~

අවුරුද්දේ නිල ආහාරය කිරිබත්..! නිල පානය අරක්කු..!! යි කී තිලක් සේනාසිංහ කොටළුවාට පිළිතුරක්..! -විසල් කරුණාරත්න

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.14, ප.ව‍‍.11.00) අළුත් අවුරුද්ද ගැන රැජින පුවත් පතේ කතුවර තිලක් සේනාසිංහ නිල ආහාරය කිරිබත් - නිල පානය අරක්කු..! මෝඩ කොටළු සැණකෙළියක් බවට පත් අලුත් අවුරුද්ද..!! මැයින් විවේචනයක් යැයි කියා එකක් ඉදිරිපත් කර තිබුණි. නිසි අවධානයටවත් නුසුදුසු මේ වාක්ය ඛණ්ඩ වලට  ප්‍රතිචාරයක් දැක් වීමට තීරණය කලේ ඒවායේ ඇති ප්‍රතිගාමී අදහස් ප්‍රශ්න කළ යුතු බැවිනි. බොහෝ පුවත් පත් කතුවරුන්ට ඇති පොදු රෝග ලක්ෂණයක් වන තමන් කියන්නේ කුමක්ද යන්න ගැන නිසි වැටහීමක් නැති ලෙඩේ තිලක් සේනාසිංහට ද දරුනු ලෙස වැළඳී ඇති බව නම් සහතිකය.

ඔහු අපිට බහු ජාතික සමාගම් විරෝධය, මුදල් ප්‍රමුඛ වීම, පැරණි හර පද්ධතීන් විනාශ වීම, සාප්පු උන්මාදය, මත්පැන් විරෝධය, අධිපාරිභෝජනය වැනි සාමාන්‍යයෙන් ජාතික චින්තන කාරයින්ගේ මෙවලම් කිහිපයක් සමග එකිනෙක ගැලපෙන්නේ නැති නිශ්චිත අදහස් ජනිත නොවන වාක්‍ය ඛණ්ඩ කිහියක් එකතු කර විවේචනයක් ලෙස කියවන්න ඉදිරිපත් කර තිබේ. මේ සංකල්පයන්ද නිශ්චිත අර්ථයෙන් භාවිතා නොකර එහෙන් මෙහෙන් දමා ගසා ඇති ආකාරයක් දැකිය හැක. මේ වාක්‍ය ඛණ්ඩ වලින් අපිට සමස්තයක් ලෙස ගත හැකි අදහස නම් පැරණි හර පද්ධතීන් වත්මන්  යුගයේ මුදල් මත පදනම් වෙමින් විනාශ වන බවට කතුවරයා තුල බලවත් ලෙස කම්පා වී ඇති බවයි.

බොහෝ අප්‍රබංශ හරහා මේ කියන දේ අප සරල ලෙස සලකා බලමු. සිංහල අවුරුද්ද ලෙස යම් උත්සවයක් සිංහල ජනයා විසින් කලාන්තරයක් තිස්සේ පවත්වා ගෙන එනු ලබයි. මේ කාලයේදී අළුත් ඇඳුම් ගැනීම, රසකැවිලි සෑදීම ආදියද යම් සිරිත් විරිත් ද නැකැත් අනුව කටයුතු කිරීමද කරනු ලබයි.  මෙලෙස උත්සවයක් පැවැත්වීමට සහ එම කටයුතු වල නිරත වීම හොඳ හෝ නරක යන මිනුම් දඬු වලින් සලකා බැලිය නොහැකි සංස්කෘතික කාරණයකි. ලෝකයේ සෑම ජනවර්ගයකටම ආවේනික මෙවැනි උත්සවයන් තිබේ. ඒවා කරගෙන යෑමට යම් ජන කණ්ඩායමක සාමූහික අභිලාශය ප්‍රශ්න කළ නොහැකිය. කලානුරූපව සිදුවන වෙනස් කම් ද ස්වභාවිකය. මඩොල් දූවේ උපාලිලාගේ අවුරුද්ද සහ දැන් අවුරුද්ද වෙනස්ය. එම වෙනස ස්වභාවිකය. තවත් අවුරුදු විස්සකදී අදටත් වඩා වෙනස්ම ආකාරයේ වෙනස්කම් ඇතිවනු ඇත. වෙනස දිරවන්නේ නැති අතීතකාමීන්ගේ හිතේ අමාරුවට වෙනස් කම් සිදුවීම නතර වන්නේ නැත.

