~

මහින්ද රාජපක්ෂගේ ගොතයට බේත වූ කෝටි දෙක හමාරේ ටෙලි ප්‍රොම්ටරයට වෙච්ච දේ

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.03, පෙ.ව‍.8.15) මැදමූලනේ මහින්ද රාජපක්ෂ රට යටත් කරගෙන සිටියදී කොළයක් නොබලා වචන පැටලැවෙන්නේ නැතිව ගොත නොගසා සිංහලෙන් කතා පැවැත්වීමටත් නොදන්නා දෙමලෙන් සහ ඉංගිරිසියෙන් කතා පැවැත්වීමටත් මහජන මුදල් කෝටි දෙක හමාරක් පමණ වියදම් කර ඇති බව වත්මන් ජනාධිපති කාර්යාල නිලධාරීන් විසින් හෙලිදරව් කරගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ තමන් ත්‍රෛයි භාෂා චතුර කථිකයෙක් බව පෙන්වීම සඳහා ටෙලි ප්‍රොම්ටරය නමැති උපකරණයක් භාවිතා කර ඇති අතර එම ටෙලි ප්‍රොම්ටරය සඳහා රුපියල් මිලියන 24 ක් වියදම් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ගණන් හිලව් වලින් හෙලිවී ඇත. මෙසේ හෙලිවී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට, ‘අනේ අපොයි‘ කිසිදු කතා කරගැනීමේ අමාරුවක් නැති නිසා ටෙලි ප්‍රොම්ටරය වේලුම් කන හෙයින් ඒ ගැන සොයා බැලීමේ දීය.

මෙකී මිලියන 24 හෙවත් කෝටි දෙක හමාරකට ආසන්න මුදල වියදම් කර ටෙලි ප්‍රොම්ටරය ගෙන්වා ඇත්තේ මාධ්‍ය අමාත්‍යාංශය හෝ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හෝ චිත්‍රපට සංස්ථාව හෝ ඒ හා සම්බන්ධ වෙනත් කිසිදු රජයේ ආයතනයක් හරහා නොවන අතර ගෙවීම් කරන ලද්දේ කාටද යන්න පවා සඳහනක් නැත. නමුත් වියදමක් කළ බව පමණක් සඳහන් ය. ටෙලි ප්‍රොම්ටරයක ඇත්ත වටිනාකම කෝටි දෙක හමාරක් විය නොහැකි අතර එහිදී ද ගාණක් ගසා කා ඇතැයි සැක කෙරේ. මල් වඩමෙන් ගසා කෑ එකා ටෙලි ප්‍රොම්ටරයෙන් ගසා නොකෑවොත් පුදුමය.

මැදමූලනේ මහින්ද රාජපක්ෂ නොදන්නා දෙමළෙන් කොලයක් නොබලා චතුර ලෙස කතා පවත්වන බව ජනතාවට පෙන්වා ඇත්තේ දෙමළ වචන උච්ඡාරණය සිංහලෙන් ලියා ගෙන එය විශාල අකුරින් ටෙලි ප්‍රොම්ටර තිරයේ දිස්වෙද්දී ඒ දෙස බලාගෙනය. මෙය හරියට මොහිදීන් බෙග් මහතා සිංහලෙන් ගීත ගැයුවා හා සමානය. බෙග් මහතාට සිංහල කියැවීමට නොදත් අතර ඔහු සිංහල ගීත ගැයුවේ සිංහල උච්චාරණය දෙමළ බසින් ලියාගෙනය. ‘ඔබෙ රාගී මන කෙළඹේදෝ‘ යි ඔහු කීවේ එනිසාය. මැදමූලනේ මහින්ද දෙමළ කියූ ආකාරයට දෙමළ ජනතාව සිනහා නොවී හිඳ ඇත්තේ අප මොහිදීන් බෙග් මහතාට හිනා නොවනා ආකාරයට විය යුතුය. දෙමළ ජනතාව දිනා ගැනීමට එසේ අමාරුවෙන් දෙමළ බසින් කතා මිනිහා දෙමළ ජනතාව ජාතික ගීය දෙමළ බසින් ගයද්දී ඊට විරුද්ධ වීමට තරම් කුහක පජාතියෙක් විය. 

