~

‘දිය පට්ට ඩාන්ස්‘ හෙවත් පාද(ඩ) යාත්‍රාවේ දෙවන දවසේ වාර්තාව (Video)

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.29, ප.ව‍‍‍‍‍‍.11.30) පාන්දර 5 ට පමණ අපගේ ලන්ඩනයේ දුරකථනය නාද විණ. එහා පැත්තේ සිටියේ මාධ්‍ය මල්ලි කෙනෙකි. 

‘‘ඔයගොල්ල කීව හරි අයියේ මේ පාද යාත්‍රාව පුස්සක් තමයි..‘‘

‘‘ඔයා කොහෙද ඉන්නෙ මල්ලි..?‘‘

‘‘අපි කොළඹ ඉඳන් උතුවන් කන්දට ඇවිල්ල ඉන්නෙ. පාද යාත්‍රාව අද පටන් ගන්න තියෙන්නෙ එතනින්. ඒත් තාම සෙනග 1500 ක් වත් නෑ. ඒ නිසා සෙනග එනකම් පටන් ගන්නෙ නැතිව ඉන්නවා. දැන් යන්න තියෙන වෙලාව පැයක් පරක්කු වෙලා..දැන් ලංකාවේ වෙලාව උදේ 9  හමාරයි..‘‘ මාධ්‍ය මල්ලි කියාගෙන ගියේය.

රාජපක්ෂලාගේ පාද(ඩ) යාත්‍රාව සමග එන ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් ගතිමු. ඔහු කීවේද එම කතාවම ය. 

රාජපක්ෂ හොරුන්ගේ පාද(ඩ) යාත්‍රාව පැයකට පමණ පසු උතුවන් කන්දෙන් පිටත් විය. ඊයේ සිටි ජනතාවගෙන් බාගයක් වත් ආරම්භයේදී සිටියේ නැත. එම පිරිස වැඩිපුර තිබ්බද 1500 කට අඩු විය. ආරම්භ වෙනවාත් සමග නාමල් රාජපක්ෂ කොහේදෝ සිට මතු විය. මඳ දුරක් පාද(ඩ) යාත්‍රාව සමග පයින් ආ නාමල් පසුව අතුරුදහන් විය. යළි ඔහු දකින්නට ලැබුනේ පාද(ඩ) යාත්‍රාව අද අවසන් වූ නෙලුම්දෙනිය ආසන්නයේ දී ය. අතර මග කෑගල්ල වැනි ස්ථාන වලදී වැඩි පිරිසක් පාද(ඩ) යාත්‍රාවට එක්වූහ. ඒත් ඒ පිරිස 2000 කට මඳක් වැඩි වූවා මිස ඊයේ තරම් නොවිණ.

ඊයේ ජීප් යාත්‍රාවෙන් පාද(ඩ) යාත්‍රාවට සම්බන්ධ වූ මැදමූලන නාකි මෘග චෞරයා ඒ ගැන විවේචන එල්ල වීම නිසාම ඔහු ආරම්භයේ සිට මීටර් 600 ක් 700 ක් පමණ පයින් ගමන් කර පසුව වාහනයක නැගී අතුරුදහන් විය.

විමල් වීරවංශගේ තත්ත්වයද එලෙසමය. සෙනග සිටින ස්ථානයක දී වාහනයෙන් බැස ඔවුන් සමග ටික දුරක් යන ඔහු ඉන්පසුව වාහනයේම නැගී අතුරුදහන් වන්නේය. 

ගම්මන්පිල මෙහි අංක එකය. පාද(ඩ) යාත්‍රාව නැරඹීමට මග සෙනග ටිකක් රැස්ව සිටින්නේ කොහිද ඔහු වාහනයෙන් බැස එ් අසල මඳ දුරක් ගමන් කොට යලිත් වාහනයට නගින්නේය. 

ඒකාබඩ්ඩ විපක්ෂය යැයි කියා ගත් මෘග චෞරයන්ගේ නාසික සද්ද වාහිනිය වන දිනේෂ් ගුණවර්ධන ඊයේත් අදත් ආගිය අතක් නැත.

