(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.05, ප.ව. 10.30) කරු පරණවිතානගේ නව පත්විම ගැන ලංකා ඊ නිව්ස් කළ පනහට පනහේ විග්‍රහය යහපත් නැත. එය නිදහස් මාධ්‍ය පිළිවෙත විය හැකිය. එහෙත් ඒ විග්‍රහයට තාර්කික පදනමක් නැත. ඒ නිසාම සාධාරණ නැත. ඒ විවේචනය නිර්මානය වන්නේ බුද්ධික පතිරණගේ අඟල් හතේ අඩි කෝදුවට කරු පරණවිතාන හේත්තු කර තබා මැන බැලීමකි. ඒ අනුව බුද්ධික පතිරණ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකි. කරු ප්‍රශ්නයක් වන්නේ බුද්ධික තවමත් නිකම්ම මන්ත්‍රී කෙනෙකුව සිටීම නිසාය. මෙය ඉබ්බා සහ හාවාගේ කතාවට සාමනය. ඒ කතාවේ ජවාධික හාවා නිදා ගත්තේය. ඉබ්බා හැල්මේ ගමන් කළේය. ධාවන තරඟය අතර, හාවා නිදා ගැනීමත්, බුද්ධික පතිරණගේ හැසිරීමත් ඔවුන්ට අනන්‍ය වෙති. ඒ නිසා අර ඉබ්බා හෝ කරු පරණවිතාන අවතක්සේරු කළ යුතු නැත. ලංකා ඊ නිව්ස් විග්‍රහය අනුව කරු පරණවිතාන පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමතිකමට නුසුදුසු වන්නේ බුද්ධික පතිරණ නිසා මිස කරුගේ නුසුදුසු කමක් නිසා නොවේ. ලංකා ඊ නිව්ස් විග්‍රහය තක්සේරු වන්නේ එහෙමය.
ආනන්ද තිස්ස අල්විස් පාර්ලිමේන්තුවට පැමිණි වහා කතානායක තනතුරට පත්විය. ඔහු පාර්ලිමේන්තු ඉතිහාසය වර්ණවත් කළ විශිෂ්ඨ කතානායක වරයෙකි. ඔහුගේ භාවිතයට කෝඩුකාරකම බලපෑවේ නැත. ගාමිණී ෆොන්සේකා පාර්ලිමේන්තුවට පැමිණි වහා නියෝජ්‍ය කතානායක තනතුරට පත්විය. ගාමිණිගේ භාවිතයටද ඔහුගේ කෝඩුකාරකම බලපෑවේ නැත. එවැනි ඉතිහායක් ඇති ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කරු පරණවිතාන බුද්ධික පතිරණගේ අඟල් හතේ අඩි කෝදුවට තබා තක්සේරු කිරීම යහපත් විග්‍රහයක් නම් නොවේ.
සියල්ල හැම තැනම හැම විටෙකම සාපේක‍්ෂක නොවේ. බුද්ධික පතිරණත් කරු පරණවිතානත් එකිනෙකාට හප්පා බැලිය හැකිය. දෙදෙනාම පිරිමිය. දෙදෙනාම තරුණය. දෙදෙනාම උස නැත. බුද්ධික එජාපයට නායකයෙක් නිර්මානය කිරීමට ප්‍රමාණය ඉක්මවා කැප විය. එය විශිෂ්ඨ අරමුණකි. එහෙත් බුද්ධික තම අභිප්‍රාය වෙනුවෙන් පක‍්ෂයේ ජයග්‍රහණ පාවා දීමට සැලසුම් කළ චරිතයකි. එසේ කියන්නේ කරු පරණවිතානලා කඩාගෙන විත් මෛත්‍රීපාල පොදු අපේක‍්ෂකයා නොකරන්ට මහින්දට වාසිදායක තැනකට ජනාධිපති මැතිවරණය තල්ලු කරන්නට බුද්ධිකලා සැලසුම් කර තිබුණ නිසාය. ඔහු සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක සමග අලියාගෙන් යුඇන්පී අපේක‍්ෂකයෙකු දාන්න ඇල්ලූ කස්තිරම නතර කර ගත් අය එහි අග මුල දනිති.
මාතර කුරුඳු පොලු සටනට අනුව බුද්ධිකලා ශක්තිමත් කළේ ආරක‍්ෂා කළේ මහින්ද රාජපක‍්ෂ විසිනි. ඒ අතීතයට බිය ඇති තෙක් බුද්ධිකලාට යම් අසාධාරණයක් වෙන බව පෙනේ. එය පැහැදිලිවම අසාධාරණයකි. එහෙත් ඒ නිසා කරු පරණවිතාන නුසුදුස්සෙකු ලෙස පාච්චල් කිරීම වටින්නේ නැත. ප්‍රංස ප්‍රහාරය මහින්දලා කැමති ලෙස විග්‍රහ කළේ ජාතික ආණ්ඩුවේ මාධ්‍ය භාවිතයේ හපන්කම නිසාය. යම් යම් දුර්වලකම් තිබුණද මේ අයවැය රැක ගන්ට ජාතික ආණ්ඩුවේ මාධ්‍ය භාවිතය අපොහොසත් විය. අප කරු දෙස බලා සිටිය යුත්තේ ඒ අඩුව සපුරාලන්ට ඔහුට හැකිද කියාය. අප කරු පරණවිතානට සුබ පතමු.
සබැඳි පුවත -“කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තුවට ඇවිත් මාස 3 ක් යන්න කලින් පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති කරයි“
---------------------------
by (2015-12-05 18:12:52)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි