~

හෙන කඳයා සේ හිරේට ගිය බැසිල් හදිසියේ මළ කඳයා වී රෝහලට..! ජනතාවට නීතියට කොකා පෙන්වන දොස්තර මාෆියා කරුවන් මෙන්න: කොකාට පාලම පෙන්වීමට එන්න

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.20, පෙ.ව‍‍‍‍‍‍.6.20) ලංකාවේ නීතිය මහජනතාව අතර බාල්දුවට සහ විහිලුවට ලක් කරමින් 18 දා පෙරේදා හෙන කඳයෙකු සේ ඉහෙන් බහින අමාරුවක් නැතිව රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය බැසිල් රාජපක්ෂ පැය 24 ක් ගතවීමටත් මත්තෙන් 19 දා ඊයේ සවස “හදිසියේ මරණාසන්න ලෙස අසනීප වී“ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

ඔහු මේ වන විට ජාතික රෝහලේ 15 වෙනි වාට්ටුවේ “ප්‍රතිකාර“ ලබමින් සිටී. (එය ගෙවන වාට්ටුවකි)

මේ නාටකය මෙසේ වන බව ලංකා ඊ  නිව්ස් ඊයේම පුරෝකථනය කරමින් වාර්තා කර සිටියේ “හෙට අනිද්දා මහනුවර සිට කොළඹට පා ගමනින් ඒමට සූදානම්ව සිටි බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය වහාම අසනීප වී රෝහල් ගත වේදැයි ජනතාව බලා සිටිනු ඇත.“ යනුවෙනි. ඒ එසේම සිදුව තිබේ.

ලංකාවේ නීතිය බල්ලා මාර්ක් එකට දමන මෙම දූෂිත ක්‍රියාවලිය ගැන ලංකා ඊ නිව්ස් සොයා බලද්දී මෙයට වග කිව යුත්තේ අන් කිසිවෙක් නොව මාරපුත්‍ර පාදෙණියගේ වෛද්‍ය මාෆියාව බව හෙලිවිය. 

බන්ධනාගාර රෝහල සහ එහි වෛද්‍යවරුන්ගේ පාලනය පවතින්නේ බන්ධනාගාර කොමසාරිස් වරයා යටතේ නොවේ. එය පවතින්නේ කොළඹ ජාතික රෝහල යටතේ ය. 

රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන රැඳවූවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තා කරන්නේ වෛද්‍ය නිහාල් සේනාධීර නමැත්තෙකි. නිහාල් සේනාධීර, බැසිල් රාජපක්ෂ රෝගියෙකු යැයි නිගමනය කර බන්ධනාගාර රෝහලට ඇතුලත් කළ යුතු යැයි නියෝග කර තිබේ. ඉන්පසු බන්ධනාගාර රෝහලේදී බැසිල් රාජපක්ෂ පරීක්ෂා කර ඔහු බන්ධනාගාර රෝහලේවත් තබා ගත නොහැකි තරමේ “අසාධ්‍ය රෝගියෙක්“ බව නිගමනය කර ජාතික රෝහලට ඇතුලත් කළ යුතු යැයි නියෝග කර ඇත්තේ බන්ධනාගාර රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් වන සුජීවා ජයවර්ධන නමැත්තිය ය.

මේ දෙදෙනාම සේවය කරන්නේ බන්ධනාගාර රෝහල බාරව සිටින ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වන විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ජයමාන්න යටතේ ය. අවසාන අනුමැතිය දෙන්නේ ඔහුය. 

බන්ධනාගාර රෝහල කොළඹ ජාතික රෝහල සේම සියළු පහසුකම් වලින් සමන්විත රෝහලකි. ශල්‍යාගාරයක් රසායනාගාරයක් ආදී පහසුකම් වලින් සමන්විත එහි වාට්ටු 23 කි. 3 ක් කාන්තා වාට්ටුය. එබැවින් මරණාසන්න රෝගියෙකු හැර අන් රෝගියෙකු ජාතික රෝහලට යැවීමට අවශ්‍යතාවයක් නැත. 

නමුත් මෙහි සේවය කරන ප්‍රධානියා වන විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ජයමාන්න නමැත්තා නීල කාස පගා මරුවෙකි. දූෂිතයෙකි. මොහු මෙහි සේවය කරන්නේ වසර ගණනාවක් තිස්සේ ය. මාරු කළද යලිත් එතැනටම මාරුවීම හදා ගැනීමට තරම් ඔහු බලවත් ය. 

මේ දිනවල තෝරුන් මෝරුන් සිරගත වෙද්දී ලක්ෂ්මන් ජයමාන්න පගා මරුවාගේ කල්ල මරේය. සිරකුටිය රෝහල් ඇඳක් බවට පත් කර දීමට මොහු ලබා ගන්නා අල්ලස් මුදල් අනෙකුත් වෛද්‍යවරුන් අතරේද බෙදී යයි.

