~

සිරිසේන දූ සමාගම ජනක සමග හෙළුවෙන් රාජ්‍ය මුදල් හඹායති: දැන් යෝෂිතගේ ප්‍රචාරක කටයුතු කරන්නෙත් ඇයයි

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.26, ප.ව‍. 4.45) ශ්‍රී ලාංකිකයින් අප සැවොම අති දූෂිත  රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට වෙහෙස වූයේ වෙසනක්, යහපාලනයක් ස්ථාපිත කිරීම උදෙසාය. නමුත් යහපාලනය යනු සිරිසේන දු සමාගම බවට පත් වී ඇත්තේ ජනතා විශ්වාසය වල පල්ලට යවමිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා වේදීකාවේදී පැවසු සියල්ල ඔහු විසින්ම උඩු යටිකුරු කොට ඇත.  රාජපක්ෂවරුන් පවා සොරකමට අවතීර්ණ වීමට කල් බැලූ නමුත් මෛත්‍රීපාල මහතා ජනාධිපතිවීමට පෙර පොළොන්නරුවේ සාමාන්‍ය ස්ටුඩියෝවක් පවත්වාගෙන යමින් සිටි සිරිසේන දූ සමාගම මාස  කිහිපයකින්ම දූෂිත ක්‍රම ඔස්සේ මුදල් උත්පාදනයට අත ගසා ඇත . සුපුරුදු  ‘මම දන්නේ නෑ‘ වැනි නිර්ලජ්ජිත ප්‍රකාශ හැර කිසිවක් මෛත්‍රීපාල මහතාට වෙන වදනක් ඉතිරිව නැත.

මේ වන විට සිරිසේන දූ සමාගමේ ව්‍යාපාර බොහොමයක් ඇත. එය හෝටල්, දුම් සහතික, වෙළද ප්‍රචාරණය, මෝටර් රථ ආනයනය, කළු සල්ලි සුදු කිරීම, ඇතුළු විවිධ අංශ කරා මේ මාස කිහිපය තුල විහිද ඇත. අද අප වාර්තා කරන්නේ එම අංශ අතරින් වෙළඳ ප්‍රචාරණ අංශයේ දූෂණ පිලිබඳව ය.  

ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා උදෙසා සත්හඬ  පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ වන විමල් කැටපේආරච්චි මහතා විසින් මනරම් ගීතයක් නොමිලේම නිර්මාණය කළේය. එම ගීතය කසුන් කල්හාර මහතා විසින් සංගීතය යොදා ගායනය කරන්නේද කිසිදු මුදල් අය  කිරීමක් නොමැතිවය. මීට හේතු වන්නේ නව පරපුර නම් සංවිධානයේ අමා  විජේසේකර සහ කසුන් කල්හාර ගේ මිත්‍ර ඉන්ද්‍රචාප ලියනගේ මහතාගේ ඉල්ලීම බලවත් වීමත් කසුන් කල්හාර මහතා පැවති රාජපක්ෂ ක්‍රමයට එරෙහිව හඬ නැගූ කලාකරුවෙකු වීමත්ය. අවසානයේ ගීතය සඳහා රූප රචනා කිරීමට මයිත්‍රීපාල  සිරිසේන පොදු අපේක්ෂකයාගේ  නැවුම් දර්ශන සොයන ඔවුනට ජනක නම් කැමරා ශිල්පියාව මුණ ගැසේ. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ රැස්වීම් සඳහා  මුදලට කැමරා උපකරණ කුලියට දී තිබූ ඔහු සතුව මෛත්‍රීපාල  සිරිසේන පොදු අපේක්ෂකයාගේ දර්ශන විශාල ප්‍රමාණයක් තිබීම හේතුකොට ඔහුට එම ගීතය සංස්කරණය කිරීමට අවස්ථාව සැලසේ. 

එම සංස්කරණයෙන් අනතුරුව ඔහු වහා  සම්බන්ධතා හදා ගන්නේ මෛත්‍රීපාල මහතාගේ බෑණනුවන් වන තිලින සමගය. ඒ ජනක සහ තිලින දෙදෙනා පොලොන්නරුව  ජාතික පාසලේ දී එකට ගංජා ගැසීමේ මිත්‍රත්වය අලුත් කරමිනි. මේ මගින් ජනක මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයට ඇතුලත් වීමට  කදීම අවස්ථාවක් කරගත්තේය. 

මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ජනක තිලිනගේ උදව්වෙන් Media Gang (Pvt) Ltd නමින් නොම්මර 19, සුලේමන් ඇවනිව් හි දැන්වීම් ආයතනයක් ආරම්භ කරන අතර ජනාධිපති බලතල ඔස්සේ ඊට කොන්ත්‍රාත්තු ලබා දීමට තිලින මැදිහත් වේ. පසුව තවත් ආයතනයක් ප්‍රචාරක සමාගමක් ලෙස Red Chery Advertising නමින් සමාගමක් ආරම්භ කරති. ඉන්පසු බාප්පා වන ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මගින්  මසකට මිලියන 16 ක කොන්ත්‍රාත්තුවක් ලබා ගන්නේ ඒ වනවිටත් දීර්ඝ කාලයක් කටයුතු කරමින් සිටි ප්‍රචාරක සමාගමේ කටයුතු අත්හිටුවීමෙනි. එම කොන්ත්‍රාත්තුව වූයේ  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වන  SLT Speedup Journey නම්  ප්‍රවර්ධන වැඩසටහන Red Chery Advertising සමාගමට පැවරීමයි. ඒ සඳහා ගත වූයේ සිරිසේන දූ සමාගමේ එක දුරකථන ඇමැතුමක් පමණි. 

මේ වන විට ටෙලිකොම් සමාගමට අනුබද්ධ ආයතන වන රේන්බෝ පේජස් සමාගමේ සහ විෂන් කොම් සමාගමේ කටයුතුද සිදුකරන්නේ පෙර කී Red Chery Advertising සමාගමය. ඒවායින් ද මසකට මිලියන ගණනින් උපයයි. මීට පෙර ටෙලිකොම් ආයතනයේ ප්‍රවර්ධන කටයුතු රේන්බෝ සමාගම විසින් සිදු කරමින් මුදල් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත ඉතිරි කර දුන් නමුත් ඒ සියල්ල සිරිසේන දූ සමාගම විසින් පවරා ගෙන ඇත. 

ඉන් නොනැවතුණු සිරිසේන දූ සමාගම Media Gang (Pvt) Ltd වෙත ජාතික ඉතිරි  කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ජනාධිපති  කාර්යාලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික රක්ෂණය ආදී රාජ්‍ය බලය භාවිතා කොට ගත හැකි සියලු ආයතන වල දැන්වීම් කොන්ත්‍රාත්තු ලබා ගනිමින් සිටී. මෙහිදී හාස්‍යයට කරුණ නම් යෝෂිත රාජපක්ෂගේ CSN නාලිකාවේ ප්‍රවර්ධන කටයුතුද සිරිසේන දු සමාගම විසින්ම සිදුකිරීමයි. එය පෙර කී Media Gang (Pvt) Ltd හි වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම කෙනෙකුට ඒ බව බලා ගත හැකිය.  

මෙකී ජනක නමැති පුද්ගලයා කෙතරම් අශිෂ්ඨ පුද්ගලයෙක්ද කිවහොත් ඔහු විසින් මුදල් වියදම් කොට ලංකාදීප ඉරිදා ටැබ්ලොයිඩ් පත්‍රයේ තමන් ගැන පුරාජේරුවක් පළකරවා ගෙන ඇති අතර එහිදී පෙර කී ගීතය ගැන කියද්දී එය ලියූ විමල් කැටපේආරච්චි මහතා පිලිබඳව හෝ කසුන් කල්හාර පිලිබඳව හෝ කිසිවක් නොපවසයි. පච බේගල් ගොතා කියමින් මහා වීරයකු වීමට උත්සාහ කර ඇත. 

ජනාධිපතිවරණයේදී යහපාලනය ගැන තමන් නොදන්නා බහුබූත දෙඩූ සිරිසේන මහතා මෙසේ දූ සමාගම් හදමින් දුෂිතයෙක් වීමට පෙලඹුනේ මන්දැයි කියා සොයා බලන විට අපට සිතෙන්නේ ඔහු කොතෙක් නැතැයි කීවද ඊ ලඟ ජනාධිපතිවරණයකට අවශ්‍ය මුල්‍ය ශක්තිය ගොඩනගා  ගනිමින් සිටින බවකි. ඔහු තරම් නින්දිත බොරුකාරයකු නිදහස් ශ්‍රී ලංකාවේ බිහි වී නැති අතර  ඔහුට වඩා බලවත් වූ රාජපක්ෂලා ඉතිහාසයේ  කුණු බක්කියට යැවූ ජනතාව වන අපට ඔහු හුදෙක්  කුණු කෙසෙල් ලෙල්ලක් පමණකි.

