(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.04, ප.ව.10.45) රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 47257 ක් පමණක් ලබා එජාප ලැයිස්තුවේ අන්තිමයා ලෙස පාර්ලිමේන්තුවට නවකයෙකු ලෙස පත් වී ආ මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (04) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ජනමාධ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි නම් ප්‍රමාණවත් අත්දැකීම් සහ අධ්‍යාපනයක් සහිත පුද්ගලයෙක් වන පරණවිතාන මහතා පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් නම් අඳ බාලයෙකි. පළමු වරට පාර්ලිමේන්තුවට ඇතුළු වී මාස 3 ක් හෝ සපුරා නැති නවක මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පත් කිරීම නම් යහපාලන විහිළුවකි.
බුද්ධික පතිරණ වැනි 2010 දී පාර්ලිමේන්තුවට ආ දිස්ත්‍රික් මනාප වලින් පළමු ස්ථානයට පත් වූවන් නිකම්ම නිකම් මන්ත්‍රීවරුන්ව සිටියදී දිස්ත්‍රික්කයක අවසානයට මනාප ලබා ගත් නවක පුද්ගලයෙකුට නියෝජ්‍ය ඇමැති ධූරයක් ලබා දීම ද ජනතා මතය අනුව එකඟ විය හැක්කක් නොවන අතර ක්‍රමවේදයක් ලෙසද පිලිගත නොහැක්කකි.
කරුණාරත්න පරණවිතාන මහතා ලංකා ඊ නිව්ස්හි දිගුකාලීන මිතුරෙක් වන අතර මෙම විවේචනය ඔහුට පුද්ගලිකව එල්ල කරන්නක් නොවන බවත් ක්‍රමවේදයක් ලෙස පත්වීමෙහි තිබෙන වැරැද්ද පෙන්වා දීමක් පමණක් බවත් සැලකුව මනාය.
කෙසේ වෙතත් ආණ්ඩුව විසින් යහපාලනය වෙනුවෙන් ගන්නා වැදගත් ක්‍රියාමාර්ග පවා රාජ්‍ය මාධ්‍යයන්ගේ අවධානයට ලක් නොවී විකෘති මත සමාජගතවීම වැඩි වී තිබේ. හොඳම උදාහරණයක් වන්නේ දේදුනු විප්ලවයේ ජනතා අභිලාෂයක් වූ ස්වාධීන කොමිෂන් සභා 9 ක වැඩ නිමා වීම මුද්‍රිත රාජ්‍ය මාධ්‍යයට වැදගත් ප්‍රවෘත්තියක් නොවුනද විමල් වීරවංශ ‘සිත තද කරන්‘ ගීතය ගැයීම වැදගත් ප්‍රවෘත්තියක් වී තිබිණ. මේ තත්ත්වය වළක්වා යහපාලන ජයග්‍රහණ කෙරෙහි ජනතා උනන්දුව ඇති කොට යහපාලන ක්‍රියාවලියකදී අත්‍යාවශ්‍ය සාධයක් වන ජනතා සහභාගීත්වය වර්ධනය කිරීමට රාජ්‍ය මාධ්‍ය වෙත මග පෙන්වීමට කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමැතිවරයාට හෝ හැකිවේ නම් එය යහපතකි.
---------------------------
by (2015-12-04 18:17:19)
Leave a Reply
ඇමතිකම් සඳහා පුද්ගලයින් තේරිය යුත්තේ පලාතට, ඡන්ද ගානට, ජ්‍යෙෂ්ඨත්වයට අනුව නොවේ. දැනුම, හැකියාව සහ කැපවීම අනුවය!
-- by Rasika on 2015-12-06
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි