(ලංකා ඊ නිව්ස් -2016.මැයි.07, පෙ.ව.8.05) ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ සහ හික්කඩුව අතර පිහිටා ඇති අකුරල වෙරළ තීරය රමණීය වෙරළ තීරයකි. නමුත් එය අපතයන් ගේ ක්‍රියා නිසා හොස්ස පොවන්නට නොහැකි තරම් අපවිත්‍ර වී තිබිණ. එක්තරා තරුණ කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 25 වෙනිදා තමන්ගේ ෆේස් බුක් මගින් අකුරල වෙරළේ ඇති ශෝචනීය තත්ත්වය පින්තූර මගින් පෙන්වා වෙරළ සුද්ද කිරීමට කැමැති අය එකතු කෙළෝය.
“මේ 25 වෙනිදා අකුරල බීච් එකේ ගනිපු ෆොටෝ ටිකක්. මෙතන ගිහිල්ලා නාන්න පුලුවන්ද බලපල්ලකො. අපි මැයි 1 වෙනිදා උදේ 8 වෙද්දි සුද්ද කිරීම පටන්ගන්නවා. කුනු දාන්න පොලිතීන් 40 ක් පමන, අත් මේස් සහ පාං සහ බීම ටිකක් සුදානම්. පුලු පුලුවං අය තමන් ලඟ තිනවනම් හොඳ අත්මේස් අරං එන්න. අපි ගේන්නේ මේඩිකල් ග්ලවුස්. ඒවා වැඩි වෙලාවක් පාවිච්චි කරන්න අමාරුයි. පොඩි බඩගින්නක් එහෙම හැදුනොත් කන්න මොනව හරිත් අරං ආවට කමක් නෑ.. නාන්න බලාපොරොත්තු වෙන අය ඒකටත් සුදානමින් එන්න. මේ දවස්වල නාන්න තීන සිමාවේ වැලි පිරිලා නිසා ගැඹුර ගොඩක් අඩුයි. වැඩ රාජකාරි තීන අය ප්‍රමාද වෙලා ආවත් ඇවිල්ලා කලින් ගියත් කමක් නෑ. උඹලා ඇවිල්ලා පෙනිලා ගියත් අපට හයියක්..“ යනුවෙන් ලියා තිබිණ.
මැයි 01 වෙනිදා බොහෝ දෙනා තම තමන් කඩේ යන දේශපාලන පක්ෂවල මැයි රැලි වලට සහභාගී වෙද්දී තරුණ තරුණියන් දරුවන් 50 කට මඳක් වැඩි පිරිසක් අකුරල වෙරලට පැමිණ සිටියහ. ඔවුන් මැයි 01 වෙනිදා දිනය තුල වෙරළ තීරයේ කිලෝ මීටරයකට මඳක් අඩු ප්‍රමාණයක් සුද්ද පවිත්‍ර කළහ. ඉන් පසු මීට නායකත්වය ගත් කෝසල ඉන්ද්‍රසිරි මෙවැනි සටහනක් යලි තම ෆේස් බුක් අඩවියේ තබා තිබිණ.
“ඔන්න අපේ වැඩේ අති සාර්තකව අවසන් කලා, හිතුවටත් වඩා සාර්ථකව. මිටර් 600 - 700 විතර වෙරල තීරයක් අපට පිරිසිදු කරගන්න පුලුවන් උනා. හැබැයි ලේසි වැඩක් උනේ නම් නෑ. ගිනිගහන අව්වේ ගිනියම් වුනු වැල්ලේ වැඩේ කරේ. වැඩේට සහභාගි උන හැමෝම එකාවගේ කට්ට කා ගෙන ගේම ඇදපු නිසා අපට මේ තරමට වැඩේ සාර්ථක කරගන්න පුලුවන් උනේ. ඉතින් වැඩේට සහභාගි උන හැමෝටම තව තවත් මේ වගේ පරිසර හිතකාමි වැඩවලට සහභාගි වෙන්න අවස්ථාවල් සහ දිරිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.“
මෙහි ඇති සේයාරූ වල දැක්වෙන්නේ අප්‍රේල් 25 වෙනිදා අකුරල වෙරළ තිබූ තත්ත්වයත් මැයි 01 වෙනිදා තත්ත්වයත් ය.