නිරන්ජන් වීරසේකර

---------------------------
by     (2015-11-26 18:03:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

මට පේන හැටියට ඊ-නිව්ස්කාරයා පොලොන්නරුවේ පතෝලයාගේ රෙදි එකෙන් එක ගලවන පාටයි! ඒත් ඊ-නිව්ස්කාරයා හොඳින් මතක තබා ගත යුතු කාරණයක් තියෙනවා. මොනවා කීව්වත් කළත්, පතෝලයාට අවුරුදු 5ක් දීර්ඝායුෂ තියෙනවා. මෙහෙම ගියෙත් නම් ඊ-නිව්ස්කාරයාට තව හුඟ දවසක් නටන්න ලැබෙන එකක් නැති නිසා කේන්දරය බලා ගත්තොත් හොඳයි!
-- by Ananda on 2015-11-26

sira maruuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu...
-- by neil on 2015-11-27

Dear editor Is this sarcastic criticism a part of anti-revolutionary propaganda?
-- by s;c;perera on 2015-11-27

මෙම ලිපියේ සදහන් ජනක ලියනගේ ගැන ඇති සදහන ගැන මට ඇත්තේ මීට වෙනත් අදහසකි.ජනාධිපතිතුමන්ගේ ජනාධිපතිවරණ ඡන්ද මෙහෙයුම තුළදී ජනකගේ දායකත්වය පිළිබදව මා හට ඇති දැනීම අනුව මේ සටහන තබමි. ජනක ලියනගේ යනු නිකම්ම අහසින් පහත්වූ කැමරාකරැවෙක් හෝ මොකුත් ඇතක් පාතක් නොතිබූ රස්තියාදුකරැවෙක් නොවහැදැරීම් සහිතව යමක් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමේ අපූරැ කුසලතාවයක් තිබූ නව නිර්මාණ ශිල්පියෙකි. වසර 2000 දී ඇරඹි අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ ඔහු සහ මා අතර ලංකාව තුල එවක සිදුවෙමින් තිබූ විවිධ දෑ පිළිබදව පැවති අදහස් අනුව ඔහුගේ මේ ආගමනය අහම්බයක් නොවන බව ඉතා පැහැදිළිව සටහන් කළ යුතුය.අනික ජනක විශ්ව විද්‍යාලයේදී සිදුකල ශිෂ්‍ය දේශපාලන භූමිකාව තුළ විශ්ව විද්‍යාලයේ සිටි ජවිපෙ මතධාරී සිසුන් සමග එක්ව සිටිමින් ඔවුන්ගේ ප්‍රතිගාමී මතවාද සමග ගැටුනු හැටි දන්නේ එවකට සිටි අපය. 2001 හා 2002 වසර වලදී ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනු කමිටුවේ සභාපතිත්වය ද දැරැවේය.ඔහු විශ්ව විද්‍යාලයට ඇතුලුවීමට පෙර සිටම ආචාර්ය ගාමිණි හත්තොට්ටුවේගම මහතාගේ වීදි නාට්‍ය කණ්ඩායම සමග දේශපාලනික කලා භාවිකය පිළිබදව ගම් නියම් ගම් සිසාරා යමින් හැදෑරැවේය. විශ්ව විද්‍යාලයේ ජවිපෙ මතවාදය සමග ගැටුම් ඇතිකරගනිමින් එක්ස් කණ්ඩායම සමග එක්වී දේශපාලන කටයුතු සිදු කලේය. 2004 දී දීප්ති හා නිර්මාල් වෙන්ව යාමෙන් පසු ඔහු පූර්ණ කාලීනව මාධ්‍ය හා කලා න්ෂේත්‍රයට අයතීර්ණ විය.