මෙම වෛද්‍යවරුන් මාරු කිරීමට සොෟඛ්‍ය අමාත්‍යාංශයටවත් නොහැකිය. වෛද්‍යවරුන්ගේ මාරු වීම් කළ යුත්තේ මාරපුත්‍ර පාදෙණියගේ වෛද්‍ය සංගම් මාෆියාවේ අනුමැතිය මත ය. එසේ අනුමැතිය නොදීම නිසා රජයේ රෝහල් 37 ක් වැසී ගොස් ඇතැයි සෞඛ්‍ය ඇමැතිවරයා පසුගියදා හෙලිකෙළේය. 

රාජපක්ෂලාගේ පශ්චිම භාගය ලෙවකන පාදෙණිය බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ සැනින් තම මාෆියා ගජයන් ලවා ඔහු අසාධ්‍ය රෝගියෙකු කරවා ජාතික රෝහලට යවන්නේය. එතැන සිටින මාෆියා කරුවන් ඔහුට ගෙවන වාට්ටු පහසුකම සලසා දෙන්නේය. ඉන්පසුව බැසිල් ගෙවන වාට්ටුව තම කාර්යාලය කරගනිමින් අපූරුවට දේශපාලනය කරන්නේ ය. 

කොකාට පාලම පෙන්වන්න එන්න

රටේ දුප්පත්ම ජනතාවගේ මුදල් තුන් කෝටි 65 ලක්ෂයකට වඩා තම අප්පාගේ බූදලය සේ වියදම් කර අයියාගේ ඡන්දෙට කොඩි කණු සැපයූ තක්කඩියාට මෙලෙස නීතිය බල්ලාට දමා රජ සැප දෙන්නේ මහජන මුදලින් ඉගෙන ගත් සුනඛ දොස්තරලා ය. විශේෂඥ වෛද්‍ය වරයෙක් යමෙකුට අසනීපයක් තිබෙනවා යැයි කීමෙන් පසු “නෑ එහෙම නැතැයි“ කීමට විනිසුරුවරයෙකුටවත් නොහැකිය.  මේ වාසිය දඩමීමා කරගෙන මොව්හු ජනතාවට ‘කොකා පෙන්වති‘. ජනතාව සැමදාම මොවුන්ගේ ‘කොකා‘ දෙස බලා නොසිටින අතර දිනෙක ‘කොකාට පාලම‘ පෙන්වනු ඇත. 

මහජන මුදලින් උගෙන නීති ගරුක මහජනතාවට ‘කොකා පෙන්වන‘ බන්ධනාගාර රෝහල බාර නීච දොස්තර ලක්ෂ්මන් ජයමාන්නගේ දුරකථන අංකය 0777 77 57 58 වේ. ‘කොකාට පාලම‘ පෙන්වීමට කැමැති මහජනතාවට මොහු ඇමැතිය හැකිය.

රටේ නීතිය බාල්දුවට ලක්කරමින් දූෂිත හෙණ කඳයන් අසාධ්‍ය රෝගීන් ලෙස වෙස් ගන්වමින් ජනතාවට කොකා පෙන්වන දොස්තර මාෆියාවට අප අනතුරු අඟවන්නෙමු. හොරුන්ට සහ හොරකමට එරෙහිව ජයගත් බහුතර ජනමතය සමග සෙල්ලම් කරන්න එන්න එපා.. මේ ‘කොකා පෙන්වීම‘ නතර කළ යුතුමය. දැනට හෙලි කෙළේ තිදෙනෙකුගේ නම් සහ නායකයාගේ නම සහ දුරකථන අංකය පමණි. ඉදිරියේදී සියළු මාෆියාකාරයන්ගේ නිවෙස් වල ලිපිනයන් ද, පවුල් වල තොරතුරු ද ඇතුළු සියලු තෝම්බුව හෙලි කරන්නෙමු. එවිට ජනතාවට ‘කොකාට පාලම‘ පෙන්වීම පහසු වනු ඇත. 

---------------------------
by     (2016-07-20 20:23:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  18 discussion on this news

Basil kochchara horekda kiyala penawa mey hasireemen. Nuwara indala kolombata avidinna puluwan ekata , remand karapu gaman asadyai. Doshorala penala denawa! Minisunta me prodawa theruna dawasata munta aththatama asadya wenawa!!!!
-- by suri on 2016-07-20

Doctors; Lawyersla okkoma eka
-- by Arjun on 2016-07-20

number ekata gaththa huththige putha kiyanna witharayi hamba une
-- by gamarala on 2016-07-20

මම නං ඔය වැඩේට සතුටුයි, මොකද කියනවනං ආයිත් සැරයක් රටේ මිනිස්සුන්ට දැන ගන්න ලැබුන මේ පාදඩ දේශපාලකයො කවුද කියල, ඒ වගෙම මුන්ගෙ ජඩ වැඩවලට අනුග්‍රහය දෙන පාදඩ වෙද්දුන්ගෙ ක්‍රියා කලාපය!
-- by Dias on 2016-07-20

