(ලංකා ඊ නිව්ස් -2016.ජූලි.18, පෙ.ව.6.35) ‘විශාකා විදුහලට දැරියන් ඇතුලත් කර ගැනීමේ මාෆියාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙක් උදව් කරලා‘ මැයෙන් පසුගිය 16 දා ලංකා ඊ නිව්ස් පලකරන ලද ආන්දෝලනාත්මක වාර්තාවෙන් පසුවද මාෆියාවට උදව් කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න හෙවත් නීති සමාජය 'පිස්සු පූසා' ලෙස හඳුන්වන විනි-සොරා තව දුරටත් එකී අසමජ්ජාති ක්‍රියාවේම යෙදුනු පුවතක් ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
විශාකා විදුහලට සියලු සුදුසුකම් තිබියදී විදුහල්පතිනිය සහ ආදි ශිෂ්‍යාවන්ගේ මාෆියාව විසින් ඇතුලත් කර නොගත් දැරියකගේ දෙමාපියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගෙන මේ වන විට ඇත්තේ එහි තීන්දුව දීමය. එහි විනිසුරු මඩුල්ලේ සිටින සිසිර ආබෘෘ විනිසුරු වෙත පෙර කී ‘පිස්සු පූසා‘ දැඩි ලෙස බලපෑම් කරමින් මාෆියාවට පක්ෂව තීන්දුව දෙන ලෙස බලකර තිබේ. සිසිර ආබෘෘ විනිසුරුවරයා වැනි මධ්‍යස්ථ මතධාරී ශික්ෂනයක් සහිත විනිසුරුවරයෙකුට පවා බලපෑම් කරන මේ පිස්සු පූසාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම අගවිනිසුරු තුමන් සතු වගකීමකි.
විනිසුරු උපාලි අබේරත්නගේ දියණියන් දෙදෙනා වන මිහිරි අබේරත්න සහ ඉසිරි අබේරත්න දෙදෙනාම විශාකා ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයේ ක්‍රියාකාරිනියන් වන බවත් විනිසුරු බුවනෙක අලුවිහාරේගේ බිරිඳ ලිලන්ති අලුවිහාරේ ද ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයේ ප්‍රබල නිලධාරිනියක් වන බවත් එසේ ලබැඳියාවන් තිබියදී මෙම විනිසුරුවරුන් දෙදෙනා විශාකා විදුහලට බාර ගත නොහැකි යයි ප්‍රතික්ෂේප කරන ලද දැරියන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට පැන පැන සම්බන්ධ වෙමින් අසාධාරණ නඩු තීන්දු දෙමින් තම දියණියන් සහ බිරිඳ ගේ ආදි ශිෂ්‍ය සංගමයට සහ විදුහල්පතිනියට වාසි වෙන අන්දමට ක්‍රියා කරන බවත් ලංකා ඊ නිව්ස් පළමු පුවතින් හෙලි කර සිටියේ ය.
අලුත්කඩේ පැත්තේ බල්ලෝ නම් කච්චිය පිච්චියට ගියත් යන්නේ හෙලුවෙනි. දැන් දැන් පිස්සු පූසන් ද හෙළුවෙන් යනවා දැකිය හැකි වී තිබේ. නමුත් විනිසුරු ලෝගුවකට කච්චියක රෙදි අවශ්‍ය වන්නේ නැත.
---------------------------
by (2016-07-18 12:14:58)
Leave a Reply
You wrote "සිසිර ආබෘෘ විනිසුරුවරයා වැනි මධ්‍යස්ථ මතධාරී ශික්ෂනයක් සහිත විනිසුරුවරයෙකුට පවා බලපෑම් කරන මේ පිස්සු පූසාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම අගවිනිසුරු තුමන් සතු වගකීමකි." This is the same corrupt judge you wrote so many articles against when he was accused of rape and harrasments etc., isn't it? Then how can you now write that he is a good judge? I am little confused about your opinion now.
-- by Tissa Abeyratne on 2016-07-18
තිස්ස අබේරත්න මහත්මයාණෙනි.. ඔබ පටලවාගෙන ඒ ස්ත්‍රී දූෂක විනි-සොරා සිසිර ආබෘෘ නොවේ. ඔහු සරත් ආබෘෘ ය.
-- by LeN on 2016-07-18
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි