~

ඒ වීරයන් තිදෙනා නොවීනම් අදත් ජනාධිපති මහින්දය: මෛත්‍රී අඩි 6 ක් පොළොව යට පණුවන්ගේ රස මසවුලක් වී දිරනු ඇත

(ලංකා ඊ නිව්ස් -2016.ජන.10, පෙ.ව.9.10) ජනවාරි 8 දේදුනු විප්ලවයට වසරක් ගෙවී ඇත. ඒ දේදුන්නේ අහලකවත් නොසිටි ගාමිණී සුමනසේකරලා, වසන්තප්‍රිය රාමනායකලා, චමුදිත සමරවික්‍රමලා, ඒ.බී ලලිත් ද සිල්වලා ආදී ගොම රිටි දේදුන්නේ දුනු දිය දැමූ වීරයන් වී සිටිති. ජනාධිපති පදවිය අහෝසි කරන්නට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ද පදවි ප්‍රාප්ත උත්සව පවත්වයි. නමුත් මේ කතාවෙන් හෙලිකරන සැබෑ වීරයන් තිදෙනා නොසිටියා නම් පෙර කී කිසිවෙකුට අද ජනතාව මුලා කරන නන්දන වින්දන පෙන්වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ වීරයන් තිදෙනා නොවීනම් අදත් ජනාධිපති මහින්ද රාජපක්ෂය. මෛත්‍රීපාල සිරිසේන අඩි 6 ක් පොළොව යට පණුවන්ගේ රස මසවුලක් වී දිරනු ඇත.
 
එබැවින් මේ කතාව ජනතාවට හෙලිකළ යුතු කාලය පැමිණ ඇතැයි ලංකා ඊ නිව්ස් සිතුවේය.
 
2010 ජනාධිපතිවරණය වැඩි ඡන්ද ලක්ෂ 20 කින් පමණ මහින්ද රාජපක්ෂ ජයගත්තා යැයි කී විට එය පිළිගැනීමට නොහැකි ප්‍රතිඵලයක් විය. ඒ අවස්ථාවේදී ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ සිංහල භාෂාවට නව වදනක් ගෙන එමින් එම ප්‍රතිඵලය ‘කොම්පියුටර් ජිල්මාට්‘ එකක් යැයි හැඳින්වීය. මඳ කලෙකට පසුව එකල එජාප සන්නිවේදන අංශ ප්‍රධානියා වූ මංගල සමරවීර රාජපක්ෂගේ ඡන්ද ප්‍රතිඵල කොම්පියුටර් ජිල්මාට් නොවේ යයි කීවේය. ඒ එසේ කීවද සියළු විපක්ෂ නායකයෝ රාජපක්ෂගේ ඡන්ද ප්‍රතිඵල වල කිසියම් අසාමාන්‍යතාවයක් තිබෙන බව පිලිගෙන තිබුනාහ. මංගල සමරවීර එවැන්නක් නැතැයි ප්‍රසිද්ධියේ කීවේ ‘ඡන්ද ප්‍රතිඵල වලට ජිල්මාට් කරනවා‘ යැයි ජනතාව අතර මතයක් මුල්බැස ගත හොත් ජනතාව ඡන්දය දැමීමට මන්දෝත්සාහී වී ඡන්දය දැමීමට කිසිවෙක් ඡන්ද පොලට නොඑන බැවින් එම මතය අනතුරුදායක බව දැනගෙන කීවා මිස රාජපක්ෂගේ ඡන්ද ප්‍රතිඵල වල අසාමාන්‍යතාවයක් තිබෙන බව නොපිලිගෙන කීවා නොවීය.
 
රාජපක්ෂගේ ඡන්ද ප්‍රතිඵල වල අසාමාන්‍ය බව ගැන ප්‍රධාන ලෙසම සැක කෙරුණු සංසිද්ධියක් වූයේ 2010 ජනාධිපතිවරණ ඡන්දයෙන් පසු සෑම ඡන්දයකදීම පාහේ රාජපක්ෂ රෙජීමයේ ගොබෙල්ස්ගේ චරිතයට පණ පෙවූ ඩලස් අලහප්පෙරුම ඡන්දය ආසන්නයේ හෙලිකරන ඔවුන්ගේ පූර්ව සමීක්ෂණ ප්‍රතිඵලයයි. ඡන්ද ප්‍රතිඵලය වෙනස් වූයේ ඩලස්ගේ පූර්ව සමීක්ෂණ ප්‍රතිඵලයට දශමස්ථාන එකක දෙකක වෙනසකින් පමණි. මෙය විශ්වාස කළ නොහැක්කක් විය. ඡන්ද සම්බන්ධයෙහි ලා එතරම්ම නිවැරදිව පූර්ව සමීක්ෂණ පැවැත්විය හැකි ජගතෙක් මේ ලෝකයේ පහල වී නැත.
 
රාජපක්ෂලාගේ සූත්තරය පිලිබඳ නොයෙක් කතා අප වෙත ලැබී තිබිණ. 2010 ජනාධිපතිවරණයේදී යුරෝපා රටකින් පැමිණි පරිඝනක වෙසරදුන් වන පියෙක් සහ පුතෙක් ගැන කතාවක්ද, ඉන්දියාවෙන් පැමිණි පරිඝනක කණ්ඩායමක් ගැන කතාවක්ද ඒ අතර වූ නමුත් කරන ලද සොයා බැලීම් වලදී පිලිගත හැකි සාක්කි සොයා ගත නොහැකි විය. ඒ වන විට විශ්‍රාම ලබා අතුරුදහන්ව සිටි හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක හෙවත් ආතතිනන්ද ඉන්නා තැනකින් අල්ලා ගත හොත් පොටක් පාදා ගත හැකි වෙතැයි සිතා ඔහු සොයා ලෝකය පීරුවෙමු. වරෙක ඔහු නෙදර්ලන්තයේ සිටිනවා ද තවත් වරෙක ඕස්ට්‍රේලියාවේ පන්සලකට එනවා යැයිද තොරතුරු ලැබූ අතර අපගේ ලංකා ඊ නිව්ස් තොරතුරු කරුවන් ඒ ස්ථාන වල රැකවල් ලා බැලූ විට ඒ දයානන්ද දිසානායක නොව ඔහුගේ හැඩරුවට සමාන වෙනත් පුද්ගලයන් වූහ.
 
පසුව පත් වූ මහින්ද දේශප්‍රිය ද රාජපක්ෂලාගේ කුඩා කුඩා මැතිවරණ පවත්වන ආකාරයේදී කැපී පෙනෙන ස්වාධීනත්වයක් පෙන්වා තිබුනේ නැත. නමුත් මහින්ද දේශප්‍රියගේ වැඩිමහල් සොහොයුරු ලංකා ඊ නිව්ස් මිත්‍ර සුනන්ද දේශප්‍රිය අප සමග කරන ලද සාකච්ඡා වලදී පවසා සිටියේ තීරණාත්මක ලෙස බලය වෙනස් වන මැතිවරණයදී එනම් ජනාධිපතිවරණයකදී හෝ පාර්ලිමේන්තු මැතිවරණයකදී තම මල්ලී වෙනස්ව හැසිරෙනු ඇති බවයි. 

ඒ අතරවාරයේ 2014 දී ජනාධිපතිවරණයකට මහින්ද රාජපක්ෂ දින නියම කෙළේය. දේශපාලන පක්ෂ නායකයන් පොදු අපේක්ෂකයා තෝරා ගෙන සේනා සංවිධාන කරමින් සටනට බැස තිබුනු නමුත් පෙර කී රාජපක්ෂලාගේ ඡන්ද සූත්තරය ගැන අවධානය යොමු කෙළේ අවමයෙනි. නමුත් ඒ ගැන තම දැඩි අවධානය යොමු කළ දෙදෙනෙක් වූහ. ඒ ජෙනරාල් ෆොන්සේකා ගේ ලේකම් වරයා වූ කපිතාන් සේනක ද සිල්වා සහ රාජපක්ෂලාට එරෙහි ශ්‍රීලනිප කණ්ඩායම් එක් රැස් කරමින් මහත් මෙහෙයක් ඉටු කළ එවක ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වූ තුසිත හල්ලොලුව දෙදෙනා ය. මීට අමතරව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමග සිටි නීතිඥ කණ්ඩායම ද රාජපක්ෂලාගේ සූත්තරය ගැන අවධානය යොමු කර තිබිණ. තුසිත හල්ලොලුව නිරන්තරයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හමුවෙමින් ජිල්මාට් දැමීමේ අවදානම ගැන අදහස් හුවමාරු කර ගනිමින් සිටියේ ය. ඒ සියළු අවස්ථාවලදී මහින්ද දේශප්‍රිය තම දෙපාර්තමේන්තුවේ ක්‍රමවේද අනුව කිසිදු ජිල්මාට් දැමිල්ලක් කළ නොහැකි බව පුන පුනා කියා සිටියේ ය. 

මැතිවරණයට ආසන්න දිනෙක කපිතාන් සේනක සහ හල්ලොලුව දෙදෙනා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හමුවීමට ගියහ. දේශප්‍රිය සමග කතා කරද්දී දෙදෙනා කියා සිටියේ රාජපක්ෂලාගේ සූත්තරය අනෙකක් නොව ඡන්ද ගණන් කරන ස්ථානයෙන් ෆැක්ස් මගින් එන ප්‍රතිඵලය අතරමැදදී රාජපක්ෂලා ලබාගෙන තමන් විසින් වෙනස් කරන ලද ප්‍රතිඵලයක් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කරන මූලස්ථානය වෙත ෆැක්ස් කර යවන බවයි. එය පිළිගැනීමට මහින්ද දේශප්‍රිය අකමැති විය. එහිදී හල්ලොලුව තම ජංගම දුරකථනයෙන් මහින්ද දේශප්‍රියගේ ජංගම දුරකථනය ඇමතුමක් ගත්තේය. එය නිවැරදිව හල්ලොලුවගේ අංකයෙන් මහින්ද දේශප්‍රියගේ දුරකථනයේ සටහන් විය. ඉන්පසුව එම දුරකථනය කොමසාරිස්ගේ මේසය මත තැබුවේය. ඉන්පසුව සේනකගේ දුරකථනයෙන් පිටත සිටින පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් දී ‘දැං හරි මැතිවරණ කොමසාරිස්තුමාට දුරකථන ඇමතුමක් ගන්නැයි‘ දැනුම් දුන්නේය. ස්වල්ප වේලාවකින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුනේය. පුදුමයකි..! එහි සටහන් වූයේ මහින්ද දේශප්‍රිය ඉදිරියේ මේසය මත නිසොල්මනේ තිබෙන හල්ලොලුවගේ ජංගම දුරකථනයේ අංකයයි. මහින්ද දේශප්‍රියගේ ඇස් උඩ ගියේ ය. හිඳ සිටි අසුනින් නැගිටුනේය. අම්බලන්ගොඩ පුරුදු ගමේ භාෂාවෙන්ම “මේක නම් හරිම------- කෙලියක් තමයි...!“ කියැවුනේ ය. දෙවැනි වරට හල්ලොලුවගේ දුරකථනය එම මේසය මත තිබියදීම ඊට අතවත් නොතබා එම දුරකථන අංකයෙන් මහින්ද දේශප්‍රියගේ ෆැක්ස් යන්ත්‍රය වෙත පිටත සිට ෆැක්ස් පණිවුඩයක් ද එවා පෙන්වීය. මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස් වරයාට සිදුවිය හැකි අනතුරේ ප්‍රමාණය තේරුම් ගියේ ඉන්පසුව ය. ඉන්පසු ඔහු ඡන්දය ගණන් කරන මධ්‍යස්ථාන වල සිට ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන දක්වා නිවැරදිම ප්‍රතිඵලය ගෙන්වා ගැනීමට ගත හැකි දහසකුත් එකක් ආරක්ෂක ක්‍රම ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය. අවසානයේ එය ‘ඇයි කකුලට වෙඩි තියන්නේ. ඔළුවට වෙඩි තියන්න පුළුවන්‘ යන කොමසාරිස් වරයාගේ ඓතිහාසික ප්‍රකාශය දක්වාම වර්ධනය විය.

ඒ සමගම පෙර කී සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමග සිටි නීතිඥ කණ්ඩායම ද ක්‍රියාත්මක වෙමින් රාජපක්ෂලා ගේ අතරමැද සූත්තර මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක කරන්නට ගිය ස්ථානය හඳුනාගෙන එය වටලෑවේ ය. රාජපක්ෂ රෙජීමයේ උපදේශක ආචාර්ය හර්ෂ විජේවර්ධන නමැත්තා සහ විදුලි සංදේශන නියාමන කොමිසමේ එවක සභාපති අනුෂ පැල්පිට එක්ව කොළඹ 07, ලොන්ග්ඩන් පෙදෙසේ රහසිගත ස්ථානයක පරිඝනක 40 ක්ද දුරකථන මාර්ග 40 ක් ද යොදා ගනිමින් සූත්තර මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන්නට ගියේය. විදුලි සංදේශන නියාමන කොමිසමේ ටර්මිනල් ලයින් පාස් වර්ඩ් හඳුනාගත හැකි සිව් දෙනෙකුද එම රහසිගත ස්ථානයේ සේවයට යොදවා තිබිණ. ( කියවන්න 2014 දෙසැ 31 දා ‘‘ඡන්දෙන් බැරි තැන කොම්පියුටරයට බහීද?“ 2015 ජන 02 දා “හර්ෂ ආචාරියා සහ අනුෂ පැල්පිට විසින් කොම්පියුටර් ජිල්මාට් සඳහා කළ සූදානම හෙලිවේ: ලොන්ග්ඩන් පෙදෙසේ රහසිගත නිවස වටලනු (Secret Video)“ මැයෙන් ලංකා ඊ නිව්ස් කළ හෙළිදරව්ව) ඒ සියළු තොරතුරු ලංකා ඊ නිව්ස් විසින් රටේ ජනතාවට අනාවරණය කළ බැවින් එම ස්ථානය අකුලාගෙන යෑමට රාජපක්ෂ රෙජීමයට සිදුවිය.

එජාපය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට සමගාමීව විකල්ප ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ද ක්‍රියාත්මක කෙළේය. 

මේ හේතු සියල්ල මත මහින්ද රාජපක්ෂ ඉන්තේරුවන්ම ඡන්ද ජය ගැනීමට දිගටම කරගෙන ආ ජිල්මාට්ටුව කර ගන්නට ජනවාරි 8 වෙනිදා නොහැකි විය. දශමස්ථානයට නිවැරදිව කියූ ඩලස්ගේ සමීක්ෂණ වැල් බයිලාවක් විය. දේදුනු විප්ලවය ජයගත්තේය.

ඉහත ක්‍රියාදාමයේ ප්‍රධාන සාධකයක් වූ මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස් වරයාගේ ඇස් ඇරවීම ක්‍රියාත්මක කළ කපිතාන් සේනක පෙරේරා සහ තුසිත හල්ලොලුව දෙදෙනාට යහපාලන ආණ්ඩුව කෘත ගුණ සලකා තිබෙන ආකාරය නම් කියන්න ලැජ්ජා සිතෙන තරම් ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තුසිත හල්ලොලුව දැරූ ටෙලිකොම්හි අධ්‍යක්ෂක ධූරයෙන් ඔහුව එළවා දමා රාජපක්ෂලා සමග අමු අමුවේ මහජන මුදල් මංකොල්ලා කෑ ලාෆ් වෑගපිටිය ඒ වෙනුවට පත් කරන ලදී. කපිතාන් සේනක ද සිල්වාට එළවා දැමීමටවත් තනතුරක් දුන්නේ නැත. අඩුම ගණනේ පසුගියදා දේදුනු විප්ලවයට වසරක් සම්පූර්ණ වූදා පැවැති උත්සව කිසිවකට ඉහත කී දෙදෙනාට ආරාධනා පත්‍රයක් හෝ නොඑවීමට තරම් යහපාලකයන් දුර්ජනයන් වී තිබිණ.