කෙසේ වෙතත් මෙකී ටෙලි ප්‍රොම්ටර තිර දෙකක් තිබෙන අතර මහින්ද රාජපක්ෂ කතා කරද්දී දෙපස සිටින ජනතාව දෙස බලනවා සේ කැමරාවන්ට පෙනුනද ඔහු දෙපස බලන්නේ කාටවත් නොපෙනෙන සේ සවිකරන ලද ටෙලි ප්‍රොම්ටරයේ තිර දෙක දෙසය. එකී තිර සැඟවීම පිනිස මල් කළඹ වලින් සරසා තිබී ඇත. වරක් එලෙස සඟවන ලද ටෙලිප්‍රොම්ටර් තිරයක් කැමරාවට හසුකර ගත් සේයාරුවක් ලේක්හවුස් මාධ්‍යයක පළ වී මැදමූලන ගොතයාගේ බොරුව හෙලි විය. අද මාධ්‍ය නිදහස ගැන කතා කරන මැදමූලන ගොතයා කෙළේ වහාම ඊට වගකිව යුතු ලේක්හවුස් මාධ්‍යවේදියා අමතා රස්සාවෙන් අස්කර දමන බවට තර්ජන කිරීමයි. එකී මාධ්‍යවේදියා නම් සුදත් මලවීර වන අතර ඔහු ලංකාදීපයේ විනීතා එම් ගමගේ ගේ ස්වාමි පුරුෂයා ය. 

මහින්ද රාජපක්ෂ ප්‍රථමයෙන්ම මෙකී ටෙලි ප්‍රොම්ටරය ගෙන්වා ගෙන ඇත්තේ ඔහුට වචන පටලැවෙන්නේ නැතිව සිංහල බස කතා කර ගත නොහැකි බැවිනි. රාජ්‍ය නායකයන් ජාත්‍යන්තර වශයෙන් වැදගත් කතා පවත්වද්දී ටෙලි ප්‍රොම්ටර් භාවිතා කළද රාජපක්ෂට හැම කතාවකටම ටෙලි ප්‍රොම්ටරයක් නැතිව බැරි විය. කොළය බලාගෙන කතා කිරීමද නොකෙළේ වැඩ කාරයා බව පෙන්වීමට ය. මේ බව හොඳින් තහවුරු වන්නේ දැන් ටෙලි ප්‍රොම්ටරය නැතිව දොඩවන දෙඩවිල්ල ඇසූ විටය. සිංහල වචන පටලැවෙන්නේ නැතිව කතා කිරීමට නොහැක්කේ අන් කිසිවක් නිසා නොව ඔහු ඇසූ පිරූ තැන් ඇත්තෙක් නොවන බැවිනි, පත පොත කියවා පුරුද්දක් නැති බැවිනි. පත පොත කියවීම වෙනුවට ඔහු කෙළේ පත පොත පුස්තකාල ගිනි තැබීම ය. කොළඹ කච්චේරිය සේම ලංකා ඊ නිව්ස් පුස්තකාලයද ගිනි ලෑවේ ය. පත පොත ගිනි තබන උන් ලබන ආත්මයේ උපදින්නේ ගොලුවන් බිහිරන් වී බව ජාතක කතාවන්හි සඳහන් වේ. මහින්ද රාජපක්ෂ ලබන ආත්මයේ ගොලුවෙකු බිහිරෙකු වී ඉපැදුනහොත් එදාට කෝටි දෙක හමාරක් නොව ප්‍රකෝටි 10 ක් වියදම් කර ටෙලි ප්‍රොම්ටරයක් මිලදී ගත්ත ද වැඩක් වන්නේ නැත.

-මුඛරි මුදියන්සේ විසිනි- 

---------------------------
by     (2016-03-04 04:39:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

රජා යන දාට යන්න වෙන්නෙ මේ මහා පව් කන්දරාව අරගෙන මිසක් යටිමඩි ගහපු ජනතා දේපල අරං නෙවේ.
-- by නිමාලි on 2016-03-03

Please don't take the late veteran singer's name with such empty politician's .
-- by nanda on 2016-03-03

නොදන්නා දෙමලෙට ගිහින් වරිගෙ නහගත්ත රාජපක්ෂ!
-- by සසිල් on 2016-03-05

රාජපක්ෂට හැම කතාවකටම ටෙලි ප්‍රොම්ටරයක් නැතිව බැරි විය. කොළය බලාගෙන කතා කිරීමද නොකෙළේ වැඩ කාරයා බව පෙන්වීමට ය. මේ බව හොඳින් තහවුරු වන්නේ දැන් ටෙලි ප්‍රොම්ටරය නැතිව දොඩවන දෙඩවිල්ල ඇසූ විටය. සිංහල වචන පටලැවෙන්නේ නැතිව කතා කිරීමට නොහැක්කේ අන් කිසිවක් නිසා නොව ඔහු ඇසූ පිරූ තැන් ඇත්තෙක් නොවන බැවිනි, පත පොත කියවා පුරුද්දක් නැති බැවිනි. පත පොත කියවීම වෙනුවට ඔහු කෙළේ පත පොත පුස්තකාල ගිනි තැබීම ය. කොළඹ කච්චේරිය සේම ලංකා ඊ නිව්ස් පුස්තකාලයද ගිනි ලෑවේ ය.
-- by Piyal on 2016-03-05

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links