~

ගුවන් හමුදාව තුල ෆේස් බුක් තහනම්..! ගිණුම් වසා දැමීමට නියෝග..!! දුවගේ එන්රික් පිස්සුව පියාටත් සේනාධිනායකයාටත් ඩබල් වී වැළඳේ

(ලංකා ඊ නිව්ස් -2016.ජන.03, පෙ.ව.9.45) ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහලගේ දියණිය අයේන්ද්‍රා බුලත්සිංහලට වැළඳුනු එන්රික් උන්මාදය සුව කර ගැනීමට නොහැකි වූ ගුවන් හමුදාපතිවරයා ඒ වෙනුවට සමස්ථ ගුවන් හමුදාවේ 4000 ක් පමණ වන සෙබළුන්ගේ/නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් අහෝසි කරමින් නීති විරෝධී ලෙස පලිගෙන තිබෙන අසාමාන්‍ය පුවතක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ඒ නම් ගුවන් හමුදාවේ සෑම සියළු දෙනාටම ෆේස් බුක් ගිණුම් පවත්වා ගෙන යෑම තහනම් කර තිබේ. මේ සම්බන්ධ නියෝගයක් ඊයේ ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂ වරයා විසින් නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ ගුවන් හමුදා සාමාජිකයන් මේ වන විට පවත්වාගෙන යන ෆේස් බුක් ගිණුම් වහාම වසා දමන ලෙසත් අලුතින් ගිණුම් ආරම්භ කිරීම අත්හිටුවන ලෙසත්ය. මීට පෙර සෑම හමුදාවකම නිලධාරීන්ට පැවැති නීතිය නම් තමන්ගේ සමාජ ජාලා ගිණුම් වල හමුදා නිල ඇඳුමින් පෙනී සිටීම වළක්වන නියෝගයක් පමණි. 

ගුවන් හමුදාපතිවරයා පවසා ඇත්තේ මෙය ආරක්ෂක මණ්ඩලය විසින් ගත් තීන්දුවක් බව වුවද මේ දක්වා වෙනත් හමුදාවල සාමාජිකයන්ට එවැනි නියෝගයක් නිකුත් කර නැත. 

පසුගියදා එන්රික් ඉග්ලේසියස් නම් ලතින් ඇමරිකානු පොප් ගායකයාගේ ශ්‍රී ලංකා සන්දර්ශනයේදී ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහලගේ දියණිය වියරුවෙන් මෙන් වේදිකාවට පැන ගායකයා බදා ගෙන බලෙන් සිප වැළඳ ගැනීම ලංකා ඊ නිව්ස් මගින් ප්‍රථම වරට හෙලි කිරීමෙන් පසුව අන්තර් ජාලය සහ සමාජ ජාලා තුල මහත් ආන්දෝලනයක් ඇති කෙළේය. ඊට කිසියම් අයෙකු ගායකයාට තනපටයක් විසිකිරීමද එකතු වීමෙන් පසුව එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පිස්සු වට්ටවමින් ‘මඩු වලිගෙන් තැලීම‘ වැනි ශිෂ්ඨාචාර සමාජය පිලිකුල් කරන ප්‍රකාශ කිරීම දක්වා  තව තවත් විකාර රූපී විය. අවසානයේ ඒ සියල්ල සමාජ ජාලාවල පැතිර යෑමෙන් ජනාධිපතිවරයා “සිරා ද බ්‍රා“ යන අන්තවර්ථ විසිළු නාමයෙන් හඳුන්වන තැන් දක්වා වර්ධනය විය. දැන් තත්ත්වය තව තවත් අනා ගනිමින් ආරක්ෂක ඇමැති වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගුවන් හමුදාපතිවරයා එක්ව ෆේස් බුක් නමැති ලොව ජනප්‍රිය මෙන්ම ජනතාවට නැතිවම බැරි වී ඇති සමාජ ජාලය ගුවන් හමුදා සාමාජිකයන්ට තහනම් කර තිබේ. 

තවත් තහනම් කිරීමක් සිදුකර ඇති ආයතනයක් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මලයා කුමාරසිංහ සිරිසේන සභාපතිත්වය උසුලන ටෙලිකොම් සමාගමයි. ටෙලිකොම් දූෂණ අක්‍රමිකතා ලංකා ඊ නිව්ස් මගින් හෙලි කිරීම නිසා එහි සේවකයන්ට එම ආයතනය තුලදී  ලංකා ඊ නිව්ස් වෙත පිවිසීම බාධා කර තිබේ. 

රාජපක්ෂ රෙජීම සමයේ පවා ලංකා ඊ නිව්ස් ඇතුළු ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් තහනම් කළද පොදු  සමාජ ජාලා තහනම් කිරීමක් සිදු කෙළේ නැත. 