අප කතුවරයාට මිනිසුන්ගේ සාප්පු යෑම ප්‍රශ්නයක් වී  තිබේ. තමන් අකමැති නම් නිවසට වී සිට කැමති කෙනෙකුට සාප්පු යාමට ඇති අයිතිය සහ හිමිකම පිළිගෙන  එමගින් අත්විඳින යම් වින්දනයක් වේ නම් එය විඳ ගැනීමට ඒ අයට ඉඩ දී පාඩු වේ සිටීම අප කතුවරයා වැනි බක පණ්ඩිතයන්ට කළ නොහැකිය. කෙනෙක් වැඩිපුර ඇඳුමක් දෙකක් ගැනීම, කෝඩියල් බෝතලයක් ගැනීම ආදිය අප කතුවරයාට අධි පාරිභෝජනයකි. ෆුඩ් සිටි එකේ කෙල්ලෝ රෙද්ද හැට්ටය බැරිනම් තන පොටේ ඇඳන් බඩු වික්කත් උන්ට හොඳ නම් කතුවරුන්ට ඇති අමාරුව මොකද්ද.? මේ සරල වෙළඳ උපක්‍රමයක් වත් විඳ ගන්නට කතුවරයාට බැරිද.? අවුරුද්දට මමත් බෝතල් දෙකක් ගෙදරට ගෙනාවේ යන එන කන බොන අයට සංග්‍රහ කිරීමටය. මමත් එයින් අපමණ වින්දනයක් ලබමි. එය මාගේ අභිමතය මෙන්ම හිමිකමකි. අරක්කු බී රණ්ඩු වුවහොත් හෝ රිය ධාවනය කර අනතුරක් වුවහොත් හෝ ඒවා බලා කියා ගන්නට රජයේ නිල ආයතන ඇත. කොහේවත් ඉන්නා කතුවරුන් ඒ ගැන සෝක විය යුතු නැත. සල්ලි ඇති එවුන් තරු හෝටල් වල විස්කි බොන එක ගැන නිහඬ කතුවරුන් පොඩි මිනිහාගේ අරක්කු බීම ගැන කම්පා වීම, කෙනෙකු ලබන වින්දනයට හරස් වීමේ කුහක කම හැර වෙන කුමක්ද.?

අප කතුවරයා මුදල් විරෝධයෙන් පෙලෙන බව පෙනේ. මුදල් මත සෑම දෙයක්ම තීන්දු වීම මානව ප්‍රගමනයේ ලද මහත් ජයග්‍රහණයකි. අතිශය ප්‍රගතිශීලි ප්‍රවේශයකි. කෙනෙකුගේ ජන්මය, පවුල් පසුබිම, ජාතිය හෝ කුලය සලකන්නේ නැතිව පොදු ව්‍යවහාර ඒකකයක් මත සමාන මිණුමකින් දේවල් තීන්දු වීම මෙමගින් සිදු කරයි. 

අසමාන දෙදෙනෙකුගේ සමාන ශ්‍රමයට සමාන ගෙවීමක් මෙමගින් තහවුරු කරයි. මුදලට හිමි කාර්ය කරගෙන යෑමට බාධා කල නොහැකිය. එය නෛසර්ගිකව දේශ සීමා ඉවත් කරමින් ඉදිරියට යයි. මේ වන විට ඈත ඇතිමලේ තරුණියන්ට තමන් රැකියාවක් කර ලබා ගන්නා වැටුපෙන් කොළඹ තරුණියන් මිලදී ගන්නා ඇඳුම් මිලදී ගැනීමේ හැකියාව ලැබී තිබේ. නවීන උපාංග සහිත මොබයිල් දුරකතන මිලදී ගැනීමේ හැකියාව ලැබී තිබේ. පැරණි හර පද්ධතීන් ගැන නහයෙන් අඬන පයිත්තියන් කාරයින්ට කෙසේ වෙතත් අපට නම් මේ තත්වය ඉදිරිගාමීය. ප්‍රජාතන්ත්‍රවාදීය. අප ග්‍රාමීය තරුණ තරුණියන්ට කියන්නේ තවත් නවීන වන ලෙසය. මතුපිටින් පමණක් නොව ඇතුලතින්ද නවීන වන ලෙසය.

මාධ්‍ය  හැසිරීම සම්බධව යම් සාධනීය කරුණු කිහිපයක් තිලක් සේනාසිංහ ඉදිරිපත් කර ඇතත් නිශ්චිතව සහ සංදර්භ ගතව කරුණු ඉදිරිපත් නොකිරීමේ දෝෂයෙන් ඒවා ලිහිල් සහ විසිරුනු ස්වභාවයක් ගෙන, අර්ථ විරහිත වී ඇත.

කතු කම කරන්න පෙර භාෂාව සහ තර්ක ශ්‍රාස්ත්‍රය ඉගෙන ගන්නා ලෙස අප තිලක් සේනාසිංහට යෝජනා කරමු.

