~

50 වතාවක් හමුදා විනය කැඩූ යෝෂිත නිදැල්ලේ තබා එක් වතාවක් විනය කැඩූ යහපාලනවාදියාට දඬුවම් දීම ගැන හේතු කියන්න ආ නාවික හමුදා ප්‍රකාශක ඇනගනී : සුජීව සේනසිංහ ගොබ්බකම ප්‍රදර්ශනය කරයි (Video)

ජජ් ඇඩ්වකේට් ශවීන්ද්‍ර ප්‍රනාන්දු නාවික හමුදාවෙන් ඉවත් කරයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.30, පෙ.ව‍‍‍‍‍‍.7.10) ඉහේ කෙස් ගානට නාවික හමුදාවට නොකියා රට ගිය යෝෂිත රාජපක්ෂ යුද අධිකරණයකට කැඳවන්නේ වත් නැතිව එක් වතාවක් රට ගිය ලුතිනන් කොමදෝරු කේ.සී වෙලගෙදරට දඬුවම් දීම ගැන පිලිතුරු දීමට ඊයේ(20) පැවැති කැබිනට් මාධ්‍ය හමුවට ආ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වූ අතර එම මාධ්‍ය හමුවට සහභාගී වූ සුජීව සේනසිංහ ඇමැතිවරයාද තමා කෙතරම් ගොබ්බයෙක්දැයි රටට හෙළි කෙළේය. 

ලංකා ඊ නිව්ස් මීට පෙර ප්‍රවෘත්ති දෙකකින් මේ සිද්ධිය සම්බන්ධයෙන් හෙලි කර තිබිණ. 

(1. පුදුමයි ඒත් ඇත්තයි..! රාජපක්ෂලාගේ බයියෝ සේනාධිනායකයාට කොකා පෙන්වති..!! රාජපක්ෂගේ බයියෙක් නාවික හමුදාවේ නඩුත් අසා යහපාලනවාදීන් හිරේ දමන්නත් යයි -20­­­­16.ජුනි.08
2. ආරක්ෂක ලේකම් යහපාලනය කණපිට ගස්සන බව යලි සනාථ කරයි: 29 වතාවක් රට ගිය යෝෂිත නිරුපද්‍රිතව සිටියදී එක් වතාවක් රට ගිය රජයේ සාක්කිකරුවාට මහින්දගේ නීතිඥයා ලවා දඬුවම් දෙයි -20­­­­16.ජුනි.17) 

අද මාධ්‍ය හමුවට ආ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි කියා සිටියේ වෙලගෙදර සිය දඬුවම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අභියාචනාවක් ඉදිරිපත් කර ඇති බැවින් දඬුවම අත් හිටුවා ඇති බවයි. 

මෙහිදී ඉතා ඥානවන්ත ලෙසත් දක්ෂ ලෙසත් ප්‍රශ්න කළ උපේන්ද්‍ර නමැති මාධ්‍යවේදියාගේ ප්‍රශ්නකිරීම් හමුවේ මාධ්‍ය ප්‍රකාශකයා නිරුත්තර වූ අතර ඔහු අදාල කාරණා නොදන්නා බව පැවසීය. (නොදන්නවා නම් මාධ්‍ය හමුවකට ආවේ මන්දැයි නොදනී.) කෙසේ වෙතත් මාධ්‍ය ප්‍රකාශක කපිතාන් වරයාගෙන් හෙලි වූයේ යෝෂිත රාජපක්ෂ 74 වතාවක් පිටරට ගොස් ඇති බවත් ඉන් අවසර ලබාගෙන ගොස් ඇත්තේ 24 වතාවක් පමණක් බවයි. එනම් 50 වතාවක්ම ඔහු පිටරට ගොස් ඇත්තේ නිසි අවසරයක් නොමැතිවය. එහෙත් ඔහුට එරෙහිව හමුදා අධිකරණයකට කැඳවන්නේ නැත්තේ මන්දැයි විමසීමේදී නීතිඥයෙකුද වන සුජීව සේනසිංහ ඇමැතිගේ ගොබ්බ කම හෙලිවිය. 

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අනුමත කරමින් ඔහු කියා සිටියේ සිවිල් අධිකරණයේ යෝෂිතට එරෙහිව අපරාධ නඩුවක් විභාග වන බැවින් නාවික හමුදා නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවයි. සුජීව සේනසිංහ නීතිය නොදන්නා ගොබ්බයෙක් බව හෙලිවන්නේ එහිදීය. එවැනි නීතියක් රටේ නැත. ඊට හොඳම උදාහරණය වන්නේ සරත් ෆොන්සේකාට එරෙහිව යුද අධිකරණය ක්‍රියාත්මක වූ ආකාරයෙනි. සිවිල් අධිකරණයෙන් නඩු තීන්දු ලැබෙන තුරු හමුදා වල විනය නීති උල්ලංඝනය කිරීමට දඬුවම් නොදී සිටින්නේ නම් ලෝකයේ හමුදාවන් පවත්වාගෙන යා නොහැකිය. සුජීව සේනසිංහ නීතිය නොදන්නවා හෝ රාජපක්ෂලාගේ අලුත්ම ගැලවුම් කරුවා ලෙස ඩීල් එකක් දමාගෙන සිටිනවා හෝ විය යුතුය. 

ශවීන්ද්‍ර ප්‍රනාන්දුට එරෙහිව අධිකරණයක නඩුවක් තිබියදී තවත් තැනෙක නඩු ඇසීමට හැකිදැයි ඇසූවිට සුජීව සේනසිංහ ඒ බවක් දන්නේ ද නැත. ශවීන්ද්‍ර ප්‍රනාන්දුට එකී චෝදනා ගොනු කර ඇත්තේ අන් කිසිවෙක් නොව රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වීම විශේෂිත වුවත් කලක් අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයාද වූ සුජීව සේනසිංහ ඒ බවක් දන්නේ නැත. නොදැන අහවල් මගුලකට මාධ්‍ය හමුවලට සහභාගී වනවාද නොදනී.  

කෙසේ වෙතත් මෙම වාර්තාව සකස් කරද්දී වාර්තා වූයේ මාධ්‍ය හමුවේදී ද ප්‍රශ්න කෙරුණු වෙලගෙදරට දඬුවම් දුන් නාවික හමුදා ජජ් ඇඩ්වකේට් ශවීන්ද්‍ර ප්‍රනාන්දු නාවික හමුදාවේ එම තනතුරින් අද සවස ඉවත් කර ඇති බවයි. 

නාවික හමුදා ප්‍රකාශකයා හිරවුනු සහ සුජීව සේනසිංහගේ ගොබ්බකම ප්‍රදර්ශනය කළ මාධ්‍ය හමුවේ වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2016-06-30 01:46:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links