(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.02, ප.ව.10.15) සම්මුති ආණ්ඩුමේ මංගල අයවැය දෙවන වර කියවීම අද (02) සවස වැඩි ඡන්ද 107ක් හෙවත් තුනෙන් දෙකේ බලයෙන් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 159 ක් හිමි වූ අතර විපක්ෂ වූයේ ඡන්ද 52 ක් පමණි. 13 දෙනෙක් ඡන්ද විමසීමට සහභාගී නොවිණ. ඡන්ද විමසීම නමින් සිදුකෙරිණ
සුළු සුළු විවේචන ඇතත් නිදහසින් පසු ජාතික අරමුණක් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රථම අය වැය මෙම අය වැය වූ අතර අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ආදායමෙන් සියයට 6 ක් වෙන්කරනු යන සරසවි ආචාර්ය වරුන්ගේ ඉල්ලීම ආසන්නයට පැමිණ සියයට 5.41 ක් වෙන් කරන ලදී. විවේචන කොතෙකුත් ඇතත් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද විශාලතම මුදල මෙම සම්මුති ආණ්ඩුව විසින් වෙන් කර ඇති බව සැබෑවකි. ඒ බව අද මාධ්‍ය හමුවකදී ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය ප්‍රිමාල් ප්‍රනාන්දු ද පිලිගන්නා ලදී.
අත්‍යාවශ්‍ය භාණ්ඩ 11 ක මිල අඩු කිරීම, තෙල් මිල ගෑස් මිල අඩු කිරීම, රජයේ සේවකයාට රුපියල් 10,000 ක් වැටුප් වැඩි කිරීම ආදිය ක්ෂණික සහන නොවේ යයි කිසිවෙකුට කිව නොහැකිය.
මෙවැනි බොහෝ සාධනීය තත්ත්වයන් සලකා ප්‍රථම වරට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයක් විය. නමුත් රටේ අවාසනාවට බිහිවී ඇති ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂ ගෝත්රවාදීන් සමග එක්ව අය වැයට විපක්ෂව ඡන්දය දීම පිළිකුල් සහගත විය. අඩුම ගණනේ ජනතා විමුක්ති පෙරමුණට රට ගැන සැබෑ ප්‍රායෝගික සාධනීය දෘෂ්ඨියක් තිබුණා නම් මෘග චෞර රාජපක්ෂවාදීන් සමග එක්ව එක පතේ ලගිනවාට වඩා ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීමට හැකියාවක් තිබිණ. පුළුල් දේශපාලන දැක්මක් නැති ජවිපෙ නායකයාට දකින්නට හැකියාව ඇත්තේ කන් හැඳි මිටේ දුර පමණක් බව අය වැයට විරුද්ධව රාජපක්ෂලාගේ දැක්ම හා සමපාත වීමෙන් රටටම පෙන්වීය.
විපක්ෂයේ අසුන් ගෙන සිටින ආරුමුගම් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න වැන්නන්ද අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්හ.
අය වැයට රාජපක්ෂවාදීන් විරුද්ධ වෙද්දී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඡන්ද විමසීමෙන් පැන ගොස් ඡන්දය දුන්නේ නැත. රාජපක්ෂවාදීන් වූ ගීතා කුමාරසිංහ, සිරිපාල ගම්ලත්, පේ‍්‍රමලාල් ජයසේකර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මනූෂ නානායක්කාර, ලොහාන් රත්වත්තේ, කනක හේරත් ආදීන්ද මහින්ද රාජපක්ෂ අනුගමනය කරමින් ඡන්දය දීමට පැමිණියේ නැත.
ආණ්ඩු පක්ෂයේ ඇමැති එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා අසනීපව රෝහල් ගතව සිටින බැවින් ඡන්දය දීමට නොපැමිණි අතර අතුරලියේ රතන හිමියන් සහ බුද්ධික පතිරණ දෙදෙනා විදෙස් ගතව සිටින බැවින් ඡන්දය දීමට පැමිණියේ නැත.
දෙමළ ජාතික සන්ධානයේ ශිවශක්ති ආනන්දන් සහ එස්. සිවමෝහන් මන්ත්‍රීවරුන්ද ඡන්දය දීමට පැමිණ සිටියේ නැත
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උදෑසන සිය කණ්ඩායම කැඳවා අය වැයට පක්ෂව ඡන්ද දෙන ලෙස ඉල්ලා සිටි අතර එහිදී බන්ධුල ගුණවර්ධන, ඩලස් ආදී රාජපක්ෂ ගෝත්රවාදීන් ඡන්දය විරුද්ධව දෙන බව ජනාධිපතිවරයාගේ මූණටම කියා තිබිණ. එවිට ජනාධිපති කියා තිබුනේ තමා කරන්නේ ඉල්ලීමක් පමණක් බවයි. කෙසේ වෙතත් ඡන්දය පැවැත්වෙන තුරුම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වී කාලය ගත කෙළේය. පසුව පක්ෂව ඡන්දය දුන් අය වෙනුවෙන් ස්තූතිය පළ කරන බවට කෙටි නිල නිවේදනයක්ද නිකුත් කෙළේය.
අය වැය තුනෙන් දෙකෙන් සම්මත වීම හේතුවෙන් ආණ්ඩුව අද වැටෙනවා හෙට වැටෙනවායි කියමින්, විශ්වාස භංග ගෙනෙමින් මෘග චෞර ගෝත්රවාදීන් ගෙන ගිය මනෝ විකාරයේ මුක පූට්ටු වනවා නිසැක ය.
---------------------------
by (2015-12-02 19:53:24)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි