~

නිදහස් දා නිදහසේ සිතන්න..! මහින්ද රාජපක්ෂ මංත්‍රීතුමාට රට වැසියෙකුගෙන් විවෘත ලිපියක්..!

(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.04, පෙ.ව.5.25) මේ ලිපිය ලියන මා මාධ්‍යවේදියෙකු නොවන සාමාන්‍ය රට වැසියෙක් මෙන්ම ඔබ වැනිම පියෙක් ද වෙමි.  මෙය ලිවීමට මට නිදහසක් ඇත්තේ, සුදු වෑන් රථවලින් ඇවිත් ඔබගේ මලයන්ඩි ගෝඨා ගේ මැරයන්ට මා වැනි අහිංසක රටවැසියෙකු පැහැර ගෙන ගොස් මරා දැමිමට දැන් ඉඩ නැති නිසා යැයි මතක් කර දෙමි. නමුත් ඔබගේ ගේ සමහර දඩ බල්ලන් තවම නිදැල්ලේ ඇති නිසා යම් කිසි චකිතයක් ද දැනේ. ඒ කෙසේ වුවත්, ඔබ පිලිබඳ වෛරයෙන් මේ ලිපිය නොලියන බව කිව යුතුයි. මන් ද දැන් ඔබ රටේ ජනාධිපති නොවන නිසා ඔබට වෛර කිරීමෙන් පලක් නැත. මා මෙහි දක්වන අදහස් වලින් ඔබ ගේ කඳුලුවලට කිසියම් අස්වැසිල්ලක් වේ යැයි සිතමි. ලිපියේ අරමුණ නම් ඔබව ව විවේචනය කිරීම හෝ ඔබට ආ වැඩීම නොව, අවම වශයෙන් ඔබගේ ආත්ම ගෞරවය රැකගෙන, ඔබ නොදන්නා දේශපාලනය නොකර ඉදිරි ආත්මයේ දී වත් දේශපාලනඥයෙකු වීම කෙසේ වෙතත් හොඳ පියෙකු සහ සහෝදරයෙකු වීමට වැඩ කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමටයි. එමෙන්ම, මාධ්‍ය රිරී-යකුන්, කුම්බාන්ඩයින්, පිසාචයින් සහ මලපෙරේතයන්ට දොල පිදෙනි දීලා උන්ව ඔය තත්වයට පත්කරේ ඔබම නිසා, තවමත් උන් ඔබගේ පස්සෙ පන්නනවා. දැන් වත් උන්ගෙන් ඈත්වෙලා, ඉතිරිවෙලා තියෙන ආත්ම ගෞරව ටික හරි රැකගෙන මැද මූලන පැත්තට ගිහිල්ලා පාඩුවේ හිටියනම් හොඳයි කියලා මතක් කරන්නත් කැමතියි. 

2015 ජනවාරී මාසේ වෙනකල් ජනාධිපති වෙලා හිටපු ඔබව මංත්‍රී කට්ටේකුගේ තත්වයට පත්කරේ ඔය මාධ්‍ය පිසාචයෝ රොත්තම තමයි. ඔබ 2005  ජනාධිපති වෙන කොට ඔබ කිව්වේ එක එකාගේ ප්‍රශස්ති ගී වලට රැවෙටෙන්නෙ නැතුව සාධාරණ විවේචන වලට ඉඩ දීලා වැඩ කරනව කියල නේද? ඔබ කළේ සාධාරණව ඔබ ව විවේචන කරපු සැබෑ මාධ්‍යයවේදීන් ගේ අත පය කඩලා, වද දීලා, මරලා ඔවුන්ගේ මාධ්‍ය ආයතන ගිනි තියලා, ඒ මිනිස්සුන්ව රටෙනුත් එලවලා දාපු එක නේද? අද රටට උදාවෙලා තියෙන තත්වය බලන්න, ඔබත් සමග සිටින සමහර දේශපාලකයෝ හැසිරෙන්නේ උන්මත්තකයෝ වගේ, උන් කියන කරන දේ ගැන උන්ම දන්නේ නැහැ. මාධ්‍ය හැසිරෙන්නේ මස් කඩයක් ලඟ ඉන්න වල් බල්ලො රැලක් වගේ. මේ තත්වය පටන් ගත්තේ 2005 ඔබ බලයට ආ දවසේ ඉඳලා. ඔබ වැනි දේශපාලන අඳ-බාල නායකයෙකුට මේ රට බාර දීපු චන්ද්‍රිකා නෝනත් මේ සියලුම පාපකර්ම වලට වග කියන්න ඕනෑ. 2001 වසරේ රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා ක්‍රමානුකූලව රට ගොඩ නගාගෙන එන ගමන කඩාකප්පල් කරමින්, එතුමිය ඉතිහාස ගතවන දේශපාලන වරදක් කළා. අන්තිමේ දි එතුමියටත් යන්න උනේ වියරු ගැහැනිය, චෞර රැජින කියලා ලේබල් ගහගෙන.

2005 ජනාධිපති ඡන්දයේ දි, ඔබත් කොටියත් එක්ක මෙගා ඩීල් එකක් දාලා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම වැලැක්වූවා, එතැන ඉඳලා ඔබ රට පාලනය කළේ ඩීල් වලින්, ත්‍රාසයෙන්, අල්ලසින්, පාදඩ වැඩවලින් සහ මාධ්‍ය ප්‍රදර්ශන වලින්. ඔබට කිසියම් හෝ දේශපාලන හැකියාවක් හෝ පරිනත බවක් තියෙනවා කියලා පෙන්වන එක උදාහරණයක් හෝ නැහැ. ඔබ මේ රටේ කරපු හැම දෙයක් ම පසු පස තිබෙන්නේ මහ ඛේදවාචයක්. ඔබට සමාජ, ආර්ථීක, හෝ සදාචාරාචාත්මක දේශපාලන දැක්මක් තිබුනේ නැහැ. රටේ ජනතාව සහ කුඩා දේශපාලන පක්ෂ එකතුවෙලා ඔබව උස්සලා ජනපති පුටුවේ තැබුව මිසක් ඔබ එතනට ආවේ ඔබේ හැකියාවෙන් නොවන බව ඔබ හොඳින්ම දන්නවා නොවේද?. කොටියා පරාජය කිරීමත් ඔබගේ හැකියාවට සිද්ධ වු දෙයකට වඩා වැඩි දෙයක්. කොටිය මරන්න ඔබට ඒ අවස්ථාව බල කළා, සරත් ෆොන්සේකා මහතා වැනි ඍජු හමුදා නායකයෙක් නොසිටින්න ඔබ අදටත් කොටියා එක්ක ඩීල් දානව නොවේ දැයි ඔබේම හෘද සාක්ෂියෙන් විමසා බලන්න.  ඔබ කළ එකම දෙය රටම ණය ගොඩක හිරකරපු එකයි විශේෂඥයන්ට වත් හොයා ගන්න බැරි වෙන්න හොරකම් කරපු එකයි විතරයි. ඔබේ හැකියාව හැටියට ඔබ රටට පෙන්නු වේ ඒවා නොවේද? 

2005 ජනාධිපති හැටියට දීව්රුම් දීලා, ජාතිය අමතා ඔබ කිව්වේ මම මේ රටේ භාරකාරය මිසක් අයිතිකාරය නෙවෙයි කියලයි, එදා ඉඳලා ඔබ රටට කරපු අපරාධ අපට වැඩිය දන්නේ ඔබයි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනවත් ඔබට ප්‍රමාණවත් දැනුමක් තිබුනේ නැති බවයි සමහර වැඩිහිටියන් කියන්නේ. රටේ මිනිස්සුන් ගේ දැනුම සහ නොදැනුවත් කම යන දෙකම ඔබ අවතක්සේරු කළා. දේශපාලනමය වශයෙන් දැනුමක් නොමැති, මාධ්‍යයෙන් සහ සන්තෝසම් වලින් නම්මවා ගත හැකි බහුතර ජනතාවක් සිටින අප වැනි රටක වුව ද, දිගින් දිගටම මිනිසුන් නොරැවටෙන බව ඔබ අදවත් තේරුම් ගත යුතුයි. අවසානයේ රටේ මහ ජනතාව සමග ද ඔබ ඩීල් දාන්න සුදානම් වීම ම ඔබට පටිසන් දුන්නා නොවේද?  අහම්බෙන් ලැබුන අවස්ථාව ප්‍රයෝජනයට ගන්න තරම් දේශපාලන බුද්ධියක් ද ඔබට තිබුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි ලැබුන පරාජය පිලි අරගෙන පැත්තකට වෙලා, තම ආත්ම ගෞරවය රැක ඉන්න තරම්වත් හික්මීමක් ඔබට අදත් නැහැ. ඔබේ මන්ද බුද්ධික දේශපාලනයට හොඳම උදාහරණය ඔබගේ අකල් පරාජය සහ ඔබගේ දෙටු පුතාගේ සිරගත වීමයි. අද 70 විය ඉක්මවා ඇති ඔබට සිදුවන්නේ බයෙන්, සැකයෙන්, වෛරයෙන්, පශ්චාත්තාපයෙන් ජීවිතයේ ඉතිරි කාලය ගත කිරිමටයි. 

සමහර මිනිස්සු කියන ආකාරයට ඔබ සමග සිටිය දේශපාලකයින් තිරිසනුන්ටත් වඩා අන්ත තත්වයට වැටිල. ඔබගේ රෙජීමය සමයේ අප ඇසු දුටු දේවල් ආයෙත් අහන්න දකින්න එපා කියලයි පියෙකු සහ රට වැසියෙකු විදියට මා ප්‍රාර්ථනා කරන්නේ. ඔබගේ දරුවන්, සහෝදරයින්, නෑදෑ හිතවතුන් රටේ දේපල මහ දවල් මංකොල්ල කනකොට, මිනිසුන්ගේ ඉඩ කඩම් දේපල, ධනය පැහැර ගන්න කොට ඔබ ඇහැක්වත් ඇරල බැලුවේ නැහැ නේද? මල්ලිලා ඇමරිකාවේ ගෙවල් ගත්තේ මැද මුලනේ කුරක්කන් විකුණලා නෙවෙයි කියලා ඔබ හොඳින් දන්නවා නේද? ඔබගේ ලොකු පුතා නීති විද්‍යාලයේ හොරට විභාගය ලියලා ඔබේ නම කෙලෙසන කොට “මොකක් ද යකෝ ඒ කරපු අලුගුත්තේරු වැඩේ තේරුම?“ කියලා උගෙන් ඇහැව්වේ නැහැ නේද? ශිරන්ති නෝන හමුදාවේ නම විකුණලා සල්ලි හොයන කොට, ‘රං අම්මන්ඩි‘ කියලා ලේබල් අලව ගන්නකොට ස්වාමි පුරුෂයෙකු ගේ යුතුකමවත් ඔබ ඉටු කළේ නැහැ නේද? 

පොඩි පුතා රොකට් අරින්න සල්ලි ගත්තේ මේ රටේ අහිංසක දරුවන් කන බත් ඇටෙන් ගන්න බදු වලින් නේද? බැසිල් මලය ප්‍රසිද්ධියේ රටේ දේපොල මංකොල්ල කන කොට, මිනිස්සුන්ගෙන් කොමිස් ඉල්ලනකොට “මොකක් ද යකෝ තෝ ඔය කරන තිරිසන් වැඩේ“ කියලා ඇහැව්වාද? ගෝඨා වධකයෙක් වගේ මිනිස්සුන්ව මරණකොට, ඔබ ගැහැව්වේ අර අහිංසක පොලිස්පතිගේ කනට නේද?. දෙවෙනි පුතා රණවිරුවෙක් කරන්න කියලා නේවී එකට යැව්ව, ඒකා නේවී එක කාලා, ඌත් විනාශ වුනා. ඌ මිලියන ගණන් හොයනකොට “උඹට කොහෙන් ද මෙච්චර සල්ලියක්“ කියලා නිකං හරි ඇහැව්වද?. ඔබට පියෙකුගේ යුතුකම් ටිකවත් ඉටු කරගන්න බැරි වුනා නේද? චමල් අයියගේ පුතා කතරගම දේවාලේ නින්දගම් මංකොල්ල කනකොට ඌට කිසිම තරවටුවක් කොරේ නැහැ නේද?  ඔබගේ  ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඔබගේ දරුවන් වගේ දරුවන් දූෂනය කරනකොට, මිලියන ගණන් රටේ මුදල් මංකොල්ල කන කොට ඔබ කිසිදු පැකිලීමක් නැතිව ඔවුන් ආරක්ෂා කළා නේද?. අද මේ ඔක්කෝම තනියම විඳවන්නේ ඔබ නේද? ඔබත් එක්ක හිටපු අමන දේශපාලකයෝ අද ආණ්ඩුවේ ඉඳගෙන කෙලවන්නේ ඔබටම නේද? තමන් ගේ මව් කුසින් මේ ලොවට ආ උපන් දිනය පවා වෙනස් කරපු වීරවංශ වැනි පරයෙක් ද, ගම්මන්පිල, දිනේශ්, ඩලස්, බන්දුල, වාසු වැනි දේශපාලන මුග්ධයින් අදත් හදන්නේ ඔබව විකුණන්න කියන දේ ඔබට තේරෙන්නෙ නැත්තේ ඔබ දේශපාලන අඳ බාලයෙකු බව නිසා නොවේ දැයි ඔබම කල්පනා කළ යුතුයි. ඔබ විසින් මේ රටේ පැල පදියම් කළ අශිෂ්ඨ දේශපාලන ක්‍රමය විසින්ම අද ඔබව දේශපාලන හිඟන්නෙකු බවට පත්කළා කියලා තේරුම් ගන්න තවම පරක්කු නැහැ. අද රටේ නීතිය ස්ථාපිත වෙලා ඔබේ පවුලේ අය කරපු අපරාධ හොයන කොට දේශපාලන පලිගැනීම් කියලා දොඩවන එකෙන්ම ඔබේ දේශපාලන දැනුමේ තරම පෙන්වනවා. 

අද රටේ ඇත්තේ දේශපාලන සංක්‍රාන්තියක්. ඒ තුල සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට වර්තමානයට හැඩ ගැසීමට සිදුවෙනවා, දේශපාලන සහ උන්ගේ පක්කලි  මාධ්‍ය කියන දේවල් විශ්වාස නොකරන අලුත් පරපුරක් රටේ බිහිවෙමින් සිටිනවා. අලුත් පක්ෂ හදලා රටේ බහුතර ඡන්ද ගන්න තරම් දර්ශනයක් ඔබට හෝ ඔබ සමග සිටින දේශපාලන පරයන්ට නැහැ. නව නායකයෙක් බිහි වන සලකුනක් රටේ පෙනෙන තෙක් මානයක නැහැ. තිබෙන පක්ෂ දිය වීම පටන් අරන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඇත්තේ එවන් තත්වයකය. සැබැවින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වීමට සුදුසු කාලය එලැඹ ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වීම ආරම්භ වූයේ බණ්ඩාරනායක මැතිනියගෙන් පසුවයි. රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු මෙම තත්වය එක්සත් ජාතික පක්ෂයට ද උදාවනු ඇත. කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙම තත්වය තේරුම් ගත් නිසාම පක්ෂ දේශපාලනයෙන් රටට සිදුවන හානියෙන් රට මුදාගැනීමට ප්‍රබල උත්සාහයක් ගත්තා. එය නිතැතින්ම සාර්ථක වුනා. දැනට මෙම දේශපාලන සංක්‍රාන්තිය තේරුම් ගත් නායකයෙකුට සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ඔබ වැනි මදාවි දේශපාලකයින් මිනිසුන් විසින් දේශපාලන කුණු බක්කියට දානකොට, රනිල් වික්‍රමසිංහ මහතා වැනි ඉවසීම සහ දරාගැනීම දියුණු කළ පරිනත මිනිසුන් නිරායාසයෙන් රටට අවශ්‍ය නායකත්වයට පත් වන බව තේරුම් ගත යුතුය.