මේ සුධීමත් ක්‍රියාවට ‘ලංකා ඊ නිව්ස්‘ විසින් ප්‍රචාරයක් දීමට බලාපොරොත්තු වූයේ කාරණා කිහිපයක් සැලකිල්ලට ගනිමිනි. ඉන් පළමු වැන්න මෙම දිනය මැයි 01 වෙනිදා වීමයි.
රට හදන්න යැයි අති මහත් ධනයක් වියදම් කරමින් මැයි 01 වෙනිදා කොළඹට ගෙන්වූ දස දහස් ගණනින් වූ පිරිස් මුළු කොළඹම අපිරිසිදු කර උගුර බැරැන්ඩිය පමණක් දායාද කරගෙන යද්දී මෙම තරුණ තරුණියන් පනස් ගණනක් වැනි සුළු පිරිසක් විසින් අති මහත් ධනයක් කාබාසිනියා නොකර කළ සද් ක්‍රියාවෙන් අඩුම ගණනේ රටට සුන්දර වෙරළක් යලි ප්‍රතිශ්ඨාපනය වී තිබේ. ඔවුන්ගේ සිත්වලට සෝවාන් ඵලයට සමාන හැඟීමක් දායාද වී තිබේ.
මැයි 01 වෙනිදාට අපේ රටේ ජනමාධ්‍ය වලින් පතුරු ගසන්නේ 1886 දී ඇමරිකාවේ චිකාගෝහි කම්කරුවන් කළ සටනක් නිසා මැයි දිනය සමරන බවයි. එහිදී කම්කරුවන්ගේ සිරුරු වලින් ගැලූ රුධිරය නිසා මැයි දිනය රතු පැහැයෙන් සමරන බවයි. චිකාගෝහි මැයි 01 වෙනිදා යනු නිවාඩු දිනයක් නොවේ. එය හඳුන්වන්නේ කම්කරු දිනයක් ලෙස නොව ‘නීතියේ දිනය‘ ලෙසය. නීතියේ ආධිපත්‍යය සමරන දිනයයි. එය ලෝක මිහිතල දිනය මෙන් නිවාඩු දිනයක් නොවේ. එය දේශපාලන පක්ෂ වල බලය පෙන්වන දිනයක් නොවන අතර විවිධ රැඩිකල් කණ්ඩායම් විසින් විවිධාකාරයෙන් සමරන දිනයකි. මෙවර 1886 සිද්ධිය වෙනුවෙන් පිහිටුවා ඇති චිකාගෝ ස්මාරකය අසලට පැමිණ සිටියේ 2000 කට අඩු පිරිසකි.
එංගලන්තයේද මැයි 01 වෙනිදා සම්පූර්ණ නිවාඩු දිනයක් නොවන අතර ඉතාමත් මෑතක 2011 සිට සාමාන්‍යයෙන් ඔක්තෝම්බර් මාසයට යෙදී තිබෙන බැංකු නිවාඩු දිනයක් මැයි 1 වෙනිදාට යොදා ගැනීමට කටයුතු කර තිබේ. විවිධ කණ්ඩායම් ලන්ඩන් නගරයේ තැනින් තැන රැස්වීම් පැවැත්වුවද කිසිදු ප්‍රධාන තලයේ දේශපාලන පක්ෂයක් එය තමන්ගේ බලය පෙන්වීමට භාවිතා කරන්නේ නැත. මුළු රටම අකර්මණ්‍ය කරන්නේ නැත. ජනමාධ්‍ය වලට එය ප්‍රධාන ඝනයේ පුවතක් ද නොවේ.
මැයි දිනය තම දේශපාලන බලය පෙන්වීමට භාවිතා කරන්නේ සමාජවාදී යැයි කියාගන්නා රටවල් සහ තුන්වන ලෝකයේ නොදියුණු ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් ය.
