~

• මහබැංකු අධිපති පත්කිරීම අද නෙවේ හෙට? -පුවතක් -“මිස්ට ක්ලීන් අනාගතය අනාගන්නෙ නම් හෙට නෙවේ අද“

පොර ටෝක් සහ කොර ටෝක් අංක -102

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.30, ප.ව‍‍‍‍‍‍.8.50)

‍• හොඳ වාහන නැතුව ජනතා සේවයට ගිහිං බෙල්ලෙ ඇටයක් ගෙවිල- විජිත් විජයමුනි
-එක්කෝ මේකා ඇවිදින්නෙ බෙල්ලෙන් නැතිනම් ඇටෙන්

• ගෝඨාභය ආරක‍්ෂක ලේකම් කළ යුතුයි -බෙංගමුවේ නාලක 
-ඒකට කලින් මහින්දව ජනාධිපතිත් කරන්න එපායැ ලොක්කො 

• මහ බැංකු අධිපතිට අභූත චෝදනා කිරීම බරපතල අපරාධයක් -ලක‍්ෂ්මන් කිරිඇල්ල 
-ඕන ගොනෙක් ද ඒකටත් පත්කර ගත්තෙ?

• මේ සම්මජාතියෙදි රාජපක‍්ෂලා එක්ක ආණ්ඩු හදන්නෙ නෑ - මෛත්‍රීපාල සිරිසේන
-ආප්ප කන්නෙත් නෑ

• යහපාලනයට කකුලෙන් අදින්නෙ ජනපති කාර්යාලයේ අරක් ගත්තු බහිරවයො -පුවතක්
-ආපහු කුරුඳු පොලු පාර දෙන්න වෙයි වගේ

• ඩබල් කැබ්වල ජනතා සේවයට ගිහිං අපේ මාම දොඩංගොඩ පැරලයිස් වුනා -චන්දිම වීරක්කොඩි
-මාමල බෑනලගෙ වැඩ නිසා දකුණෙ ජනතාවම පැරලයිස් වෙලා

• ඇමතිකම් අරං ශ්‍රීලනිප අය කරන වැරදිවලට මටයි විඳවන්න වෙලා තියෙන්නෙ - මහින්ද රාජපක‍්ෂ (පා. ම.)
-ජනාධිපතිකම් අරං කරපු පාපකර්මයට මුලු රටක්ම තාම විඳවන්නෙ

• අත් අඩංගුවට ගත් කෝටි 200 ක කුඩු ඇල්ලු ස්ථානයට මෛත්‍රීපාල යයි -පුවතක්
-ඇයි මහින්දත් ගියේ ලන්සගෙ ගෙදර, හැබැයි ඒ කුඩ්ඩ බදාගන්න. මෛත්‍රී ගියේ වැඩ්ඩ බදාගන්න

• බ්‍රසීල ජනපතිට මුල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය නිසා තනතුර අහිමිවෙයි -පුවතක්
-අනේ බ්‍රසීල ජනපති තුමෝ අපේ බැංකු අධිපතිට ටියුෂන් පාරක් දෙන්න බැරිද?

• කලක් මහින්ද චින්තනයට ආවැඩූ දයාන් ජයතිලකල දැන් මෛත්‍රී චින්තනයට ඉහළින්ම ආවැඩීමට පටන් අරං -වසන්තප්‍රිය රාමනායක
-මහින්දගෙ  රෙද්ද අස්සෙ නිදිවැදපු වසන්තප්‍රියල වගේ වෙන්නැති

• මහබැංකු අධිපති පත්කිරීම අද නෙවේ හෙට? -පුවතක්
-මිස්ට ක්ලීන් අනාගතය අනාගන්නෙ නම් හෙට නෙවේ අද

• ගංවතුර ආපදාවට සහන දෙන්න රජයට සැලසුමක් නෑ -මහින්ද රාජපක‍්ෂ (පා. ම.)
-හෙල්පිං ගංවතුර ගිණුමක් දාල නැතෙයි

• නාමල් සිල් සමාදන් වෙයි -පුවතක්
-සෝවාන් වුනේ අඟුල්මල් විතරයි

• ගම්මන්පිල මුසම්මිල් සිරගත කළේ දේශප්‍රේමි නායකයන් නිසා - බෙංගමුවෙ නාලක
-ස්..ස්.. හෙමින් හෙමින්.., අර පුරන් අප්පුල වගේ උන්ට ඇහුනොත් උන් වලෙන් නැගිටල ඇවිත් තොගෙ බෙල්ල මිරිකයි
 