-විසල් කරුණාරත්න විසිනි-

---------------------------
by     (2016-04-14 05:47:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

WISAL KARUNARATNA, MAHA GONEK. MU MEWAGE KIYALA MAMA DANNE ADA. RATE MINISSU UMBA WAGE NAM LANKAWATA DEVINGEMA PIHITAI
-- by roger dissanayak on 2016-04-14

විසල්ගේ ලෝකය හිතන තරම් විසල් නැත, මා සිතන ආකාරයට විසල් ප්‍රථමයෙන් තර්ක ශාස්ත්‍රයට ප්‍රථම භාෂාව කියවීමට ඉගෙන ගතයුතු වේ. මෙම ලිපිය වෙනත් විකල්ප පුවත් පතක පලවුයේ නම් මෙය විසල්ගේ ලෝකය පුලුල්කරන ලිපියක් වනවා නොඅනුමානයි. මෙය ෆුකෝ නමැති චින්තකයා ගේ න්‍යායික විස්ලෙසනය අනුව, බාෂාවේ හෝ කතිකාවේ බලය වේ. තිලක් සේනාසිංහගේ ලිපියේ කතිකාමය ගැටළු පැවතිය හැක. එහෙත් එය විසල් කියන තරම වැඩකට ගත යුත්තක් නොමැති ලිපියක් නොවේ. සැබවින්ම සේනාසිංහගේ ලිපියේ පෙන්වාදෙන කරුණනම් අධිපරිබෝජනවාදය මානව ජීවිය ග්‍රහණයට ගන්නා ආකාරයයි. සංස්කෘතිය වෙනස්වන බව සත්‍යයක්, එහෙත් යම් විස්ලෙසනයන් එමගින් අවලංගු නොවේ. සංස්කෘතිය යනුම වෙනස පිලිබඳ කතිකාමය අභ්‍යාස කීරීමයි. කෙනෙකුට එය බාරගත හැකි අතර ටව කෙනෙකුට එය ඉවත දැමිය හැක. විසල්ට රිදී ඇත්තේ මත්පැන් ගැන කරන ලද විවේචනය විය හැක. විසල්ට කැමතිනම් බෝතල් දෙකක් නොව තුන හතරක් බී සුවිසල් විය හැක. එහෙත් සේනාසිංහ මතු කරන තර්කය ඉතා සුක්ෂමව සිතා බැලිය යුතු වන අතර විසල් වැනි ය මතු කරන අදහස් (තර්ක නොවේ) ඉතාමත් සුක්ෂමව සිතා බැලිය යුතු වේ. මේ පරිභෝජන වාදී දෙවොල ආරක්ෂා කිරීමට සිටින මුර්බල්ලන්ගේ ප්‍රකාසයි. මොවුන් කරන්නේ ඉත සුඋක්ෂ්ම ලෙස මිනිසා පරිභෝජනය වෙත තල්ලු කිරීමි. පරිභෝජනය අත්‍යවස්ය දෙයක් වන අතර සවින්චානික බැවින් තොර අධි පරිභෝජනය මිනිසා යොමු කරන්නේ පිලස්තීනු වනචර අවකාශයකට්යි. පසුගිය වනචර දශකය පුරාම සිදුවුඋයේ මෙයයි. විසල්ට භාෂා හැකියාව පවතීනම් බටහිර සාහිත්‍යයේ මේ පිලිබඳ ගොඩනැගී ඇති කතිකාව පරිශීලනය කරන ලේඅස ඉල්ලා සිටින අතර සේනසිංහගේ ලිපියේ ඇති සාදනීය මෙන්ම ප්‍රබුද්ද අදහස්ද සලකා බලන ලෙස ඉල්ලා සිටිමි. මටනම්, විසල්ගේ ලිපය ගොශාවක් පමණි.
-- by Jagath on 2016-04-14

"අරක්කු බී රණ්ඩු වුවහොත් හෝ රිය ධාවනය කර අනතුරක් වුවහොත් හෝ ඒවා බලා කියා ගන්නට රජයේ නිල ආයතන ඇත. කොහේවත් ඉන්නා කතුවරුන් ඒ ගැන සෝක විය යුතු නැත" වැරදිය. කොහෙවත් ඉන්න කතුවරු පමණක් නොව පාඨක අපද ඒ ගැන සෝක විය යුතුයි. මක්නිසාද යත් අප කවුරුන් කවදා හෝ මොනයම් වෙලාවක හෝ අරක්කු බී රිය ධාවනය කරන කොටළුවෙකුගේ ගොදුරක් විය හැකි නිසාය.
-- by ruwan on 2016-04-16

One of favorite righter Wisal, You looks like still in Awurudu dope after drink that two bottles you brought home. or you have some personal problem with Thlak???.I am surprised E news publish this article, Thilak, who ever trying to explain how awurudu Gone down the drain all these years.it is no argument as new technology is coming to our life is old value is going down the drain, In short I ask Wisal do you think Awurudu is more fun now with Mobil phone or Kathuru Onchilla,
-- by jayantha on 2016-04-18

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links