(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.15, පෙ.ව.8.10) රනිල් අගමැති ධූරයෙන් එළවා පරාජිත ශ්‍රීලනිපයේ අගමැතිවරයෙක් පත් කර ජාතික ආණ්ඩුවක් ලෙසම ඉදිරියට ගෙන යෑමේ කූඨ කුමන්ත්‍රණයක් පිලිබඳ ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිධූර නොලැබීම නිසා කලකිරී සිටින රාජ්‍ය නියෝජ්‍ය ඇමැතිවරුන් ස්වල්ප දෙනෙකුද ඇතුළු සජිත්වාදී මන්ත්‍රීවරුන් 25 ක් පමණ සමග මේ වන විටත් රහස් සාකච්ඡා පවත්වා ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ. මෙකී 25 දෙනා කව්දැයි ඉදිරියේදී හෙලිදරව් කිරීමට ලංකා ඊ නිව්ස් බලාපොරොත්තු වන අතර මේ ඊට අවස්ථාව නොවේ.
මෙම කූඨ කුමන්ත්‍රණය පසුපස සිටින්නේ තමාගේ නායකත්වය තුල ශ්රීලනිපය පරාජය වීම ගැන දුක් වී තමාගේ නායකත්වයෙන් ශ්‍රීලනිප ආණ්ඩුවක් එනවා නම් හොඳ යැයි ආකල්පයෙන් ‘දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා තියරියෙන් කටයුතු කරන, තමාට බලය දුන් ජනමතයට දින දෙකින් පයින් ගැසූ ගුණමකු ජනාධිපතිවරයාම නමුත් පෙන්වන්නේ රාජපක්ෂලාගේ වැඩක් ලෙස බවද වාර්තා වේ.
මෙම කූඨ කුමන්ත්රණයේ පළමු පියවර ලෙස රනිල් වික්‍රමසිංහට හිතවත් තිලක් මාරපනට ඉල්ලා අස්වීමට කටයුතු සැලැස්වීම සාර්ථක කර ගැනීමෙන් පසු ඒ බෙහෙතම රනිල් වික්‍රමසිංහට හිතවත් විජයදාස රාජපක්ෂට සහ වජිර අබේවර්ධනට ලබා දීම සැලසුම් කර තිබේ. එහි එක් පියවරක් ලෙස මෛත්රීවාදී තිලංග සුමතිපාලට අයත් සති අන්ත පුවත් පතක ‘වජිර, මාරපන, විජේදාස එපා - එජාප මන්ත්‍රීවරුන්ගෙන් පෙත්සමක්‘ යනුවෙන් අතේ රෝල් පුවතක් ප්‍රධාන පුවත ලෙස පලකර ඇත. එහි සඳහන් එජාප මන්ත්‍රීවරුන් ලෙස දක්වා ඇත්තේ මෛත්‍රී මහින්ද රාජපක්ෂට එජනිසයෙන් නාම යෝජනා ලබා දීම හේතුවෙන් එජනිසයෙන් විසිවී එජාප පාක්ෂිකයාගේ ඡන්දයෙන් ගොඩ ගිය මෛත්රීවාදීන්ගේ නම්ය.
නව ආණ්ඩුවක් ලෙස නව වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීම වෙනුවට ජනමතයෙන් ජයගත් කණ්ඩායම වූ රනිල් ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු බලය දුර්වල කිරීමට මේ කණ්ඩායම කූඨ කුමන්ත්‍රණ රාශියක් ආරම්භ කර තිබේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ මෛත්‍රීපාල සිරිසේනම මෙහෙයවන නිල නොවන විපක්ෂයක් නිර්මාණය කිරීමය. නිල විපක්ෂ නායකයා ලෙස සම්බන්ධන් මහතා සිටියදී මෙකී නිල නොවන විපක්ෂය තම නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධනද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස ඩලස් අලහප්පෙරුමද නම් කර ඇත. අය වැය විවාදයේදී ඔවුන්ට වෙනම කාලය වෙන්කරන්නැයි ඉල්ලා සිටී.
එම කණ්ඩායමද පාර්ලිමේන්තුවේ එජනිස කණ්ඩායම ලෙස රැස්වන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේම වීම අපූරුය. මීට අමතරව මෛත්‍රීපාල සිරිසේන විසින්ම ආණ්ඩුවේ ඇමැතිධූර ලබා දුන් එජනිස ඇමැතිවරුන් ආණ්ඩුවේම ක්‍රියාකලාපය ප්‍රසිද්ධියේ විවේචනය කරමින් ජනතා වෛරය ජයග්‍රාහී රනිල් සහ එජාපය පිට පටවමින් සිටී. උදාහරණයක් ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගේ ක්‍රියා කලාපයයි. ඔහු ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරන අතරේ FCID යේ ක්‍රියා පිලිවෙත දැඩිව විවේචනය කරයි. ඔහු පසුපසින් ජනාධිපතිවරයාද තමා යටතේ සිටින හමුදාපතිවරුන්ගෙන් ප්‍රශ්න කරනවා නම් තමාට දැනුම් දිය යුතු යැයි පවසයි. දයාසිරිට FCID ය විවේචනය කිරීමේ බලය ලැබුනේ කොතැනින්දැයි පැහැදිලිය.