උපාධිය අවසන් කල ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ලංකාවේ ප්‍රධාන රෑපවාහිනී නාලිකාවක වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වශයෙනි. ජනක සිහින දැක්කේ නව සිනමාකරැවෙක් ලෙස මෙරට එළිදකින්නටය. එ් සදහා ඔහු කළ කැපකිරීම් අනන්තය. ජනක සහ අපි ජපුර සරසවියේ ජනසන්නිවේදන විශේෂවේදී උපාධිය හදාරන පළමු කණ්ඩායමේ අනෙක් අය මේ ගැන සාක්ෂි දරණු ඇත.ඔහු සිදුකල නිර්මාණශීලී ක්‍රියාකාරකම් ගැන මා දන්නේ අප එකට වැඩකල බැවිනි. මීඩියා ගැන් අප ආරම්භ කලේ කැම්පස් ගිය යුගයේදීය. බඩගින්න ගැන මතකවත් නොතිබූ ඒ යුගයේදී අපි නවමු නිර්මාණ කිරීමේ පිපාසාවෙන් පෙලුනෙමු.අපට ඒ ගැන උණක් තිබිණි. එකළ මහ රෑ සිනමා දර්ශන නරඹා ඇති වෙන තුරැ වාද කරමින් සිටි හැහි දන්නා මට මේ තබා ඇති සටහන ගැන සිතෙන්නේ නිර්මාණශීලිත්වය හා තරගකාරිත්වය පිළිබදව ඇතිවි ඇති ද්වේෂ සහගත ඉරිසියාව මත කල සටහනක් බවයි. ජනකගේ මාධ්‍ය හා කලා අධ්‍යයනය මෙරටට පමණක් සීමාවූවක් නොවෙන අතර ඔහු ජපානයේ ටෝකියෝ නුවර ජාතික විශ්ව විද්‍යාලයෙන් 2009 සිට 2014 දක්වා චිත්‍රපට නිර්මාණකරණය පිළිබ‍දව පශ්චාත් උපාධිය හැදෑරීය. ජපානයේ සිට පැමිණීමෙන් අනතුරැව තම පාසල් මිතුරන්වූ ජනාධිපති පවුලේ සාමාජිකයන් සමග ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල හා සම්බන්ධ වනුයේ සිය ජීවිතය පරදූවට තබමිනි. ජනකගේ පාසල් මිතුරන් තවමත් හිදිම හා සම්බන්ධකම් පැවැත්වීම මේ තරම් පටු ලෙස දකින්නේ නිර්මාණශීලී කුහකකම නිසා බව මට සිතේ. ජනක හා අපි නාට්‍ය හැදුවෙමු. ඈත දුෂ්කර පළාත් වල වැඩමුලු පැවැත්වුවෙමු. එලෙස යම් හැදෑරීමක් සහ පරිචයක් සහිත නව නිර්මාණශීලී කලාකරැවෙක් නිකම් දෙකයි පණහේ කැමරාකරැවෙක් ලෙස මේ ලිපිය මගින් අර්ථ දැක්වීම පිළිබද මා සිතේ ඇතිවූ කණගාටුව අනුව මෙසේ සටහන් කලෙමි. ජනක වර්තමානයේ මිඩියා ගැන් වෙළෙද දැන්වීම් නිර්මාණ ආයතනයේ ප්‍රධානියා වේ. ලංකාවේ ක්‍රියාත්මක වෙන අනෙකුත් වෙලෙද දැන්වීම් ආයතන අතුරින් ඉදිරියට එන දැන්වීම් ආයතනයක් වන මීඩියා ගැන් හා පවතින ඊර්ෂ්‍යාව මුසු කුහකත්වය ඊ නිවුස් ලිපියෙන් පුදර්ශනය වන බව ඉතා හොදින් වැටහේ. නිදහස් අධ්‍යාපනය තුළින් ගමෙන් කොළඹට පැමිණි ජනක වැනි තරැණයෙකු ලංකාවේ ප්‍රධාන වෙළෙද දැන්වීම් නිර්මාණ ආයතන අබිබවා යෑම මීට හේතුවද ජනක ලියනගේ යනු අවබෝධයක් හා විචාරයක් ඇති යමක් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමේ අපූරැ කුසලතාවයක් සහිත මාධ්‍යකරැවෙකු මිස ඩීල්කරැවෙකු නොවන වග සටහන් කරමි. ලංකා ඊ නිවුස්.... මෙතන රෝස මල... මෙතන නටන්න. මිහිර අරවින්ද
-- by mihira on 2015-11-30

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links