දියුණු ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් සහ සමාජයන් මැයි දිනය මෙලෙස රටේ ආර්ථිකය කාබාසිනියා කරන දිනයක් කර නොගන්නේ වී නමුත් අකුරල තරුණයන්ගේ ක්‍රියාව වැනි සද් ක්‍රියාවන් තම ආත්මය කරගෙන සිටී. එනම් ස්වේච්ඡා සේවය හෙවත් චැරිටි සේවය මුළු මහත් සමාජය පුරාම ආත්මයක් සේ දිවෙන්නකි. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා එය ආත්මය වී තිබේ. රජයන් ඒ සඳහා සමාජය දිරි ගන්වයි.
උදාහරණයක් ලෙස එංගලන්තයේ ද්විතීයික අධ්‍යාපනය හදාරන දරුවන් කිසියම් හෝ චැරිටි සේවයක නියුතු විය යුතුය. ඒවා මහා ලොකු දේවල් ද නොවේ. එක් පාසැලක දරුවන් යොදවා තිබුනේ මහළු නිවාසයක සිටින මහලු අය සමග කතා බස් කරමින් සන්ධ්‍යාවක් ගත කිරීම ය. මුදල් හදල් තිබේ නම් ග්‍රීෂ්ම ඍතුවේ ලැබෙන දීර්ඝ නිවාඩු කාලයේදී වෙනත් රටකට ගොස් චැරිටි සේවයේ යෙදෙන දරුවන් ද වෙති. අපේ පින්නවල අලි අනාථාගාරයට පැමිණ නොමිලේම අලින්ගේ වැඩ කරන්නේ එවැනි දරුවන් ය. එම දරුවන් සරසවි වලට තෝරා ගැනීමේදී තමන් කළ කී චැරිටි සේවා අතිරේක සුදුසුකමක් සේ සලකයි. සරසවි ජීවිතයේදී ද එසේම ය. සරසවි ජීවිතයේදී කළ කී චැරිටි සේවා පසුව රැකියාවක් ලබා ගැනීමේදී අතිරේක සුදුසුකමක් සේ සලකයි.
මැදිවියේ අයද මහල්ලෝද එලෙසම කිසියම් චැරිටි ක්‍රියාවක නිරත වීම තම ආත්මය සේ සලකයි. උදාහරණයක් ලෙස එංගලන්තයේ පසුගියදා පැවැති මැතිවරණයේදී ලංකා ඊ නිව්ස් කාර්යාලය පිහිටා ඇති පලාතෙන් පත්වූ මන්ත්‍රීවරයා පත්වූ දිනට පසුදා ගියේ ඔහුගේ කාලසටහනේ යෙදී තිබූ චැරිටි සේවයට ය. එනම් පළාතේ ඇති රෝහලේ සුද්ද පවිත්‍ර කිරීම සඳහා ය. ඒ තමාගේ චැරිටි සේවය ගැන පින්තූර ගෙන පෝස්ටර් ගසා බාල ප්‍රචාරයක් ගැනීමට ද නොවේ. එය ඔහුගේ ජීවිතයේ කොටසකි. ඒ ගැන සඳහන්ව තිබුනේ ද පළාතේ මුද්‍රණය කරන ප්‍රාදේශීය පුවත් පතේ ඉතා කුඩා සිංගල් කොලමේ ප්‍රවෘත්තියක් ලෙස පමණි. දිනක් වයස 90 ක් වූ මහලු අයෙක් හමුවිය. ඔහු තම බිරිඳගේ වියෝවින් පසු තනියම ජීවත් වන්නෙකි. ඔහුද අමුතුම චැරිටි සේවයක නිරත වේ. ඔහුට හොඳට දෑස් පෙනේ. ඔහු කරන්නේ සෑමදාම උදයේ හොඳට හැඳ පැලැඳ ගොස් කන් ඇහෙන්නේ නැති තමා වැනිම වයසක අයට පුවත් පත කියවීමයි. බොහෝ දෙනා තමන්ගේ හැකියාවන් අනුව සතියකට පැය කිහිපයක් හෝ කිසියම් චැරිටි සේවයක නිරත වීම සුලබ දෙයකි.
