~

ස්ත්‍රී දූෂක ආබෘෘ විනි-සොරා බේරා එමගින් රාජපක්ෂලාද බේරා ගැනීමේ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු කුමන්ත්‍රණයක සුල මුල හෙලිවේ

(ලංකා ඊ නිව්ස් - 2015.දෙසැ.20, ප.ව.1.45)  ස්ත්‍රී දූෂක ශ්‍රේෂ්ඨාධිකරණ විනි-සොරා සරත් ආබෘෘ ට සහන සලසා ඒ මතින් චෞර රාජපක්ෂලාට ද සහන සැලසීමේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමන්ත්‍රණයක් පිලිබඳ තොරතුරු ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වී තිබේ.

ස්ත්‍රී දූෂක සරත් ආබෘෘට එරෙහිව මේ වන විට නීතිපතිවරයා විසින් නඩු පවරා තිබියදී  තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන්නේ දේශපාලනික වෛරයකින් පලිගැනීමට යැයි කියමින් තමන්ම සේවය කරනා ශ්‍රේෂ්ඨාධිකරණයට ආබෘෘ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් මේ වන විටත් ගොනු කර තිබේ. එය ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත බාර දී ඇති අතර එය විභාගයට ගන්නවාද නැතිද යන්න ගැන මූලික විභාගය සිදුකිරීමට නියමිතව තිබේ.

මේ අතර රාජපක්ෂලාගේ වලව්වේ ඉඳුල් කමින් සිටි සට්ටැඹියෙක් වූ නීතිඥයෙකු ජනාධිපති නීතිඥයෙකු කරවා පසුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ද ලෙස පත් කරන ලද ප්‍රියන්ත ජයවර්ධන නම් ශ්‍රේෂ්ඨාධිකරණ විනි-සොරා ඉහත කී ආබෘෘගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සමග තුන් පිම්මක් පැනීමට කුමන්ත්‍රණය කර ඇත. 

ඒ නම් අපරාධ නඩුවක චූදිතයෙකුට ඒ අරභයා මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට කිසිදු අයිතිවාසිකමක් නැතිවා වුවද ආබෘෘගේ පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කිරීමටත් ඉන්පසුව ආබෘෘට එරෙහිව නගන ලද චෝදනා දේශපාලන පලිගැනීමක් නිසා එල්ල කරන ලද චෝදනා යැයි නිගමනය කරමින් ආබෘෘ බේරා ගැනීමටත් ය. ආබෘෘ විශ්‍රාම යෑමට ඉල්ලා ඇති අතර ලබන ජනවාරි 06 වෙනිදා සිට එය ක්‍රියාත්මක වීමට ද නියමිත ය. ආබෘෘගේ පෙත්සමින් දක්වා ඇත්තේ තමාට ඉල්ලා අස්වනවානම් නඩු පවරන්නේ නැතැයි කියා රවටා ඉල්ලා අස්වීමේ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසු නඩුවක් පැවරූ බවයි. බල අපරාධ සම්බන්ධ නඩුවකදී ඔහුගේ තර්කය වැදගැම්මකට නැති වුවද ප්‍රියන්ත ජයවර්ධන ප්‍රමුඛ රාජපක්ෂවාදී විනි-සොරුන් මෙය වැදගත් යයි කියා විමර්ශනයට ගෙන ආබෘෘගේ චෝදනා දේශපාලන පලිගැනීමක් නිසා කරන ලද්දක් යැයි තීන්දුවක් දීමට කුමන්ත්‍රණය කර තිබේ.

මේ කුමන්ත්‍රණ කරුවන් පිරිස මෙයින් බලාපොරොත්තු වන්නේ එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමට ය. ඒ නම් ආබෘෘට එවන් තීන්දුවක් දීමෙන් පසු එය නිදර්ශනයට ගනිමින් රාජපක්ෂ හොරුන්ට එරෙහිව FCID ය විසින් ලඟදීම ගොනු කරන නඩු වලදී ද චූදිතයන්ට ආබෘෘ ගිය ගමන් මාර්ගයේ ගමන් කරමින් සහන සලසා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සකසා දීමට ය. එනම් ඒවාද දේශපාලන පලිගැනීම සඳහා ගොනු කරන ලද නඩු යැයි නම් කිරීමට අවශ්‍ය පාර කපා දීමට ය. FCID ය විසින් රාජපක්ෂලාට එරෙහිව ගොනු කරන නඩුවක් පෙර කී ආකාරයට විසි වී යෑමෙන් පසු යහපාලන ආණ්ඩුව පත් කළ ජනතාව තුල ඇතිවන්නේ ආණ්ඩුව ගැන තදබල කලකිරීමකි.  එම කලකිරීම හරහා පරාජිත චෞරයන්ට දේශපාලන අවස්ථාවක් සලසා ගැනීම ලෙහෙසිය. කුමන්ත්‍රණ කරුවන්ගේ සැලසුම එලෙසය. මේ ප්‍රවෘත්තිය සමග ඒ කුමන්ත්‍රණය හෙලිකර තිබේ. 

දශක ගණනාවක් පුරා ඔඩු දුවා ඇති රාජපක්ෂලාගේ මෘග චෞර දූෂිත යන්ත්‍රය එක් යහපාලන විප්ලවයකින් ජයගැනීමට තිබෙන අපහසුතාවය මේ සිද්ධියෙන් ජනතාව තේරුම් ගත යුතු අතර තමන් විසින් අමාරුවෙන් බිහිකර ගත් ළදරු යහපාලන ආණ්ඩුවට එරෙහිව නැගී එන කුමන්ත්‍රණ ගැන අවබෝධයකින් ක්‍රියා කළ යුතුවා මිස පිස්සු බල්ලන් මෙන් ක්‍රියා කිරීමෙන් පරාජිත මෘග චෞරයන්ට සේලයින් එන්නත් කිරීමෙන් වැළකිය යුතුය.  

---------------------------
by     (2015-12-20 08:23:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links