ගගන් බුලත්සිංහලගේ සොරකම් සම්බන්ධයෙන් හෙලි කිරීමෙන් පසු ගුවන් හමුදාව තුලදී ෆේස් බුක් සමාජ ජාලයට පිවිසීම මීට පෙර තහනම් කරන ලද අතර ලංකා ඊ නිව්ස් ඒ සම්බන්ධයෙන් වාර්තා කෙළේය. එහිදී ගුවන් හමුදා උසස් නිලධාරීන් පවසා සිටියේ පද්ධතියේ ප්‍රතිසංස්කරණයක් නිසා තාවකාලිකව අත් හිටුවා තිබෙන බවකි. නමුත් දැන් ගුවන් හමුදා සාමාජිකයන්ට ෆේස් බුක් ගිණුමක් පවත්වා ගෙන යෑම පවා තහනම් කර තිබේ. 

මේ හේතුවෙන් 4000 ක් පමණ වන ගුවන් හමුදා සාමාජිකයන්ට තම ඥාතීන් සමග සම්බන්ධතා පවා පවත්වාගෙන යෑම පවා නොහැකි වී ඇති අතර අත්‍යාවශ්‍ය දැනුම හුවමාරු කර ගැනීම ද නොහැකි වී ඇත. මෙය සම්පූර්ණයෙන්ම ගුවන් හමුදාපතිවරයාට තම දුව හදාගැනීමට නොහැකී වීම නිසා හමුදා සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිය. 

සේනාධිනායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනවාරි 8 වෙනිදා ජනතාව බලය දුන්නේ මාධ්‍ය වාරණයට නොව රාජපක්ෂලා වාරණය කරන ලද මාධ්‍ය නිරාවරණයට ය. මේ නම් අයේන්ද්‍රාට වැළඳුනු පිස්සුව ගුවන් හමුදාපතිටත් සේනාධිනායකයාටත් ඩබල් වී වැළඳීමකි..

---------------------------
by     (2016-01-03 04:43:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

Sirada Bra, Ponna SIra, Godaya, Gamm bijja Mema namwalinma Penawa Keri Aappayata Desapalana samjiya wasayen Danumak, Awabodayak Nathibawa.Munta puluwan Akadeyak thibenawa, Sorakama , Kerikama saha prachndathwayai. mekage Malaya, Telecom Goohora keriya Party daanawa, Goosirage Donianda Danatamath Baapage Record kadala Horakamkorala Cup gahala. thawa idiriyata monawa noweida! munta mehema wenne Aiii kiyala apit atherenne naa. mama hithanne thawa aurudu gaanakin Janadipathi korame wenasak wenawita Keri Appayata gedara yanna wenawa. amanisa Dan puluwan widiyata gema denawa. pasuwa Doniandat aoyawidiyata Horakamkoranna samaharawita nolabenna puluwan. Dan keri Burusuwa Madamulana Awajathaka Mahendra familiakata wediyen cup gahanna Goosira familyaka soooo gaala wadawage. Fuck u Alll
-- by Ice Tee on 2016-01-03

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂලාට එරෙහි පරීක්ෂණ යට ගැසීමට හේතුව ඕක තමයි! හතර වරිගෙම ගොඩ දා ගැනීම!
-- by Jayantha Nonis on 2016-01-04

ටෙලිකොම් සභාපති ජනාධිපති සහෝදරයා කුමාරසිංහ මොලයක් ඇති මනුස්සයෙක් නෙවේ. ටෙලිකොම් එක කාපු රාජපක්ෂ හොරුත් එක්ක එකතු වෙලා උන්ගෙ ලනු කාල මහා පරිමාණ හොර ගණුදෙණු පටන් අරං. හැබැයි ඒවට නං මොලේ තියෙනෝ.අසරණ පාරිභෝගිකයන්ගෙ මුදල් මොවුන් ටික දෙනෙක් පහත් විදියට බෙදා ගන්නව.ජනාධිපතිතුමා රාජපක්ෂගෙ ජාතියෙ දේශප්‍රේමියෙක් නෙවේ නං වහාම මේ මලය ගැන තීරණයක් ගන්න. ඒ වගෙම තමන්ගෙ දරුවො කරන තක්කඩි වැඩ ගැන හොයන්න. මැද මුලනෙ කබරගොයාට වෙච්ච දේ මතක් කර ගත්තොත් හොඳයි!
-- by Rajitha Chamikara on 2016-01-04

සිංහ වෙස් අරං හිටපු මැද මුලන නරියගෙ සිංහ ඇඳුම ගලවළ ඇතුලෙ ඉන්නෙ නරියෙක් කියල පෙන්නපු ජනතාවට සිරිසේනලාගෙ වෙස් ගලවන එක මහ කජ්ජක් නෙවේ.
-- by Dilan on 2016-01-04

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links