~

භාරත ඝාතන තීන්දුවෙන් දුමින්ද ගලවා ගැනීමට සරත් එන් සිල්වා කුමන්ත්‍රණයක: කුඩු සල්ලි ඕසෙට: විනිසුරු අයෙක් බාගෙන: අයෙක් වැට උඩ

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.25, පෙ.ව‍‍‍‍‍‍.5.45) භාරත ලක්ෂ්මන් ඝාතන චූදිත ආර්. දුමින්ද සිල්වා චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණමය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇතැයි ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

මෙම නඩුව විභාගය අවසන් වී දැන් ඇත්තේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ය.  නඩුව විභාග වූයේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය. එම විනිසුරු මඩුල්ලට සභාපති ශිරාන් ගුණරත්න, පද්මිණී රණවක ගුණතිලක සහ එම්.සී.බී.එන්.මොරායස් යන විනිසුරුවරුන් තිදෙනා අයත් වූහ. 

ආර්.දුමින්ද සිල්වා ගලවා ගැනීම වෙනුවෙන් අධිකරණ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ කුප්‍රකට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා වන අතර සභාපති ශිරාන් ගුණරත්න යනු සරත් නන්ද සිල්වා විසින් විනිසුරුවෙක් ලෙස බව්තීස්ම කරන ලද අයෙකි. ඍජුවම සරත් නන්ද සිල්වා වාදියෙකි. එබැවින් ඔහු මේ වන විටත් සරත් නන්ද සිල්වාගේ වුවමනාව අනුව ආර්.දුමින්ද සිල්වා නිදහස් කිරීමට තීරණය කර තිබේ. 

අනෙක් දෙදෙනාගේ මතය තීන්දුව කෙරෙහි ලා වැදගත් වන අතර සරත් එන් සිල්වා සහ දුමින්දගේ කළු සල්ලි ක්‍රියාත්මක වෙමින් මේ වන විට පද්මිණී රණවක ගුණතිලකට දැඩි බලපෑම් එල්ල වී තිබේ. කෙසේ වෙතත් ඇය තවමත් ඉන්නේ වැට උඩ බව දැනගන්නට ඇත. මොරායස් විනිසුරුවරයා නම් දුමින්ද සිල්වා වැරදි කරු බවට දැනටමත් තීන්දු කර ඇත. එසේ නමුත් තීරණාත්මක වන්නේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක බහුතර මතය බැවින් පද්මිණී රණවක ගුණතිලකගේ ‘වටිනාකම‘ සිල්වලාට බොහෝ සෙයින් ඉහල ගොස් ඇත. නඩු තීන්දුව සැප්තැම්බර් මුල් සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.  

---------------------------
by     (2016-07-25 00:29:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

මිනීමරු දුමින්ද සිල්ව නිදහස් කලොත් ඌත් මැරුම් කනව, නිදහස් කියල තීන්දු කරපු උනුත් මැරුම් කනව. එතකොට ඉතිං කීයක් ගත්තත් වැඩක් නෑ!
-- by Brayan Gomuz on 2016-07-25

මේ නඩු කාරිය මුදලට යට උනොත් ජාතියේ නාමයෙන් මර දැමිය යුතුය
-- by gamarala on 2016-07-25

මෙම ප්‍රවර්තිය සම්පුර්න සත්‍යකි. මෙමෙ ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටින්නෙ ඩීල් වලට අග තැම්පත් කුනුවු සැරව ගෙඩියක් සේ ගද ගසන සරත් සිල්වා ගේ පඩයක් පවා සුවදය් කියමින් උගේ පසු පස ගිය පරාක්‍රම බන්දුල කරුනාරත්න යන වසල බල්ලාය. මොහු කොය් තරම් පන්දම් කරයෙක්ද යන්න අදිකරන සේවකයෝ දනිති. මූ මුලින්ම ඩීල් එක දාන්න ගියේ චමත් මොරායස් ගේ දුවට රෙනොර් සිල්වා හරහා fashion design ශිශ්වත්වයක් අරන් දිමට උත්සහා කිරිමෙනි. නමුත් ඒක මේ වතාවේ හරිගියේ නැත. දැන් වෙන ක්‍රමයක් සොයමින් සිටි.
-- by මහනිල් on 2016-07-25

මේ ඩීල් එක දාන්න බන්දුල කරුනාරත්නට උපරිම සහයෝගය දෙන්නේ සරත් සිල්වා ගේ හොදම ගොලයාවූ පියරත්න මුතුකුමාරන හරහාය. බන්දුල කරුනරත්න මහනුවර මහාදිකරන විනිසුරු කලේ සරත් සිල්වා අනියම් බිරිදත් එක්ක එනකොට නිදි වදින්න බන්ගලාව දුන්නේ බන්දුල කරුනාරත්නය. මේ අවදියේ මේ ඩීල් වලට මදිහත්කාරයා පියරත්න මුතුකුමාරන හෙවත් සරත් සිල්වා සේවා දිගු 4 ලබාදී තියාගත් රෙජිස්ට්ට්‍රාර් පියරත්න සහ සරත් සිල්වාට බඩු සැපයූ කොලඹ මහදිකරන විනිසුරු බන්දුල කරුනාරත්නය
-- by Chamath Morayas on 2016-07-25

රටේ නීතිය මහරජා කියන විදියට විනාශ කලේ සරත් සිල්වා කියන එකයි. මූට හෙන හතම ගහපිය!!
-- by narada on 2016-07-26

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links