(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.30, ප.ව.5.30) ජනාධිපති ‘සිරා ද බ්‍රා‘ ගේ මඩු වල්ග ප්‍රහාරය ක්‍රියාත්මක වෙමින් ගායක එන්රික්ගේ ප්‍රසංගය සංවිධානය කළ සංගක්කාරගේ සහ මහේලගේ ‘ලයිව් ඉවෙන්ට්ස්‘ පුද්ගලික සමාගම කොළඹ නගර සභාව විසින් බ්ලැක් ලිස්ට් කර තිබේ.
එම සමාගම කොළඹ නගර සභාව ‘බ්ලැක් ලිස්ට්‘ හෙවත් අසාදු ලේඛන ගත කිරීමට හේතු ලෙස පවසන්නේ රුපියල් මිලියන 29 ක විනෝද බද්දක් ගෙවීම පැහැර හැර ඇති බවයි. එම සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ විනෝද බද්ද එපමණ ප්‍රමාණයක් නොවන බවයි.
එන්රික් ප්‍රසංගයට සහභාගී වූ තරුණියක් හැඳ සිටි හෝ නිවසින් රැගෙන ආ හෝ බ්‍රෙසියරයක් ගායකයා වෙත දමා ගැසීම ගැන සහ ගුවන් හමුදාපතිගේ දියණිය ගායකයා සිප ගැනීම ගැන උරණ වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිද්ධිය විවේචනය කෙළේ තරුණියන් දෙදෙනා එල්ල කරමින් නොවූ අතර ඔහු ‘මඩු වලිගයෙන් ගහන්න ඕනෑ‘ යයි කීවේ ප්‍රසංග සංවිධායකයන්ට ය. කෙසේ වෙතත් ප්‍රසංගයට ඔහුගේ පුතා සහ බෑණාද ගොස් ඇති බව ලංකා ඊ නිව්ස් මගින් පළමුවරට හෙලි කිරීමෙන් පසු කකුල කටේ දමා ගැනීමට සිදුවූ ජනාධිපතිවරයාට හතර අතින්ම පහර වැදිණ. මෙයින් තව දුරටත් ඔළුව විකාර කර ගත් ජනාධිපතිවරයා ඊට පසුව අන්තර් ජාල මාධ්‍යයට බැන වදිමින් ‘ඉල්ලන්නේ නිරුවතින් පාරේ යෑමේ නිදහසදැ‘යි ප්‍රශ්න කරමින් ‘නිරුවතින් පාරේ යන්න ඉඩ දෙන්න බැහැ‘යි කීවේය. ජනාධිපතිවරයාගේ මෙකී ප්‍රකාශය ‘යන්නේ කොහෙද? මල්ලෙ පොල්‘ වර්ගයේ මඤ්ඤං පිළිතුරක් වූ අතර අන්තර් ජාල මාධ්‍යය ප්‍රශ්න කර සිටියේ ප්‍රසංගයට ගිය තමන්ගේ පුතා සහ බෑණාට මඩු වලිගයෙන් පහර දෙනවාද? යන්නත් අප්‍රසන්න ලෙස හැසිරුණු තමන්ගේ ගුවන් හමුදාපතිගේ දියණියට අවවාදයක් නොදී අම්පාරේ මිනිසුන්ට දොඩවන්නේ මන්ද ? යන්නත් ය. ඒ ගැන කිසිවක් කතා නොකරන ජනාධිපති නිරුවතින් පාරේ යෑමට ඉල්ලීමක් ගැන පවසයි. එවැන්නක් කිසිවෙක් ඉල්ලා තිබුනේ නැති අතර ජනාධිපතිගේ මඤ්ඤං ප්‍රකාශ නිසා අන්තර් ජාල මාධ්‍ය විසින් ඔහු ‘සිරා ද බ්‍රා‘ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීමට පටන් ගෙන තිබේ.
අනෙක් අතට ඔහුව ජනාධිපති පුටුවේ තැබුවේ අද ඔහු බැන වදින අන්තර් ජාල මාධ්‍යය විසින් බවත් ඔහුට ඡන්දය දුන් බහුතරය අන්තර් ජාල මාධ්‍ය ඇසුරුකරන තරුණ තරුණියන් බවත් ඔහුට අමතක වී තිබීම අපූරුය.
---------------------------
by (2015-12-30 13:07:08)
Leave a Reply
නිල් මානෙල් මල් පිපෙයි...පිට කසයි..
-- by cham on 2015-12-30
I think you guys trying to make this issue big unnecessarily. I think the action took for this problem by president is 100% correct, he cleanly said that not only the person who went to this event but also the persons who organized this event should be punished.. because they should know how to maintain the crowd and it is the responsibility of organizers.. providing liquor is absolutely wrong concept. we should try to improve our nation culture and exhibit it to world without adopt unwanted thing from western world .. you guys may think it is wrong.. they are destroying culture of our country knowingly or unknowingly.. I am lankaenews reader since 2013 but in this issue I am not impressed with your service..
-- by WASEEM on 2015-12-30
Better,easy,short & sweet , to call him is "zebra" -- HOW ABOUT YOU LEN ????? - A.C.R
-- by acrperera on 2015-12-30
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි