~

ප්‍රභූ ආරක්ෂාව දුර්වල කර මිනීමරු ජඩ අවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ භයානක කුමන්ත්‍රණයක්..! කුමන්ත්‍රණකරුවෝ ජනාධිපතිගේ රෙද්ද අස්සේ

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.14, පෙ.ව‍‍‍‍‍‍.10.15) ශ්‍රී ලංකාවේ ප්‍රභූ ආරක්ෂාව දුර්වල කර කිසියම් මිනීමරු ජඩ අවස්ථාවක් ජනිත කර ගැනීම සඳහා විශාල කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වගකීමකින් යුතුව අනාවරණය කරයි.

මෙහි ප්‍රධාන අංගයක් ලෙස මේ වන විට ප්‍රභූ ආරක්ෂාවේ යෙදෙන පොලිස් විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්) දුර්වල කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වී තිබේ. 

එම කුමන්ත්‍රණය හෙලිදරව් වන්නේ එස්ටීඑෆ් නව කොමඩාන් වරයා ලෙස ස්වාධීන පොලිස් කොමිසම විසින් පත් කරන ලද ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට එම තනතුර බාර නොදී රාජපක්ෂ හෙංචයියෙක් පත් කර ගැනීමට මේ වන විට දියත්ව ඇති කුමන්ත්‍රණය නිසාය.

මෙය ක්‍රියාත්මක කර ඇත්තේ ජනාධිපතිවරයාගේම සරම අස්සට වී සිටින විසකුරු සර්පයන් පිරිසක් විසින් වීම මෙහි ඇති අනතුරුදායක භාවය දෙගුණ තෙගුණ කරවයි.

ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා යනු ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් ප්‍රභූන් ආරක්ෂා කර ගැනීමෙහි ලා ජාත්‍යන්තර කීර්තියට පත් වූවෙකි. ඕස්ට්‍රේලියාවේ පැවැති ඔලිම්පික් තරඟාවලියේදී ඊට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවහොත් වළක්වා ගැනීමෙහි ලා කළ යුතු සැලසුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රධානීන් සමග පැවැති වැඩමුළුවකදී අංක එකේ සැලසුම් ඉදිරිපත් කර ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකිකයා ය. ඇමරිකානු ආරක්ෂක ප්‍රධානීන් පවා පරාජය කළ පුද්ගලයා ය. එවැන්නෙකු අද ලංකාවේ ප්‍රභූ ආරක්ෂාව සිදුකරන එස්ටීඑෆ් බළකායේ ප්‍රධානියා වීම ලංකාවේ ප්‍රභූන්ගේ ජීවිත ආරක්ෂාවේ වාසියට මිස අවාසියට හේතු වන්නක් නොවේ. 

එය තේරුම් ගෙන ඇති ස්වාධීන පොලිස් කොමිසම නිවැරදි පුද්ගලයා එස්ටීඑෆ් කොමඩාන් ලෙස තෝරා තිබේ. ඔහුට වැඩ බාර ගැනීමට නියමිතව තිබුනේ පසුගිය 9 වෙනිදා ය. නමුත් පොලිස්පතිවරයාට කරන ලද බලපෑමක් මත අද මේ ලියන මොහොත වනවිටත් එය වළක්වා තිබේ. 

ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින කිසියම් කුමන්ත්‍රණ කරුවන් පිරිසක් බලපෑම් කර එය වළක්වන්නේ නම් ඔවුන්ගේ සැබෑ අරමුණ ලංකාවේ ප්‍රභූවරයා හෝ ප්‍රභූවරුන් ජීවිත අවදානමකට ලක් කිරීම මිස අනෙකක් නොවේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රෙද්ද අස්සේ වෙසෙන මරාවාදී සර්පයන්ගේ අරමුණ කිසිවෙකුට රහසක් නොවිය යුතුය. ඊට ඉඩ නොදීම ජනාධිපතිවරයාගේද වගකීමය. නොඑසේ නම් එය තමන්ගේම මිනී වල කපා ගැනීමක් වනවා ඇත. සැබෑ සර්පයා එන්නේ මිතුරු වේශයෙනි. මෙවැනි භයානක කුමන්ත්‍රණ හෙලි කළ හැකි තරමට හෝ හෙලි කිරීම යහපාලනප්‍රේමී මාධ්‍යයක් ලෙස ලංකා ඊ නිව්ස් හි වගකීම ය. යමක් සිදුවූවාට පසු කතා කර පළක් නැත. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයක් පවත්වාගෙන යන්නේම රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සඳහා මිස අන් කිසිවකට නොවන බව වගකිව යුත්තන් දැන ගත යුතුය.   

ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා යනු රාජපක්ෂලාගේ දැඩි වෛරයට පාත්‍ර වී පළි ගැනීමට ලක් වූ අවංක නිලධාරියෙකු බවද මතක තබා ගත යුතුය. 

අනෙක් අතට ජනවාරි 8 දේදුනු විප්ලවයෙන් ස්වාධීන කොමිෂන් සභා වලට බලතල දුන්නේ කොමිෂන් සභා වල ස්වාධීන තීන්දු යලිත් වරක්  විධායක බලයකට යට කිරීමට නොවන බවද මතක් කර දිය යුතුය. අවධාරණය කළ යුතුය.  

---------------------------
by     (2016-08-14 05:06:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

thamange hathuran andunaganeemata tharam yahapalanaya kalpanakaree wiya uthuya. Nathnam bhayanaka prathivipaka walata muhuna deemata rajayata siduwiya heka. Pasuwa dukweemen wedak netha!!!!
-- by suri on 2016-08-14

මහ එවුන්ට ඕන නැත්තං අපි මක්කටෙයි නහින්නෙ.....!
-- by nuwan on 2016-08-14

ඕක ඉතිං අපේ ජානවල තියෙන ගතියක්නෙ
-- by මාලා on 2016-08-14

මේක මරාවාදී ජනාධිපති ලේකම් අබේකෝන් ගොයියගේ වැඩක්
-- by Renuka on 2016-08-15

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links