ලංකාවේ චැරිටියක් ගැන කී පමණින්ම එය එන්ජීඕවක් සේ සලකා බටහිර රටකින් සල්ලි කඩා ගන්නා වැඩක් වී තිබේ. නැතිනම් චැරිටි නැත. බටහිර රටවල එන්ජීඕ වලට ඒ සල්ලි එන්නේ කෙසේද? ඔවුන්ට අඟහරු ලෝකයේ එන්ජීඕවකින් සල්ලි එන්නේ නැත. ඔවුන්ට සල්ලි ලැබෙන්නේ ඒ රටවල සිටින පරිත්‍යාග ශීලී ජනතාවගෙනි. ඍණ අංශක ගණන් වල සීතයේ හිමේ ගැහෙමින් රැකියාව කරන ජනතාවගෙන් ලැබෙන පවුමකින් ඩොලරයකින් හෝ යුරෝ එකකිනි. ලංකාවේ එන්ජීඕ චැරිටි කාබාසිනියා කරන්නේ එවැනි මුදල් ය. ලෝකයේ එසේ නම් අපිට අපේ චැරිටි සේවයකට අවශ්‍ය මුදල් අපේ ජනතාවගෙන් ලබා ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. තිබෙන මුදලින් වැඩක් කිරීමට හැකියාවක් තිබිය යුතුය. අවශ්‍ය වන්නේ වුවමනාව පමණි. දියුණු රටවල චැරිටි සේවා එම රටවල සමාජයේ විශාල බරක් අදී. ඒවා ඉතා දියුණු ලෙස සංවිධානය කරගෙන තිබේ. (ඒ කෙසේදැයි අවශ්‍ය අයෙකු පුද්ගලිකව ඇමැතුවහොත් වැඩි විස්තර කිව හැකිය)
සමාජයන් දියුණු වන්නේ ආණ්ඩු වලින්ම නොවේ. තම ජීවිත කාලයේදී අනුන් වෙනුවෙන් සද්ක්‍රියාවේ යෙදෙන ජනතාව නිසාය. රටක් දියුණු වීමට නම් එම සමාජය තුල තිබිය යුතු ප්‍රධාන ගුණාංගයක් වන්නේ චැරිටි සේවයයි. කිසිවක් බලාපොරොත්තු නොවී අනෙකා වෙනුවෙන් කරන සේවයයි. එය බුද්ධාගමේ ‘දානය‘ යන්නට ලඟින් ගියද චැරිටිය යනු ‘දානයම‘ නොවේ. ලංකාවේ දානය යන්න අද භාවිතා කරන්නේ තමන් නිවන් යෑමට කළ යුතු ආත්මාර්ථකාමී දෙයක් මිස අනෙකා වෙනුවෙන් අවංකව කළ යුතු පරිත්‍යාගයක් ලෙස නොවේ. ලක්ෂ ගණනින් කෙරෙන පහන් පිංකම් වලදී මල් පිංකම් වලදී කෙරෙන වියදමේ තරමට නාස්තියේ තරමට සමාජයක ඉදිරි පැවැත්මට ලැබෙන ප්‍රතිලාභයක් නැත. ලංකාවේද චැරිටි සේවයක යෙදෙන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය ලැබීමේදී මෙන්ම රැකියාවක් ලැබීමේදී කිසියම් විශේෂත්වයකින් සැලකීම කළ යුතු ය. එවිට සමාජයක් ඒ සඳහා පෙළැඹේ.