• මහින්දගේ වනචර යුගය පවත්වාගෙන ගිය දූෂිතයො කම්බහොරු තොග ගානට මෛත්‍රී පාලනයට අරගෙන - පුරවැසි පෙරමුණ
-ඉල්ලං කනවනම් මක්කරන්නද හිටං. ජනතාවත් එක්කම අඩි 6 ක් යටට යන්න බැරියැ.

• මට අවසන් මරණ වරෙන්තුවත් ඇවිල්ල - මු. ආනන්ද
-බුදුන්ගෙ කාලෙත් ගැරඬි මරල පව් පුරෝගත්තු අය හිටිය නොවැ ආනන්ද

• ශ්‍රීලනිප නම හොරකම් කරගෙන අලුත් පක‍්ෂයක් හදන්න යනවා අහුවෙන්න නම් එපා -දුමින්ද දිසානායක
-හොරුන්ට ශ්‍රීලනිප 2 ක් මක්කටෙයි

• වීරවංසගෙ ඕෂන්වීව් ඩිවෙලොප්මන්ට් සමාගමෙන් මාධ්‍යවේදී ප්‍රසන්න සංජීව තෙන්නකෝන් පඩි ලබාගෙන - පුවතක්
-බෝතල් පත්තර රස්සාවෙන් විතරක් පුලුවනෑ පවුල් නඩත්තු කරන්න

• පාලකයො දැහැමි නොවන විට මෙහෙම විපත් ඇතිවෙනවා -විමල් වීරවංස
-මහින්ද ලොක්කට වෙච්ච විපතට දැන් මක්කොරන්නද? 

• ජනපති මෛත්‍රීට උපදෙස් දීමට දයාන් ජයතිලක සම්මන්ත්‍රණ පවත්වයි - පුවතක් 
-ප්‍රේමදාස ට උපදෙස් දීල කනත්තෙදි ඇඳිවත නැතිවුනු දයාන් මේ පාර ඒක මෛත්‍රීට කරන්න වගේ 

• සරත් විජේසූරියත් මෛත්‍රීගෙ උපදේශකයෙක් කියල ජනපති කාර්යාලෙන් පවසනව -ඉරිදා ලංකාදීප
-කුජීත ශිරාල් ලක්තිලක වගේ වඳුරො නිසා කුරුඳු පොලු නෙවෙයි කඩුපාරයි මෛත්‍රීට කන්න වෙන්නෙ

• ජනපති මන්දිරය තුළ බංකරයක් හැදුවෙ කොටින්ගෙන් ආරක‍්ෂා වෙන්න යයි පැවසුව ද එය තුළ නාමල් නෑම්බියක් සමග සිටින ඡායාරූප මාධ්‍යයට ලැබී ඇත - පුවතක් 
-තාත්තත් ඉල්ලයි කියල බයට හදාගත්තු බංකරයට ගෙනියන්න ඇති

• අපට තියෙන කණගාටුව ජේආර් වත් නොකල දේවල් මේ ආණ්ඩුවෙන් කිරීමයි - මු. ආනන්ද
-ඇත්තනෙ, ජේආර් නම් ගෑණු සංගම්වල සිවුරු කාරයොත් එක්ක සාකච්ඡා කොරන්න බැහැම කීවනෙ

• මහින්ද මහත්තය යුද්දෙ ඉවර කරපු නිසා එතුමා නිවන් යන්න ඕන - ජෝන් සෙනෙවිරත්න
-ප්‍රභාකරනුත් එයාගේ යුද්දෙ ඉවර කර ගත්ත හින්ද දෙන්නම එක තැනකදි හම්බ වෙයි

• මං මාක්ස්වාදි නායක බොරලුගොඩ සිංහයගෙ පුතෙක් - දිනේෂ් ගුණවර්ධන
-අර යූඇන්පියේ මැරිච්ච සිංහය ද ?

-පොර ටෝක් කොර කෙළේ ගානි වාසුහේවා-

---------------------------
by     (2016-06-30 15:32:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links