(ලංකා ඊ නිව්ස් -2016.ජුනි.30, පෙ.ව.8.20) ශ්‍රේෂ්ඨාධිකරණ විනි-සොරෙක් වන උපාලි අබේරත්න හෙවත් ‘පිස්සු පූසා‘ ලෙස නීති සමාජය අතර ප්‍රචලිත මරාවාදියා සමග කුමන්ත්‍රණය කරමින් උදය ගම්මන්පිල ඇප ලබා ගැනීමට යන බව ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
උදය ගම්මන්පිලගේ නීතිඥයන් ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මෙම ගොනුකිරීමට රාජපක්ෂවාදී සට්ටැඹියෙකු විනිශ්චයාසනයට එනතුරු කල් මරමින් සිටි අතර උපාලි අබේරත්න සහ අගවිනිසුරුවරයා පමණක් (ත්‍රිපුද්ගල නොවන) නඩු අසන දිනයක් බලා එදිනට ගම්මන්පිලගේ පෙත්සම ගොනු කරන ලදී.
උපාලි අබේරත්න යනු මහින්ද රාජපක්ෂ විසින් 2014 දෙසැම්බර් 17 වෙනිදා නීති විරෝධී ලෙසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලද විනිසුරුවරයෙකි. නීති විරෝධී වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටිය යුත්තේ විනිසුරුවරුන් 11 ක් වුවද 12 වැනියා ලෙස එදින මොහුව පත් කිරීමයි. උපාලි අබේරත්න කෙතරම් මරාවාදී ද යත් ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලින් තවත් දෙදෙනෙකු සිටියදී කණිෂ්ඨයෙකු වූ අබේරත්න පත් කෙළේය.
මෙකී උපාලි අබේරත්න තම හිතවත් විනිසුරන්ට පවසා ඇත්තේ ඊයේ නඩු දිනයේදී ‘ගම්මන්පිල ඇප මත නිදහස් වන හැටි බලාගන්න‘ යනුවෙනි. ඊට සාක්කි සපයමින් ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙරේදා මෝසමක් මගින් ඔහුගේ නීතිඥයන් ඉල්ලා තිබිණ. නමුත් එවැනි ප්රතිපාදනයක් නැත. පහල අධිකරණයකින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් විභාග කරන්නේ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන්වා නොවේ. අඩුම ගණනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිරකරුවන් රඳවා තැබීමට ස්ථානයක් හෝ නැත. අනෙක් අතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ලබා දීමක් සිදු කරන්නේද නැත. රිමාන්ඩ් කිරීමක් නීතියට අනුකූල නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළද යලි ඇප ලබා ගත යුත්තේ රිමාන්ඩ් කරන ලද පහල අධිකරණයට ඉදිරිපත් වීමෙනි. ඒ සියලු දෑ දැනගෙන ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි මෝසමක් මගින් ඉල්ලා සිටියේ පෙර කී ලෙස අබේරත්න විනි-සොරා සමග කරන ලද කුමන්ත්‍රණය අනුව ගම්මන්පිලගේ වාසියට තීන්දුව දුන් පසු මාධ්‍ය සංදර්ශනය පැවැත්වීමට ය.
නමුත් ඊයේ දිනයේ එම කුමන්ත්‍රණය සාර්ථක වූයේ නැත.
නඩු ඇසීමටත් පෙර තීන්දුව ගැන කට මැත දොඩවන උපාලි අබේරත්න හෙවත් ‘පිස්සු පූසා‘ විනි-සොරා යුක්තිය පසෙක ලා අගවිනිසුරුද යට කරගනිමින් රාජපක්ෂලාට කඩේ යාවිද කියා නීතිගරුක පුරවැසියන් බලා සිටිති. පෙත්සම් විභාගය පැවැත්වේ
සබැඳි පුවත -
ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නීති විරෝධී විය
---------------------------
by (2016-06-30 03:09:26)
Leave a Reply
ශ්‍රී ලංකාවේ අධිකරණ ඇමති කෙනෙක් සිටීද ?ඔහුට කොන්දක් තිබේද යන්න ප්රශ්නයකි . පහුගිය වනචර යුගය නැවතත් ක්‍රියාත්මක වෙනවා නම් ඊට නොදෙවෙනි මහජන බලවේගයක් සිටින බව දේශය කන මහත්හොරුන්ට මතක්කර දෙමි .
-- by Chandra Perera on 2016-06-30
ඇසින්දුටු සාක්ෂි තිබියදී පච රණවක සැකකරුවකු නොකරන නඩුකාරයා ගැන මොකද කියන්නෙ
-- by Suri on 2016-06-30
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි