~

ඥානසාරගේ සහායට හෝමාගම අධිකරණයට ආ හෙංචාසාරලා අතර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 20 ක් හඳුනාගෙන: ඥානසාරට හිරේ දී සිවුරේ චූ ගිහින්.. රෝහල් සැප ලබා දෙයි

(ලංකා ඊ නිව්ස් -2016.ජන.28, ප.ව.4.50) ඥානසාර නමැති බේබදු සිවුරුකාරයා හෝමාගම අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ දිනයේ උසාවිය අසල ප්‍රචණ්ඩ ලෙස හැසිරුනු හෙංචාසාර සිවුරුකාරයන්ගේ සහායට පැමිණ සිටි සිවිල් පුද්ගලයන් අතර සිටි යුද හමුදා බුද්ධි අංශයේ 20 දෙනෙකු පමණ පොලිසිය විසින් හඳුනා ගෙන තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවට මෙම යුද හමුදා බුද්ධි අංශ පිරිස හඳුනා ගත් බව ඇතුලත් කිරීමට වාර්තාව සකස් කරන පොලිසියේ පිරිස් බිය වී සිටිති. ඒ මන්ද යත් මොවුන් පැමිණ ඇත්තේ ආරක්ෂක ඇමැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත්ව යැයි සැක කෙරෙන බැවින් ඔවුන් හඳුනාගත් බව වාර්තාවට ඇතුළු කිරීමෙන් තමන්ගේ රැකියා අනතුරක වැටේදැයි ඇති බිය නිසාය.

මීට මාස 5 කට පෙර මැතිවරණයකට ඉදිරිපත් වී ඥානසාරට ලැබුනේ දිස්ත්‍රික්කයකින්ම ඡන්ද හයසිය ගණනක් වන අතර ඔහුගේ ගිහි හෙංචයියාට තවත් දිස්ත්‍රික්කයකින්ම ලැබුනේ ඡන්ද 70 ක් පමණ ගණනකි. ඒතරම් අඩු ගණනින් මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වී තිබියදී අධිකරණයකට කඩා වැදීමට තරම් ඥානසාරට හයිය ලැබී ඇත්තේ ජනාධිපති වරයා නිසා බව ඔහුගේ සහායට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එවීමෙන් පෙනී යන බව පරීක්ෂයකයන්ගේ මතය යි. ඝාතක සැකකරුවන් වෙනුවෙන් නීති ආධාර දුන් සිරිසේන මහතාගේ යුද හමුදාව ඔවුන් වෙනුවෙන් කෑ ගසන ඥානසාර වෙනුවෙන් බුද්ධි අංශ එවීම ගැන පුදුම විය යුතු නැතැයිද පරීක්ෂකයෝ කියති. 

මෙම සිදුවීමට පෙර එනම් පසුගිය 18 වෙනිදා ඥානසාර මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති බවටද මාධ්‍ය වාර්තා පල වී තිබෙන අතර එවැනි හමුවක් සිදුවූයේ නැතැයි දෙපාර්ශවයෙන් කිනම් පාර්ශවයක් හෝ ප්‍රතික්ෂේප කර නැත.

මේ අතර ඥානසාර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළද එහි පැය 24 ක් ගත කීරීමට පෙර ඔහු බන්ධනාගාර රෝහලේ සුව පහසුවේ සිටීමට ප්‍රතිපාදන සලසා දී තිබේ. රිමාන්ඩ් බන්ධනාගාර ගත කීරීමෙන් පසුව ඥානසාරට සිවුරේ මුත්‍ර පහවීමට පටන් ගෙන ඇති අතර එය මුත්‍රා අසාදනයක් ලෙස අරුත් දක්වා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ.

ඥානසාරට මෙම පහසු කම සලසා දී ඇත්තේ බන්ධනාගාර අධිකාරී (පරිපාලන) ධූරය දරණා ගෝඨාභය රාජපක්ෂගේ හෙංචයියෙක් වූ එමිල් රන්ජන් නමැති නිලධාරීයා විසිනි. ඥානසාර බන්ධනාගාර ගත වූ පසු කිහිප වතාවක්ම ගොඨාභය එමිල් රන්ජන් අමතා තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස නිශාන් ධනසිංහ නමැත්තෙක් සිටියද බන්ධනාගාරයේ බලය පතුරුවා ගෙන ඉන්නේ ගෝඨාභයගේ හෙංචා ලෙස කලක් තිස්සේම ක්‍රියා කළ එමිල් රන්ජන් ය. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඔහු විසින් කරන ලද කප්පරක් දූෂන සොයා බලා දඬුවම් දෙනවා වෙනුවට කර ඇත්තේ ඔහුව බන්ධනාගාර අධිකාරී(පරිපාලන) ධූරයට උසස් කිරීමය. කොමසාරිස් ජෙනරාල් ධනසිංහට උඩින් ක්‍රියා කරමින් සිවුරේ මුත්‍රා කරගනිමින් සිටි ඥානසාර බන්ධනාගාර රෝහලට ඇතුලු කර ඇත්තේ එමිල් රන්ජන්ගේ නියෝග පරිදි ය.

 

---------------------------
by     (2016-01-28 12:53:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

muthra gihinda dathu pahawelada ?
-- by wimalasena on 2016-01-28

ඔය එමිල් රන්ජන් කියන මිනීමරුව තාමත් බන්ධනාගාරෙ වැඩ කරනවද? තුවක්කු කටක් ඕකගෙ පැත්තට හරවන්න එකෙක් නැද්ද ඕක ඇතුලෙ.........
-- by නිමල් on 2016-01-28

ඥානසාරට හදිසියේ ඇතිවූ “කූඩු භීතිකාව“ නම් රෝගය හේතුවෙන් සිවුරේ මුත්‍ර පහවීමට පටන් ගෙන ඇති අතර එය මුත්‍රා අසාදනයක් ලෙස අරුත් දක්වා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ.
-- by Nanda Himi on 2016-01-28

මීට මාස 5 කට පෙර මැතිවරණයකට ඉදිරිපත් වී ඥානසාරට ලැබුනේ දිස්ත්‍රික්කයකින්ම ඡන්ද හයසිය ගණනක් වන අතර ඔහුගේ ගිහි හෙංචයියාට තවත් දිස්ත්‍රික්කයකින්ම ලැබුනේ ඡන්ද 70 ක් පමණ ගණනකි.
-- by ගලා on 2016-01-28

ඥානසාර වගේ ඔලමොට්ටලයො පවතින්නෙ පර්සි මහින්ද වගේ නූගත් ඔලමොට්ටලයො නිසා.....
-- by නදී on 2016-01-28

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links