~

පොදු අපේක්ෂකයා ජය ගැනීම සමරා සජිත් නිවාස 75000 ක් කපරාරු කරයි

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.19, පෙ.ව.11.20) පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස  මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර ඔහු ජයග්‍රාහී ලෙස ජනාධිපති කරවා වසරක් ගත විම නිමිත්තෙන් දිවයින පුරා බාගෙට වැඩ නිම කළ නිවාස 75000 ක් තෝරා එම නිවාස කපරාරු කිරීමට සහාය වීමට නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කරන ලද සැලසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.  

මෙම නිවාස 75000 තෝරා ගනු ලබන්නේ එක් දිස්ත්‍රික්කයකට නිවාස 3000 ක් වන පරිදි ය. කපරාරුව ඉතිරි වී තිබෙන නිවාස තෝරා ගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ලබා දී මුදල්ද දීමට සජිත් ප්‍රේමදාස මහතාගේ සැලසුම වී තිබේ.

බලයේ සිටියදී ආර්. ප්‍රේමදාස මහතා සුද්ධවන්තයෙකු නොවූයේ වූ නමුත් ඇමැතිධූරයක් ලබා ගැනීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව දූෂන, වංචා, ඥාති සංග්‍රහ, ඩීල් ආදී චෝදනා කිසිවක් මෙතෙක් එල්ල වී නැත. 

---------------------------
by     (2015-12-19 05:51:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links