ඒ කොහොම වුනත්, ඔබගේ කඳුළු ගැන රටේ මිනිස්සු විවිධ කථා කියනව. එක අදහසක් නම්, “රාජපක්ෂ දරුව හිරේ-විලංගුවේ වැටුන එකෙනුත් දේශපාලන වාසි ගන්න හදනවා“ යන්නයි. අනිත් අදහස නම්, “රාජපක්ෂට තාත්තගේ වැඩේ වත් කරන්න බැරි වුනානේ“. ඇත්තෙන්ම බොහෝ අය කියන්නේ ඔබ ඇඬුවේ දරුවා ගැන හිතලා නෙවෙයි ඔබම කරපු පාපකර්ම ඔබ පස්සෙන් පන්නන නිසා ඇති වෙච්ච බය නිසා කියලයි. ඔබ ඡන්දෙන් පැරදුන දා ඉඳලා දැතින්ම මල්වට්ටි උස්සගෙන පන්සල් ගානේ ගිහිල්ල පන්සල් පවා කෙලෙසලා දැම්මා. අන්තිමේ දි පන්සල් ඔබගෙන් බේරගන්න දැන් හාමුදුරුවන්ට උසාවි යන්න පවා සිද්ධවෙලා. ධම්ම පදයේ සඳහන් වෙන ආකාරයට, බුදු හාමුදුරුවන් දේශනා කරලා තියෙනවා බයෙන් තැතිගත්තෝ ගස් ගල් වලට පවා වදිනවා කියලා. බුදු දහම කියන්නේ අවබෝධයෙන් ප්‍රගුණ කළ යුතු ධර්මයක් මිස මල් වට්ටි පුදලා පිහිට ලබා ගත හැකි දෙයක් නෙවෙයි කියලා ඔබ වැනි දේශපාලකයන් කවදාවත් තේරුම් ගත්තෙ නැහැ. බය හටගන්නේ පාප කර්මයෙන් බව බුදු දහමේ සරලව කියා දී ඇත. ඔබට උඩ ගෙඩි දුන් එක කහකඩ දාරියෙක් වත් ඔබට ඒ බව කියා දී නැහැ. ඇත්තෙන්ම අපිට පෙනෙන්නේ නම්, ඔබ බයෙන් සහ සැකයෙන් තැතිගත්තෙකු බවයි, එම නිසාම මාධ්‍ය දඩයම් බල්ලන් පිරිවරාගෙන නනත්තාරේ යමින් බහු බූත කියවන බවයි. අද වන විට බොහෝ දෙනා තේරුම් අරන් තියෙන්නේ ඔබ අදක්ෂ දේශපාලඥයෙකු විතරක් නෙවෙයි අදක්ෂ පියෙක්, අදක්ෂ ස්වාමි පුරුෂයෙක්, සහ අදක්ෂ සහෝදරයෙක් කියලත් ඔප්පු කර තිබෙන බවයි.

අවසාන වශයෙන් මෙය ලියන මා පිලිබඳව ද ඔබට යමක් කිව යුතු යැයි සිතමි. මට ස්ථීර රැකියාවක් නැත, ජීවත් වන්නේ කුලී නිවසකයි, මා කරන්නේ කුලී වැඩයි. එහෙත් මා හෝ මා ගේ දරුවන් උපන් රටින් වැලි කැටයක් හෝ සොරකම් කර නැත. මගේ දරු පවුල මේ රටට බරක් වී නැත. ඒ අභිමානය අප ට ඇත. මා මේ රටේ ගෞරවාන්විත පුරවැසියෙක් කියා මා සිතමි. මා මෙන්ම ගෞරවයෙන් ජීවත් වන පුරවැසියන් මේ රටේ ලක්ෂ හැට දෙකක් සිටින බව ද ඔබට මතක් කර දිය යුතු ය. ඔබට දැන් ගෞරවාන්විත පුරවැසියෙක් වීමට නොහැක. එහෙත් ඔබට අඩුම ගණනේ දැන්වත් රටට බරක් නොවී ජීවත් විය හැක.


සුබ අනාගතයක්..!

මිට
රට වැසියෙක්

---------------------------
by     (2016-02-04 22:58:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

මේ ලියුමෙ තියෙන කරුණු එකක් ගානෙ පිළිතුරු දෙන්නම්... වෙලාවක් ලැබුනම.....
-- by Nandasoma on 2016-02-04

2001 ake Mahinda janadipathi une nathnam ube ammatai thathatai ubath na bolaaaa....thopi wage harak jathiyak. puduma wenna deyak na. suddanta kade giya sinhala ballo 1948 kalinuth hitiyane...oya den inne sandaruwan kiyala harekekuth.
-- by Wedakaraya on 2016-02-04

Great! I also had same idea about Mahinda. He became mad now and it will be serious in near future. This is a great opportunity and lesson to other politicians Go ahead...............
-- by kumara on 2016-02-04

brilliant letter. But the problem is this stupid man will not understand this basics, he is just an uneducated thug, a maniac, this whole family should be in a lunatic asylum
-- by arosha on 2016-02-04

සුපිරි ලිපිය.මමත් "රාජපක්ෂවරු රටම ගසා කෑමේ පන්සීය පනස් ජාතක කතා වස්තුව"නමැති පොතක් ලියාගෙන යනවා.ලංකා ඉ-නිව්ස් එකට පින් සිද්ද වෙන්න අද අපි නිදහස සමරනවා.
-- by tikiri banda on 2016-02-05

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links