ඔය පාදෙනිය කියන පාදඩය කවද හරි මැරෙන්නෙ පිළිකාවකින්...
-- by දම්මි on 2016-07-20

සුජීවා ජයවර්ධන kiyana belli kawda? tp number?
-- by Perera on 2016-07-20

බන්ධනාගාර රෝහල දොස්තරලට ධන නිධානයක්! පකදෙනියගෙ කල්ලියෙ වෙදාල කීප දෙනෙකුටත් හොද්ද බොරයි!
-- by ජේලර් on 2016-07-20

බන්ධනාගාර ගත වුනු සාමාන්‍ය පුද්ගලයෙක් බන්ධනාගාර රෝහලට දාන්නෙ බැරිම තැන, ඒ කියන්නෙ හුගාක්ම අසාධ්‍ය උනාට පස්සෙ. එතෙන්දි හරි ප්‍රථිකාරයක් කරන්නෙත් නෑ හිරකාරයොයි කියල. හැබැයි මේ පාදඩයින්ට ඉහෙන් බහින ලෙඩක් නැතුවත් ගෙවන වාට්ටුවල සැප ගන්න කාලකන්නි පාදඩදෙනියගෙ කල්ලිය ඉඩ හදල දෙනව...
-- by සොයිසා on 2016-07-20

සුජීවා ජයවර්ධන බැසිල්ගෙ ලිංග පරීක්ෂාවක් කරලද දන්නෑ එහෙම තීන්දු කොරේ.
-- by වජිර on 2016-07-20

Mokakwath newe oya pennanne okunge pawul wala thiyena wanachara kama!
-- by wanacharaya on 2016-07-20

As Sri Lankans we have contributed to have those crooks medical degrees. This is very serious situation and it’s a shame even the government cannot do anything for those Mafia doctors illegal activities. Lawful Sri Lankans should get together and take necessary actions to send these mafia doctors home.
-- by Daninder on 2016-07-21

I called Dr Jayamanne.
-- by Daham on 2016-07-21

Rate janathawa venuwen penee sitinaba kiyamin kegasanne kopamana hora thakkadi dostaralada relakda? Hora deshapaluvo genanam katha kireemath apagema buddiyata karaganna lajjawaki.Namuth, deshapaluvange charyawa honda nethinam janathawata buddimathwa theeranaya karala labana para ovunta chande nodee ovunwa paraddanna puluwankama hari thiyenawa. Eth me hora thakkadi GMOA dostara mafia karayo ahinsaka ape badu mudalin igena gena apitama koka penwana ekata ovunta denna puluwan danduwama kumakda???
-- by Rathna on 2016-07-21

Demavupiyange dhanayen tuition aran A/L pass wena eka hondai, lamai private/international schools yana eka hondai, demaupiyange dhanayen anith siyalu upadi ganna ekath hondai eth private medical college gihin igena gaththoth eka vishala aparadayak kiyala JVP saha GMOA apita uganwanna hadanne api modayo kiyala hithagena wenna ethi. Rajaya saha janathawa sahaya diya yuththe private medical colleges/universities ethi kara rate adyapana ha saukya getalu visandeematai. Ethakota sudusukam sahitha, igeneemata kemathi, gasthu kese ho dereemata hekiyawa ethi daruvo boho denek evata giyoth duppath ape badu mudalata niyama watinakamak lebena paridi govt. universities/ medical colleges wala thathwaya usas karannath hekiyawa lebenawa.Loke siyalu sanwardanaya vuoo ratawal diunu wela thiyenne ese kireemeni.
-- by Ray on 2016-07-21

මැදමූලනේ මෘග චෞර රාජපක්ෂලා විසින් තම වනචර දශකයක පාලන කාලය තුළදී සොරකම් කරන ලද මහජන මුදලින් සහ අයථා ලෙස රැස් කර ගන්නා ලද මුදලින් රුපියල් කෝටි හතලිස් දහසකට (රු. කෝටි 40,000 කට) හෙවත් රු. බිලියන 400 කට අධික දේපල ප්‍රමාණයක් තමන් සන්තක කර ගත්හ.එසේ වී නමුත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හෙවත් FCID යට රාජපක්ෂ චෞරයන්ගේ ලංකාවේ තිබෙන දේපොල ප්‍රමාණයෙන් මෙතෙක් සාක්කි සහිතව ඔප්පු කර ගත හැකි වී ඇත්තේ කෝටි 287ක් තරම් සුළු ප්‍රමාණයක් පමණි.
-- by tikiri banda on 2016-07-22

දේශප්‍රේ+මීයා බැසිල් තුමා, උඹ මතක තියාගනින් ගෙවන වාට්ටුවෙ හිටියත් ඉන්නෙ රටේ දේපල වංචාකරපු හිරකාරයෙක් විදියට බව!
-- by අබය on 2016-07-22

ගෙවන වාට්ටුවට ගෙවන්නෙත් උගේ බූදලෙන් නෙවේ අපෙන් හොරකං කරපු සල්ලි වලින්
-- by migara on 2016-07-23

මේ හිරකාරය ගෙවන වාට්ටුවෙ ඉන්නෙ මාංචු දාලද නැත්තං ඇඳට තියල බැඳල දාලද?
-- by ksd on 2016-07-23

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links