~

“මං කිසිවක් දන්නේ නෑ. දිනේෂ් කියන්න කී නිසා කීවා“ -චාවකච්චේරියෙන් හමුවූ බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය ගැන ජී.ඇල් දිනේෂ්ව සහ විමල්ව රහස් පොලිසියට පාවා දීලා

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.03, ප.ව‍.1.25) චාවකච්චේරියේදී හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය ගැන පණ්ඩිත කතා කී ජී.එල්.පීරිස්ගෙන් ඊයේ රහස් පොලිසිය ප්‍රශ්න කරද්දී ඔහු තමාගේ අනෙක් ගජයන් පාවාදී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය කොළඹ වැල්ලවත්තට ප්‍රදේශයට එවීමට සුදානම් කරන ලද ඒවා බවත් රජය මෙහි ප්‍රමාණය අඩු කොට ප්‍රකාශ කරන බවත් බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය හමුවෙනවාත් සමග එය මාධ්‍ය වල ප්‍රචාරය වෙන්නත් පෙර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ජී.ඇල්.පීරිස් ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් ඊයේ රහස් පොලිසිය විසින් පීරිස්ගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේය.

එහිදී ජී.ඇල්. පවසා ඇත්තේ තමාට එලෙස කියන්නට කීවේ දිනේෂ් ගුණවර්ධන බවයි. එදින මාධ්‍ය සාකච්ඡාවට පැමිණීමට සිටියේ දිනේෂ් ගුණවර්ධන බවත් ඔහු නොපැමිණීම නිසා තමා සහභාගී වූ බවත් තමා මේ බෝම්බ ගැන කිසිවක් දැන සිටියේ නැති නමුත් දිනේෂ් ගුණවර්ධන එලෙස කියන්නට උපදෙස් දුන් නිසාත් ඔහු හිටපු ඇමැතිවරයෙකු නිසාත් බොරු නොකියනු ඇතැයි නිගමනය කළ බැවින් තමා බෝම්බ පිලිබඳ විස්තරයක් සහිතව ඒවා කොළඹ වැල්ලවත්තට ගෙන ඒමට සූදානම් කරන ලද ඒවා බව පැවසුවේ යයි ජී.ඇල් රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබේ. විමල් වීරවංශද මීට සමාන කතාවක් කියා තිබූ නිසා තමන්ට සැකයක් නොතිබූ බවද ජී.ඇල්ගේ පාපෝච්ඡාරණයේ දැක්වේ.

ඉහත ආකාරයෙන් දිනේෂ් සහ විමල් පාවාදෙමින් රහස් පොලිසියට කට උත්තර දුන් ජී.ඇල්. ඉන් එළියට විත් මාධ්‍යයට ප්‍රකාශ කෙළේ වීර කතාවකි. ආණ්ඩුව විරුද්ධ මත දරණ අය මර්දනයට ලක් කිරීමේ අභිලාෂයෙන් තමාගෙන් ප්‍රශ්න කළ බව ඔහු කීවේය.
 
මේ අතර මෙම බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය පොලිසියට හමුවී විනාඩි 5 ක් ගතවන්නටත් පෙර නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් තබා තිබීමද සැකයට තුඩු දෙන්නකි. එය සමාන්‍ය සිද්ධියක් නොවන අතර බෝම්බ ඇඳුමක් සහ පුපුරන ද්‍රව්‍ය හමුවීමක් ගැන නාමල් රාජපක්ෂ ඊට පෙර දැන සිටියා විය යුතුය. මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් ද ප්‍රශ්න කළ යුතුයැයි මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නෝ කියති. 

වාලච්චේන පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ටීඅයිඩීයේ පරීක්ෂණ පැවැත්වීම කෙසේ වෙතත් සීඅයිඩිය විසින් සිදුකර ගෙන යන පරීක්ෂණ ගැන වැඩි විශ්වාසයක් තැබිය හැකිය. මන්ද යත් ටීඅයිඩිය යුද්දයෙන් පසු පසුගිය කාලයේ සක්‍රීය ආයතනයක් නොවූ නිසා ය.

---------------------------
by     (2016-04-03 14:54:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links