~

මෛත්‍රී යහපාලන ලොරිය ඉදිරියෙන් ‘බුදු සරණයි‘ බෝඩ් එක ගසාගෙන හොර හරක් අදී: හොරු සමග අමු හෙළුවෙන්: ලැජ්ජයි මෛත්‍රී ලැජ්ජයි..!

(ලංකා-ඊ-නිව්ස් -2015.නොවැ.19, ප.ව.2.45) යහපාලන ජනාධිපති යැයි කියා ගන්නා මෛත්‍රීපාල සිරිසේන මහතා හොරු සමග අමු හෙළුවෙන් සිටින බව සාතිශය කණගාටුවෙන් වාර්තා කිරීමට සිදුව තිබේ.

ලංකා ඊ නිව්ස් මීට පෙර පසුගිය 15 දා ‘දූෂිත මල්ලී රැක ගන්න එජාපය වෙනුවෙන් කැප වූවන් එළවන්න යයි‘ යන අතුරු සිරස්තලයක් යටතේ වාර්තා කළ පරිදිම වැඩ සිද්ධ වී ඇත.

ඒ අනුව ක්‍රිෂාන්ත කුරේ සහ තුසිත හල්ලොලුව යන රාජපක්ෂ රෙජීමය පෙරලා දැමීම වෙනුවෙන් නොවිඳිනා දුක් විඳි අවංක මහත්වරුන් දෙදෙනාද එජාපය වෙනුවෙන් විශාල කැපකිරීම් කළ ෂාරුක් ෆෙරෝ මහතාද ටෙලිකොම් මොබිටෙල් අධ්‍යක්ෂ ධූර වලින් එළවා දමා රාජපක්ෂවාදී අමු පට්ට දූෂිතයෙක් වූ වෑගපිටිය පත් කර තිබේ. වෑගපිටිය මොබිටෙල් අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර මාස ගණනක් වන නමුත් යලි ටෙලිකොම් අධ්‍යක්ෂ ධූරයකට පත් කර ඇත.

හල්ලොලුව යනු රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට 2011 වසරේ අන්තිම කාලයේ සිටම කැපවී ක්‍රියා කළ පුද්ගලයෙකි. ජීවිත තර්ජන නිසා දෙවතාවක්ම රටින් පිටව සිටීමට ද සිදුවූ අයෙකි. ඊට ලංකා ඊ නිව්ස් සාක්කි දරයි. ක්‍රිෂාන්ත කුරේ වනාහී එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අධ්‍යක්ෂ වරයෙකි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පවා පරිත්‍යාග කළ සැබෑ මහත්මයෙකි. 

සාමාන්‍යයෙන් අධ්‍යක්ෂ ධූරයකින් ඉවත් කෙරෙන්නේ ඔහු එහි සොරකම් කර හෝ දූෂණයක යෙදී හෝ අදක්ෂ භාවය නිසා ආයතනයට පාඩු කිරීමක් හෝ කළ විටෙක නමුත් මෙහිදී ඉහත කී තිදෙනා ඉවත් කරන ලද්දේ මෛත්‍රීගේ මල්ලී වන සභාපති කුමාරසිංහ සිරිසේනගේ හොරකම් දූෂණ වලට විරුද්ධ වීම නිසා සහ වෑගපිටිය, රංජිත් රුබසිංහ වැනි රාජපක්ෂ යුගයේ සිට දූෂනයේ යෙදුනු පුද්ගලයන්ට එරෙහි වීම නිසා වීම නින්දා සහගතය. ඉතාමත් නීච ක්‍රියාව නම් දූෂිත වෑගපිටිය යලි ටෙලිකොම් අධ්‍යක්ෂ ධූරයකින් පුදා තිබීමය.

වෑගපිටිය යනු රාජපක්ෂලා සමග එක්වී කොටස් වෙළඳ පොලේ වංචනික ගනුදෙනු කළ පුද්ගලයෙකි. ඉන් ප්‍රධාන වන්නේ ඔහු සතු ලාෆ් සමාගමේ රුපියල් 16 ක් වූ නොවටිනා කොටස් රුපියල් 45 ක් තරම් ඉහල අගයකට මහ බැංකුව විසින්ම මිලදී ගෙන කෝටි ගණනක් අතට ගැනීමෙන් පසු යලි එම කොටස් රුපියල් 15 ට අඩු වීමේ වංචාවයි. වෑගපිටියලා රාජපක්ෂලා එක්වී එසේ සාක්කුවේ දා ගත්තේ මහජන මුදල්ය.