ජාතික ආණ්ඩුව වසර දෙකක් නොව වසර 5 ක්ම පවත්වාගෙන යනවා යයි එජාප ශ්‍රීලනිප ලේකම්වරුන් විසින් ඒකාබද්ධව කරන ලද ප්‍රකාශයත් ජනපති අගමැති දෙදෙනාද ඒ මතයම ප්‍රකාශ කිරීමෙන් ද පසු ලඟ නැවීමට බලාගෙන සිටි චෞර චෝදනා නැති රාජපක්ෂවාදී දේශපාලුවන්ගේ බලාපොරොත්තු සුන් විය. රාජපක්ෂලා උනට දී තිබූ ලණුව වූයේ වසර දෙකකින් පවතින ජාතික ආණ්ඩු ගිවිසුම අහවර වන බවත් ඊට පෙර වසර එක හමාරකින් රාජපක්ෂ කල්ලියේ බලය පෙන්වා ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ගලවා වෙනම ආණ්ඩුවක් හදන බවත්ය. ඒ ලණුව ගිලගෙන සිට, ලේකම්ලා දෙදෙනාගේ ප්‍රකාශයෙන් පසු අන්ද මන්ද වී සිටින චෞර චෝදනා නැති ශ්‍රීලනිප දේශපාලකයන් දැන් මෛත්‍රී සමග සාකච්ඡා කරති. එවන් අයෙකු අද පාද යාත්‍රාවේ දකින්නට ලැබුණු නමුත් මාධ්‍ය කැමරා වලට සැවොම මුහුණ දාගන්නට වලිකද්දී එකී දේශපාලකයා මාධ්‍ය කැමරා වලින් සැඟවෙනු දකින්නට ලැබිණ. ඔහුද පාද(ඩ) යාත්‍රාවේ යනවාට වඩා ගියේ රෝද යාත්‍රාවේ ය.

බහුතර ජනතාවකගේ කලකිරීමට කාරණයක් වී තිබුනේ පාද(ඩ) යාත්‍රා නායකයන් පයින් නොගොස් තමන්ව පයින් දක්කා උන් වාහන වල නැගී යෑමයි. සල්ලි දී රැගෙන ආ දුප්පතුන් පිරිස පමණක් කට්ට කාගෙන පයින් යන්නෝය.

චෞරයන්ගේ මෙම අදේශපාලනික පාද(ඩ) යාත්‍රාවේ පොදු ලක්ෂනයක් වූයේ කිසිදු දේශපාලනික සටන් පාඨයක් නොතිබීමයි. ඔව්හු රනිල්ට ගොනා කියමින් ආතල් ගත්හ. රනිල්ට ගොනා කියමින් අප්පුඩි තලද්දී නාමල් රාජපක්ෂ කැපූ පණුවා සේ නටන්නේය. රනිල් නම් ඇත්තට නීතිඥ විභාගය සමත් වූ නීතිඥයෙකු වන නමුත් හොරට නීති විභාගය ලියා පාස් වූ හොර පෙරකදෝරු නාමල් ‘ගොන් රනිල්‘ කියමින් නටන විට ශිෂ්ඨාචාරගත ශ්‍රී ලාංකිකයාට පුදුමාකාර අපුලක් ඇති වීම වළකාලිය නොහැකිය. මන්ද යත් රනිල්ගේ අංක එකේ තරහා කාරයා වුවද රනිල් ගොනෙක් යයි නොකියන නිසාය. (මෙහි ඇති වීඩියෝවෙන් අප කියන කතාව තහවුරු වේ.) 

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අපූරු කතාවක් කියා තිබිණ.

‘‘මම නම් ජනාධිපති ධූරයේ ඉඳලා ආයිත් ආපහු මට ආණ්ඩුවක් ඕනැයි කියලා කකුල් දෙකේ දිය පට්ටා එනකං පයින් යන්නේ නෑ. අවුරුදු 11 ක් හරියට ආණ්ඩු කෙරුව නම් ආපහු දිය පට්ටා එනකං ඇවිදින්නේ මොකටද ආණ්ඩුවක් ඉල්ලලා. “ ජනාධිපති වරයා නිවැරදි ප්‍රශ්නයක් අසා තිබිණ.

පාද(ඩ) යාත්‍රාව ගැන දකුණේ පැරණි දේශපාලනඥයෙකු අද සවස ලන්ඩනය අමතා කරන ලද විමසීමකට අප දුන් පිළිතුරකින් මේ ලිපිය නිමා කරමු.

පාද(ඩ) යාත්‍රාව කොළඹින් නිමාකරන දවසේ කිරිබත්ගොඩට ලක්ෂ 3 ක් ගෙන්වා ඒ පිරිස සමග කොළඹ වටලන බවට ඩලස් අලහප්පෙරුම ඇතුළු රාජපක්ෂ හොරු කල්ලිය ප්‍රචාරයක් ගෙන යන බවත් එහි සත්‍යතාවය කුමක්දැයි දකුණේ දේශපාලනඥයා අපගෙන් විමසීය.