-ලංකා ඊ නිව්ස් කර්තෘ මාණ්ඩලිකයෙක් විසිනි-

සබැඳි පුවත් - 
ඡන්දෙන් බැරි තැන කොම්පියුටරයට බහීද?
හර්ෂ ආචාරියා සහ අනුෂ පැල්පිට විසින් කොම්පියුටර් ජිල්මාට් සඳහා කළ සූදානම හෙලිවේ: ලොන්ග්ඩන් පෙදෙසේ රහසිගත නිවස වටලනු (Secret Video)

---------------------------
by     (2016-01-10 20:02:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  8 discussion on this news

Mahinda regime also did the same mistake. kadena dun atha hapa kema balu wedaki.
-- by sama on 2016-01-10

this is shri lanka..you have so much to correct. not only the head. i don"t expect any thing good to happen in this country. just see my country in sinhala 'shri lanka.....in english it is sri lanka in tamil it is ilankai '.but the jolly good fellows go havoc.
-- by open mind on 2016-01-10

THANATA OBINA LESA KRIYA KALA ..RATA UGULEN GALAWUU OBA THIDENATA PRANAMAYA MAGEN..
-- by PEARL on 2016-01-10

එදා ජනාධිපතිවරයනයට මිටින් තියන කාලේදී ගාල්ලේ පවතී අට්ටලයද ගිනි තියල ශබ්ද විකාශන යන්ත්‍ර ටිකත් ගිනි තියපු නිශාන්ත මුතුහෙට්ටිගම කියන එකාට නියෝජ්‍ය ඇමති කමක් දීල.ඒ ගිනි තියපු අට්ටාලය වුඩට නැගල නිර්බිතව සහයෝගය දුන්නු ජෙනේරල්ට කිසිම දෙයක් නැහැ.ඉතින් මේ වීරයෝ තුන්දෙනා ගැන තව කුමට කතාද?
-- by tikiri banda on 2016-01-10

වාසියට රාජපක්ෂ හැතිකරය එක්ක අන්තිම දවස වෙනකම් නිදියපු සෝමවීර සේනානායකට රුපවාහිනියේ සබාපති කම දුන්න නම් එදා ඉදලම ඒකාධිපති හැතිකරයම ගෙදර යවන්න ජිවිත පරිත්ත්යාගයෙන් සත්‍ය ලියපු,අපේ ඇස් අරවපු ලංකා ඒ නිව්ස් කතෘ සදරුවන්ට ඇමති කමක් දෙන්න වටිනවනේ....!
-- by tikiri banda on 2016-01-10

Plans are afoot to increase the phone record charges up to Rs. 1000 per month. Sira inserted his brother to SLT and got rid of Senaka and Haloluwa to facilitate the next Fax Gilmart in next election. The godaya chairman must be chased away from SLT to save it.
-- by silva on 2016-01-10

this is a not rocket science. you can make a VOIP call like you are calling from your mobile number without using the handset ( i am adding this comment for the second time )
-- by chandana on 2016-01-10

Kolla Boy ta lajja hithuna nisa kiyanne. Mathakada danne na oya kathawe mulinma LEN keewe fax message wenas karanna ba kiyala. Kolla Boy thama keewe puluwan kiyala karana widiyath keewe. ita passe thama seratama as arune. ithin kolla boyta lajja hithena eka hari.
-- by Kolla Boy on 2016-01-11

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links