ඔහු මොබිටෙල් සමාගමෙන් ඉවත් කරන්නේ තවත් දූෂණයක් සම්බන්ධයෙනි. ඊට මොබිටෙල් කොටස් හිමි මැලේසියානු සමාගමද එකඟ විය. ඒ දූෂණය නම් තමන් අධ්‍යක්ෂ ධූරය දරද්දීම තමාට අයත් සමාගමක් මගින් ඉදිරිපත් කරන ලද ජෙනරේටර් සැපයීමේ ටෙන්ඩරයකට ඕඩරය ලබා ගැනීම සඳහා වෑගපිටිය විසින් එහි මූල්‍ය පාලකට තර්ජනය කිරීමයි. තමන් අධ්‍යක්ෂ ධූරයක් දරද්දී තමාගේම සමාගමක් ටෙන්ඩර් ඉදිරිපත් කිරීම ම දූෂණයකි.
 
කොටස් වෙළඳපොලේ සිදුකළ වංචා සහ තවත් දූෂණ සම්බන්ධයෙන් වෑගපිටියට එරෙහිව මේ මොහොතේදීත් FCID මගින් පරීක්ෂණ සිදුකරද්දීත් මෛත්‍රීපාල විසින් වෑගපිටිය යලි ටෙලිකොම් සමාගමට පත් කරන ලද්දේ ඇයි..? මෛත්‍රීට සහ මලයාට වෑගපිටිය නැතිව බැරි වී ඇත්තේ ඇයි..? ලජ්ජා විරහිතව හොරු සමග අමුහෙළුවෙන් ලගින්නේ ඇයි..?

ඊට එක් හේතුවක් මෙසේය.

ලංකාවේ මහ පාරේ දුවන සෑම වාහනයක්ම දුම් සහතිකයක් ලබා ගත යුතුය. වෙනත් රටවල එය වසර 2 කට වරක් වුවද ලංකාවේ වසරක් ගානේ ලබා ගත යුතුය. මෝටර් සයිකලයක් පවා රුපියල් 1200 ක් ගෙවිය යුතුය. ලංකාවටම මෙම දුම් සහතික ලබා දෙන්නේ සමාගම් දෙකක් පමණි. ඉන් එකක් වෑගපිටියගේ ය. ලංකාවේ වාහන ලක්ෂ 45 ක් පමණ වේ. අවම ගණන වූ 1200 න් ගණන් හැදුවත් රුපියල් ලක්ෂ 54000 කි. රාජපක්ෂ යුගයේදී ඉන් සියයට 5 ක් ගියේ රාජපක්ෂ බේබිලාගේ අතට ය. දැන් එම කොමිස් මුදල සියයට 10 ක් වී එනම් ලක්ෂ 5400 ක් හෙවත් කෝටි 54 ක් වී  බේබි සිරාලා දෙදෙනෙක් අතට යන්නේය. 

ඉතින් වෑගපිටිය කෙතරම් දූෂිතයෙක් වුවද සිරිසේනලාට ඔහු නැතිවම බැරිය.

හරීන් ප්‍රනාන්දු ඇමැති වුවද ඔහුද අසරණයෙකි. ඔහු ඇමැති වුවද සත්‍ය ඇමැති සිරිසේන මලයා වන සභාපති කුමාරසිංහ සිරිසේනය. ආණ්ඩුව රැක ගැනීමට කියා හරීන්ලාට රූකඩ වීමට සිදුව තිබේ.

නමුත් යහපාලනය වෙනුවෙන් කැපවූ ජනතාව රූකඩ විය යුතු නැත. මෛත්‍රීගේ යහපාලන ලොරියේ ඉදිරියෙන් ‘බුදු සරණයි‘ බෝඩ් එක ගසාගෙන හොර හරක් අදින බව ජනතාව දැන ගත යුතුය.

---------------------------
by     (2015-11-19 09:24:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

This I have been saying. Please someone file a case against My3 for breaching the trust of people, violation of law in Avant garde and nepotism, aiding and abetting corruption in Mobitel case.
-- by Silva on 2015-11-19

my3 is a person with "NO vision" then he has no mission also. It is very clear now my3 is not for public He is same as previous regime people. So we have to take necessary actions to chase him out taking a risk
-- by kumara on 2015-11-20

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links