අකුරල තරුණ තරුණියන් මැයි 01 වෙනිදා කළ චැරිටි සේවය ඉතාමත් අගනා ආදර්ශයක් යැයි ලංකා ඊ නිව්ස් සලකමු. මන්ද යත් මුළු රටින්ම ඡන්ද දහ දාහක් ලබා ගත නොහැකි තරුණ තරුණියන් පිරිසක් රටක් හැදීමට කියා පාරට බැස කරන රට විනාස කිරීමේ ගොබ්බ ජවුසම දකින අපට අකුරල තරුණ තරුණියන් පනස් ගණන වීරයන් ය. මැයි 01 වෙනිදා කිසිදු දේශපාලන පක්ෂයක හෙංචයියන් නොවූ ඔවුන් රටට අලුත් ආදර්ශයක් සපයා ඇත. රටක් වෙනස් කිරීමට ඒ රටේ සියලු දෙනාම දායක වන්නේ නැත. ඊට සියයට 10 ක් පෙරමුණ ගැනීම හොඳටම සෑහෙන්නේ ය. අකුරල තරුණ තරුණියන් පනස් ගණන ඒ සියයට 10 බිහි වීමට පහනක් වේවා..! මොවුන්ගේ ‘අකුරල ෆැෂන්‘ එක සෑම මැයි 01 වෙනිදාකම රට පුරා නව තරුණ පරම්පරාවට බෝ වේවා ..!!
(අප වෙත තොරතුරු එවූ ප්‍රදීප් කලන්සූරිය මල්ලීට ස්තූතිය)
පසු සටහන
අකුරල වෙරල සුද්ද කිරීමේ සද් ක්‍රියාවට සහභාගී වූවෝ ගැන පෙර කී ෆේස් බුක් අඩවියම මෙසේ සටහනක් තබා ඇත.
“විශේෂයෙන් ස්තුති කරන්න අවශ්‍ය කිහිපදෙනෙක් ඉන්නවා.
- සැරෙන්න සැරේ ඉල්ලන ඉල්ලන හැමදේම ගෙනැල්ලා දිලා තව රොල්ස් තැඹිලි සහ තේ වලින් සංග්‍රහ කරපු Damith Priyanka මල්ලිට.
- පාං පරිප්පු සහ සිනි සම්බෝල සපයපු Malith Hashendre මල්ලිට සහ MP Wimalasooriya නංගිට
- අත්මේස් ලබාදිපු Rohana Priyantha අයියට
- කුනු දාන්න garbage bags ලබාදිපු Prasad Fernando මල්ලිට
- ප්‍රවාහන පහසුකම් සපයපු Amila Buddika සහොදරයට
- කුනු ඉවත් කිරිමට සහය ලබාදිපු Wasula Jayasekara අයියාට සහ හික්කඩුව නගරසභාවට
තව තවත් මෙවන් කාර්යයන්ට අත හිත දෙන්නට හිත් පහලවේවා කියා ප්‍රර්ථනා කරනවා.
පැමිණි අය මෙන්න
G. W. Rasmitha
Prasad Wathsala Sumanasekara
Erangi Kaushalya
Malith Hashendre
MP Wimalasooriya
Dulari Maduchani
Niminda De Silva
Damith Priyanka
Rasike Sandun
Sandun Dhanushka
Charith Thisara
Nawarathna
Thilanka Dilhan
Asanka Jagoda
Thushaa Madushanka
Rohana Priyantha
Amitha Rohini
Randika
Amal Udayanga
Tharindu Even
Chaminda pushpakumara
Kariyawasam AmilaSampath
Madu Lakshan
Himasha Disni
Oshadi Akarsha
Sethumi Thisathma
Uvini Manujana
Ranjan Kumara
Chathura Saminda
achini piyumika
Ravin Lakshitha
Thushal Vimukthi
B. H. Wasana
P.Y Deepeeka
A.G. Nelka
W. Sandya Sanjeewani
Amila Buddika
Thilina Madhusanka
Gayan Tharaka
K. H. Karunasiri
Hasitha Sandaruwan
Sashindra
Samantha Ayya and Family
Isuru Malliyawadu
---------------------------
by (2016-05-07 07:56:41)
Leave a Reply
Can't we be proud of 2500 years some History without doing anything ells as some idot think. Thanks for the young girls and boys. Hopefully Our prsident open his eyes rather to protect the country more than SLFE on Next may 1st.No point of protecting SLFE or UNP without a country and we the people do not care to protect UNP or SLFE.
-- by Jayantha on 2016-05-07
MEPA chairman launched a round the island beach cleaning programme with big tamasha at Gall Face.
Where is he and what happend to the programme?
-- by wije on 2016-05-08
Excellent work
-- by Zarath on 2016-05-08
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි