේ අස්සට වී ජනාධිපතිගේ නම විකුණමින් ප්‍රභූ ආරක්ෂාව දුර්වල කරන කෂඩයා හෙලිවේ

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.16, පෙ.ව‍‍‍‍‍‍.9.30) ප්‍රභූ ආරක්ෂාවද බාර පොලිස් විශේෂ කාර්ය බලකායේ (එස්ටීඑෆ්) නව කොමඩාන් වරයා ලෙස ස්වාධීන පොලිස් කොමිසම විසින් 9 වෙනිදා පත් කරන ලද ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට මේ දක්වා එම තනතුර බාර නොදීම සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ප්‍රභූ ආරක්ෂාව බාර ශ්‍රී ලංකාවේ ප්‍රවීනතම නිලධාරියා ලෙස සැලකෙන ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට එස්ටීඑෆ් ප්‍රධානී තනතුර බාර ගැනීමට බාධා වන අයුරින් සිදුකර ඇත්තේ දැනට ඔහු සේවය කරන පොලිස් පුහුණුකිරීමේ අංශයෙන් ඔහුව මුදා නොහැරීමයි.

මෙම සාපරාධී කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇත්තේ ජනාධිපතිවරයාගේම සරම අස්සට වී සිටින විසකුරු සර්පයන් පිරිසක් විසින් බව මීට පෙර පුවතින් ලංකා ඊ නිව්ස් හෙලිදරව් කර සිටි අතර ජනාධිපතිවරයාගේ නම විකුණමින් මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇත්තේ කව්දැයි දැන් හෙලිදරව් වී තිබේ. ඔහු අන් කිසිවෙක් නොව ජනාධිපතිවරයාගේ දැනට ආරක්ෂාව බාර එස්ටීඑෆ් ප්‍රධානියෙකු බව දැන ගන්නට ඇත. ඔහු ජනාධිපතිවරයාගේ නම විකුණමින් “මේක ජනාධිපතිතුමාගේ ඕඩරයක්“ කියමින් තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දරයි. ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක වුවද බොහෝ රජයේ නිලධාරීන් ඒ ගැන නිසි අවබෝධයක් නොමැතිව තවමත් රාජපක්ෂ යුගයේදී මෙන් ‘ජනාධිපති කිව්වා‘ යැයි ඇසූ විට ඇඳිවතේ කක්කා යන තත්ත්වයේම පසුවීම කණගාටුවට කාරණයකි.

තම තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් ප්‍රභූවරුන් සියලු දෙනාගේ ජීවිත බිල්ලට දීමට කැස කවන ඉහත කී කෂඩයන්ගෙන් ජනාධිපතිවරයා ඇතුළු අනෙකුත් ප්‍රභූන් ප්‍රථමයෙන් ආරක්ෂා විය යුතුය.

පසුගියදා පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව සැලසීම බාර දීම සඳහා ශ්‍රී ලංකාවෙන් තෝරා ගෙන තිබුනේ ද ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා ය. එපමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් තෝරාගෙන සිටින පුද්ගලයාද ලතීෆ් මහතාය. එවැන්නෙකු ශ්‍රී ලංකාවේ ප්‍රභූ ආරක්ෂාව බාර එස්ටීඑෆ් හි ප්‍රධානියා කිරීමට කිසිවෙකු බාධා කරන්නේ නම් ප්‍රභූවරුන් සැබැවින්ම ආරක්ෂා විය යුත්තේ ඒ බාධාකරුවාගෙනි.

සබැඳි පුවත
ප්‍රභූ ආරක්ෂාව දුර්වල කර මිනීමරු ජඩ අවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ භයානක කුමන්ත්‍රණයක්..! කුමන්ත්‍රණකරුවෝ ජනාධිපතිගේ රෙද්ද අස්සේ

---------------------------
by     (2016-08-16 04:08:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Mema aanduva danata auruddakatath vadaa vadie.Namuth thvamath bari unaa thanathuruvalata niyama sudussan pathkaraganna.Mevani nusudusu kashadain POOL ekakata ho anivaarya vishraama ganviya yuthuya.
-- by nareen on 2016-08-16

මේකෙන් පේන්නෙ අර මරා යුගයේ වැඩ යහපාලනේ ලොක්කොත් තාම කරනවා ඒව්ව වෙනස් කරගන්න ඕනිකමකුත් නෑ
-- by Sudath Sri on 2016-08-16

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links