~

කුලියාපිටිය ඒඩ්ස් මව සහ දරුවාගේ මෙතෙක් නොඇසූ ඇත්ත කතාව (Video)

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.08, ප.ව‍.12.20) කුලියාපිටිය ප්‍රදේශයේ HIV ආසාදිත යැයි කියා දරුවෙකු පාසැලකට ඇතුලත් කර ගැනීමට ගමේ මිනිසුන් විරුද්ධ වුනාය, ඒ නිසා කුලියාපිටිය ගමේ මිනිසුන් තිරිසනුන්ටත් අන්තය, අධ්‍යාපන ඇමැති දරුවා මවගෙන් උදුරා ගන්නට ගියාය ආදී වශයෙන් ජනමාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද කතා සියල්ල අමූලික අසත්‍ය සහ අර්ධ සත්‍ය සහිත ජනතාව මුලා කරන ප්‍රවෘත්ති රාශියක් බව ලංකා ඊ නිව්ස් විසින් කරන ලද සොයා බැලීමේදී හෙලිවිය. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් ප්‍රථමයෙන් නිහඬ පිලිවෙතක් දැරුවේ HIV ආසාදිතයන් සහ ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කෑ කෝ ගැසීම මාධ්‍ය සදාචාරය නොවන බැවිනි. ඉන් සිදුවන්නේ සියල්ල අවුල් ජාලාවක් කිරීම බව ඉහත සිද්ධියෙන්ද පැහැදිලි වී ඇත. 

නමුත් මේ දක්වා කිසිදු මාධ්‍යයක් මේ සම්බන්ධයෙන් ඇත්ත තොරතුරු වාර්තා නොකිරීම නිසා අපි මේ සම්බන්ධයෙන් ජනතාවට සත්‍ය ගෙන ඒමට තීරණය කෙළෙමු.

ප්‍රථමයෙන්ම දරුවෙකු පාසැලකට ගැනීමට විරුද්ධ වීමට මුළු ගමක්ම විරුද්ධ වන්නේ ඇයි දැයි සොයා බැලිය යුතුය. මන්ද යත් මුළු ගමකම ඉන්නේ අන්ත තිරිසන් නොදියුණු මෝඩ මිනිසුන් යයි ලංකා ඊ නිව්ස් නොසිතන බැවිනි.

ඒ අනුව මව සහ දරුවා පදිංචි ගමේ එනම් කුලියාපිටියේ මහර පැල්පොල ග්‍රාම සේවක අසංක මහතා ඇතුළු ගම්වාසී බුද්ධිමත් වැඩිහිටියන්ගෙන් කරුණු විමසා බැලුවෙමු. 

ඒ අනුව ගමේ මිනිසුන් දරුවා පාසැලට ඇතුලත් කර ගැනීමට විරුද්ධ වී ඇත්තේ HIV ආසාදිත යැයි කීමට වඩා එම පවුල මනුෂ්‍ය ඝාතන සිදුකර ඇති, දෙමාපියන්ට පවා පහර දෙන, මත්ද්‍රව්‍ය විකුණන, ගම්වැසියන් සමග නිරන්තර රණ්ඩු සරුවල් කරගන්නා සමාජ විරෝධී, සමාජයට හිසරදයක් වී ඇති පවුලක් බැවිනි. 

HIV ආසාදිත කතාවද දරුවාගේ මව එනම් චාන්දනී සිල්වා තමන්ගේ වාසියට එක් එක් අවස්ථාවල එක් එක් ආකාරයට කියා ඇති කතාවකි. වරක් තමාට HIV වැළැඳී ඇතැයි කියන ඇය තවත් වරෙක කියන්නේ එසේ නොමැති බව යැයි ග්‍රාම සේවක අසංක මහතා පවසයි.

මේ පවුලේ ඉතිහාසය මෙසේය. 

මෙම චාන්දනී සිල්වා නම් කාන්තාවට පුරුෂයන් දෙදෙනෙකි. පළමු පුරුෂයාට දාව පුතෙක් සිටින අතර ඔහු වැඩිමහල් අයෙකි. ඔහුට ඩිමෝ බට්ටා වෑන් රථයක් ද ඇත. පළමු පුරුෂයාගෙන්ද වැඩිමල් දරුවාගෙන්ද වෙන් වන ඇය මැද පෙරදිග රැකියාවකට යන්නීය. ඒ ගොස් යලි සිය රට එන්නේ ලැජ්ජා බිය නැති කාන්තාවක් ලෙසය. ඉන්පසු ඇය විවිධ පුරුෂයන් හා අයාලේ යන්නීය. කුරුණෑගල නගරයේ රස්තියාදු වන ඇය ස්වීප් ටිකට්ද විකුණන්නීය. පසුව තවත් පුරුෂයෙක් හා යලි තම ගමට එන්නීය. ඒ HIV ආසාදිතයෙකු වී මිය ගියා යැයි කියන දෙවන පුරුෂයා වන අනුර සුදර්ශන සිල්වා සමගය. අනුර නමැත්තා සමාජ විරෝධී නරුමයෙකි. ඔහුගේ ආදායම් මාර්ගය වන්නේ කසිප්පු පෙරීමත් ඒවා විකිණීමත් ගංජා සහ බාබුල් විකිනීමත් ය. ඒ සමාජ විරෝධී වැඩ වල හවුල්කාරිය වන්නේ චාන්දනී ය. 