අප ඔහුට දුන් පිළිතුර මෙසේය.

‘‘මහත්තයෝ පසුගිය මැයි 1 වෙනිදා රාජපක්ෂලාට කිරුලපොනට ගෙන්වන්න පුළුවන් වුනේ 15000 යි.. හෙට ඊටත් වඩා අඩු වෙනවා මිසක වැඩි වෙන්නේ නෑ.. ලක්ෂ 3 ක් නොවෙයි ඉන් දහයෙන් එකක් ගෙනාවොත් ඩලස්ට අපි මේ ලංකා ඊ නිව්ස් එක නොමිලේ පරිත්‍යාග කරනවා.. මහත්තයෝ ගඟක් ආපසු ගලන්නේ නෑ වගේම සමාජයකුත් ආපස්සට ගලන්නේ නෑ.. , යුද්දයක් කියලා ත්‍රස්තවාදීන් නොවූ අහිංසකයන් කප්පම් වලටයි අරකටයි මේකටයි කියලා දහස් ගාණක් මරා දාපු , ලංකාවේ හිටපු හොඳම පත්තර කර්තෘ කෙනෙක් වෙච්චි ලසන්ත, අපේ එක්නැලිගොඩ මරා දාපු, ලංකාවේ හිටපු හොඳම සෙන්පතියා වෙච්චි ෆොන්සේකා බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් හිරේ දාපු, ලංකාවේ හිටපු පළමු අගවිනිසුරුවරිය බැල්ලියක් වගේ එළවලා දාපු, ලංකාවේ හිටපු පළමු පෙළේ වියපත් ව්‍යාපාරිකයා කොතලාවල හිරේ දාල ඒ මනුස්සයාගේ දොපොල මංකොල්ලා කාපු, ලංකා ඊ නිව්ස් අපේ වගේ ආයතන ගිනි තියපු, නිදහසින් පස්සේ ලංකාවෙ සියළුම ආණ්ඩු ගත්ත ණය වගේ 4 ගුණයක ණය, ඒ කියන්නේ කෝටි ලක්ෂ 9 ක ණය අරන් ගොඩ එන්න බැරි ණය උගුලක රටම ගිල්ලපු, කටුගේ පවා කඩලා පෞරානික දේ හොරකම් කරපු, ෆොන්සේකා හිරේ දාපු වෙලාවේ මහනායක හාමුදුරුවරුන් සංඝ සාකච්ඡාවක් තියන්න ගියහම දළදා මළුවේ බෝම්බ පුපුරාවි කියලා මහනායක හිමිවරුන්ට තර්ජනය කරපු, තමන්ගේම උපදේශකයා මිත්‍රයා භාරත ලක්ෂ්මන් මරා දාපු, කම්කරුවො ශිෂ්‍යයො ධීවරයො විතරක් නොවෙයි වතුර ඉල්ලපු මිනිස්සු පවා වෙඩි තියලා මරා දාපු රාජපක්ෂලා වගේ මෘග වෘක්ෂ සුනඛයන් රැලකට ලංකාවේ මිනිස්සු ආයිත් බලයක් දෙන්නේ නෑ මහත්තයෝ.. උන් බලය ගනීවි කියලා මිනිස්සු බයයි. උන් පයින් එනකොට ‘ජයවේවා‘ කියන්නේ කැෆේ කාරයා වගේ වල් බල්ලෙක් විතරයි.. ඒ නිසා බයවෙන්න එපා... රාජපක්ෂලාට ආයිත් කවදාවත් ලංකාවේ දේශපාලන බලයක් ලබා ගන්න හම්බ වෙන්නේ නෑ..“

දිය පට්ට ඩාන්ස් වීඩියෝව බලන්න 

---------------------------
by     (2016-07-30 01:35:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

dhan janathawata pada karayange boruwa therenawa.Un minissunta penna tikak payin avida car eken yanawa. eka nodanna ravatuna aya payin yanawa. May wanchawa theruna minissu pada charikawa pilikulen hela dakinawa!!!! Mowunta lanka desapalana anagathayak neha. Hemadama boruwa beha!!!!
-- by suriyage on 2016-07-30

Best ever name for this dance "DIYA PATTA DANCE" I couldn't stop laughing while watching that stupid steps!!!
-- by Asoka on 2016-07-30

unuwelada obe pdupul asena elawadamme hora thakkadi palane// rakadennata me sambudu deepene denna epa horunta rata dewene//
-- by wimalasiri on 2016-07-31

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links