වරක් චාන්දනී අනුර හා එක්ව ඇයගේ පළමු පුරුෂයාගේ කකුල් දෙකම කැඩෙන සේ යකඩ පොල්ලකින් පහර දුන්හ. තවත් වරෙක චාන්දනී වයස 75 ක් වූ තමාගේම මවට පොල්පිත්තක් කැඩන තුරු පහර දෙන්නීය. මේවා සම්බන්ධයෙන් පොලිසියේ වාර්තා ඇත. මේ පවුල නිරන්තරයෙන්ම ගමේ අනෙක් මිනිසුන් සමග මෙන්ම තමන්ගේම පවුලේ අය සමග රණ්ඩු කර ගැනීම සාමාන්‍යයක් විය. මේ අතර වාරයේ එක්තරා ගෝරියක දී අනුර තමාගේ පුෂ්පා නමැති නංගීගේ පුරුෂයා සමන්ත නමැත්තා කපා කොටා ඝාතනය කරන්නේය. ඒ සම්බන්ධයෙන් මඳ කලක් අත් අඩංගුවේ සිට සාක්කි නොමැති වීම මත නිදහස ලබා එන අනුර තම සමාජ විරෝධී ක්‍රියාවන්හි දිගටම යෙදෙන්නේය. ඔහුගේ සහායිකාව වන්නේ චාන්දනී ය. ඔවුන්ට උපදින දරුවා මේ කතාවට මුල් වන දරුවා වේ. ඉන්පසුව අනුර අසනීප වන අතර මුල්ලේරියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන්නේය. ඔහුගේ සීල් තබන ලද මළ සිරුර කුලියාපිටිය රෝහලින් සුසාන භූමියට ගෙන ගොස් පුළුස්සා දමනවා මිස නිවසට හෝ ගෙන එන්නේ නැත. ඔහුගේ මරණ සහතිකයේ ඒඩ්ස් වලිස් මිය ගියා යැයි සඳහනක් නැත. නමුත් ගමේ ප්‍රචාරය යන්නේ ඔහු ඒඩ්ස් රෝගයෙන් මිය ගිය අයෙකු ලෙසය. 

අනුරගේ මරණයෙන් පසුව චාන්දනී කසිප්පු පෙරීම සහ විකිණීම, ගංජා බාබුල් විකිණීම තනියම කරගෙන යන්නට නොහැකිව අත් හරින අතර පළමු කසාදයේ පළමු දරුවාගේ ව්‍යාපාර කටයුතු වලට උදව් දී ජීවත් වන්නීය.

චාන්දනී ඒඩ්ස් කතාව කියන්නේ ඒ අතරේ දීය. ඇය මිනිසුන් හා ගැහැණුන් හා රණ්ඩු වෙද්දී ‘‘මං තොට ඒඩ්ස් බෝ කරනවා‘‘ යැයි තර්ජනය කරන නමුත් ඇයට වාසි අවස්ථාවේදී ඇයට ඒඩ්ස් නැතැයි කියන්නීය. වරෙක ඇය තමා සමග ඒ ගමේ 18 දෙනෙකු නිදි වැද ඇතැයිද ඔවුන් සියළු දෙනාටම තමන් ඒඩ්ස් බෝ කර ඇතැයි ද පවසන්නීය. 

මේ දරුවා හැදී වැඩෙන්නේ මෙවැනි පවුල් පසුබිමක් යටතේ ය. දරුවා පාසැලට ඇතුලත් කිරීමට යෑමට පෙර ගමේ මොන්ටිසෝරියකට ගියේය. එහිදී දරුවාගේ හැසිරීම ප්‍රචණ්ඩ විය. ඔහු අනෙකුත් දරුවන් හූරන්නේය. සපා කන්නේය. මේ හේතුව නිසා මොන්ටිසෝරි ගුරුවරියට දරුවා වෙන්කර ඉගැන්වීමට සිදුවූවා ය. 

ගමේ මිනිසුන් මේ දරුවා පාසැලට ඇතුලු කරනවාට විරුද්ධ වූයේ මෙවැනි හේතු කාරණා රාශියක් ඇතිවය. මේ සම්බන්ධයෙන් ග්‍රාම සේවක මහතා ඇතුළු ගමේ බුද්ධිමත් ප්‍රධානීන්ගේ මතය වන්නේ දරුවා මේ මවගෙන් වෙන් කර පරිවාස භාරයේ ගොඩ නැගුවේ නැතිනම් දරුවාද පවුලේ අන් අය මෙන් අපතයෙක් වන බවයි.  

කෙසේ වෙතත් මේ වන විට මාධ්‍ය මගින් ලැබූ විකෘති ප්‍රසිද්ධිය දරුවාගේ යහපතට වඩා අයහපතට හේතු වී තිබේ. ඊටද ප්‍රධාන හේතුව චාන්දනී නම් මවයි. දරුවාට පාසැලක් ලබා දෙන බව අධ්‍යාපන ඇමැතිවරයාද ජනාධිපතිවරයාද පවසා සිටියත් දැන් ඇය කියන්නේ තමාට එංගලන්තයට යෑමට අවස්ථාව ලැබී ඇති නිසා දරුවා පාසැල් නොයවන බවයි. ඇය දරුවාගේ සිද්ධිය තම ආදායම් මාර්ගය කරගෙන තිබේ. දිනපතා ඇය බැලීමට එන රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන මුදල් වලට ඇය ගිජු වී සිටී. 

පරිවාස නිලධාරීන්ගෙන් ලංකා ඊ නිව්ස් වෙත ලැබුනු නිල නොවන තොරතුරුවලින් ඇය HIV ආසාදිත කාන්තාවක් බව පැවසේ. ඒ එසේ නම් ඇයට අනෙකුත් HIV ආසාදිතයන්ට සේ වෙනම සුබ සාධන වැඩ පිලිවෙලක් සූදානම් කළ යුතුය. ‘‘මං තොට ඒඩ්ස් බෝ කරනවා“ යි තර්ජනය කරමින් සමාජය භීතියට පත් කරමින් පිස්සු කෙළීමට ඉඩ නොදිය යුතුය.

දරුවා HIV ආසාදිතයෙක් නොවේ. කෙසේ වෙතත් දරුවාගේ අනාගතය ගැන සලකා බලන්නේ නම් දරුවා මවගෙන් වෙන් කර මේ අලකලංචි වලින් තොර වෙනත් සමාජ පරිසරයක ගොඩ නැගිය යුතුය. එය අමානුෂික දෙයක් නොවන අතර එය ශිෂ්ඨ සමාජයක වගකීම වන්නේය.  

ලංකා ඊ නිව්ස් ගල්පොල ග්‍රාම සේවක අසංක මහතා සමග කළ සාකච්ඡාවකින් පටිගත කර ගත් කොටස් කිහිපයක් පහත දැක්වේ 

---------------------------
by     (2016-03-09 00:46:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  7 discussion on this news

Thank you for your investigation and report while other media are trying to score points
-- by Vin Perera on 2016-03-08

thank you for the news
-- by chanaka bandara on 2016-03-08

Thank you LeN for this article. Much appreciated. You have set an examples to other media on responsible reporting.
-- by kelvin on 2016-03-08

It's a great work Sandaruwan. What a fabrication were going around. SL media should shame on this (they never) as you did it keeping away out of country and journalist who are in country is clueless. This is dirty politics nothing else. Thank you Enews.
-- by Bathiya on 2016-03-08

I do not think this is a balanced reporting. what you have written is only the GS's version. He may be bias, just like local politicians. So did you ask from that lady and at least from her mother about an assault
-- by anura bandara on 2016-03-08

අනුර බණ්ඩාර මෙතෙක් වාර්තා කියව්වානෙම් තේරෙයි ඒ සියළු වාර්තා කෙරුණේ මවගේ පැත්තෙන් තමයි කියලා.. මේ තමයි ප්‍රදේශයේ ගම් මට්ටමේ රජයේ නිලධාරියාගේ වාර්තාව. මීට වඩා වෙනත් දෙයක් මොකක්ද? ගමක බැලන්ස් තොරතුරු ගන්න ඉන්න පිලිගත හැකි පුද්ගලයා කව්ද? ග්‍රාම සේවක මහතා හැර වෙන කව්ද ?.. ග්‍රාම සේවක පක්ෂග්‍රාහී කියන්න බෑ.. එයා තමයි එහි රජයේ නිලධාරියා.. ඔහුට බොරු කියන්න බෑ. ඔහු රජයට ඇත්ත කියන්න බැඳී ඉන්නවා. රජය කියන්නේ කව්ද? යලිත් වතාවක් මහජනතාවමයි.. පහර කෑ අම්මගෙන් තොරතුරු අහන්න මේක ඊට අදාල නඩුවක් නොවෙයිනේ.. ඒ සම්බන්ධ පොලිසියේ තොරතුරු වලින් ඒක සත්‍ය බව තහවුරු කරලා වෙන්න ඇති මේ සම්බන්ධ පොලිස් වාර්තා තිබෙනවා කියන්නේ.
-- by Saman on 2016-03-08

Thanks Mr.Sandaruwan for your great reveal. Good job.
-- by Chandika jayasena on 2016-03-10

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links