මෙලෙස ඉතාමත් නීච ආකාරයෙන් මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුවත් විපක්ෂයත් එකවර මෙහෙයවමින් අවශ්‍ය වෙලාවේදී ‘දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා‘ තියරියෙන් ක්‍රියාත්මක වීමට උත්සාහ කරමින් ශ්‍රීලනිප ආණ්ඩුවක් හදා ගැනීමට යටින් ක්‍රියා කරමින් සිටී. නොඑසේනම් ඔහු කළ යුතුව තිබෙන්නේ සම්මුතියට එරෙහිව ක්‍රියා කරන තමන්ගේ ගෝලයන්ට තරවටු කර හදා ගැනීමය. ඔවුන් එජනිස මන්ත්‍රීවරුන්ය. එජනිස නායකයා මෛත්‍රීපාල මිස රාජපක්ෂ නොවේ.
ඒ සමගම මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂ යුගයේ අතිශය දූෂිතයන් තනතුරු වලට පත් කරමින් ශ්‍රීලනිප බලය ශක්තිමත් කරමින් සිටින්නේ ඔහුට ජනවාරි 8 වෙනිදා ඡන්දය ලැබුනේ කාගෙන්දැයි යන්න ඉතාමත් ගුණමකු ආකාරයෙන් අමතක කරමිනි. ඊට සමගාමීව එජාපය විසින් තනතුරු වලට පත් කළවුන් එළවා දමමින් සිටී. මරාවාදී හෙට්ටිආරච්චිලා චමුදිතලා ලැජ්ජාවක් නැතිව තනතුරුවලට පත් කරද්දී එජාපයෙන් පත් කළ සුහෙයියර් ලා අස්කරමින් සිටී.
මෙහි අලුත්ම ආරංචිය ඉතාමත් නින්දා සහගතය. හරීන් ප්‍රනාන්දුගේ ඩිජිටල් අමාත්‍යාංශය එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යංශයක් නමුත් ඊට අයත් ටෙලිකොම් මොබිටෙල් සභාපති වරයා ලෙස බලෙන්ම පත්වී ඇත්තේ මෛත්‍රීගේ දූෂිත මල්ලී කුමාරසිංහ සිරිසේනය. එහිදී එජාපයට කැමැති සභාපති කෙනෙක් පත් කර ගැනීමට ඉඩ දුන්නේ නැත. මලයා තම වැටුප රුපියල් කෝටියක් ලෙස වැඩිකරගැනීමටත් තවත් දූෂණ රාශියකටත් එරෙහිව එහි එක්සත් ජාතික පක්ෂයෙන් පත් කළ අධ්යක්ෂ වරුන් වූ ක්‍රිෂාන්ත කුරේ සහ තුසිත හල්ලොලුව දෙදෙනා දැඩි මතයක සිටියහ. පසුගියදා හරීන් ප්‍රනාන්දු කැඳවූ මෛත්‍රීපාල සිරිසේන දන්වා ඇත්තේ ක්‍රිෂාන්ත කුරේ සහ තුසිත හල්ලොලුව දෙදෙනා අධ්යක්ෂ ධූර වලින් ඉවත් කරන ලෙසයි. හේතුව ලෙස පවසා ඇත්තේ ඔවුන් තමන්ගේ මල්ලීට විරුද්ධව ක්‍රියා කරන බවයි. මේ නම් හරි අපූරු තත්ත්වයකි. ක්‍රිෂාන්ත සහ හල්ලොලුව දෙදෙනා රාජපක්ෂලා පන්නා දමා විපක්ෂයේ ආණ්ඩුවක් ගෙන ඒමට ක්‍රියා කෙළේ මෛත්‍රීපාල සිරිසේන සහ මල්ලිලා රාජපක්ෂලා සමග එක්ව අපූරුවට ගස් කපමින්, හාල් ඒකාධිකාර හදමින්, බලෙන් වැලි පටවමින් සිටි අවධියේ සිටය. දැන් තම හොර මලයා රැක ගැනීමට එළවා දමන්න හදන්නේ මේ ආණ්ඩුව පත් කර ගැනීමට දිවි පරදුවට තබා දැඩි සේ කැපවූ දෙදෙනෙකි.
ආණ්ඩුව බලයට පත් කළ ජනතාව චෝදනා නගද්දී මාරපනට ඉල්ලා අස්වන්නැයි කියා රනිල් දුන් ආදර්ශය මෛත්‍රී දෙනවා නම් කළ යුත්තේ තමාගේ දූෂිත මලයාට ඉල්ලා අස්වන්නැයි කීම මිස මලයාගේ දූෂණ වලට එරෙහි වූවන් එළවා දැමීම නොවේ.
ඒ සියල්ල සමග දැන් මෛත්‍රීපාල සිරිසේන කැබිනට් මණ්ඩලයද ගණන් නොගෙන රටේ ව්‍යාපාර හමුදාවට පවරා ගැනීම සිදුකර තිබේ.
මේ තත්ත්වයන් ගැන ජනතාව නිවැරදි අවබෝධයකට පැමිණිය යුතුය. ජනතාව මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති කෙළේ ඔහු ලවා ශ්‍රීලනිප ආණ්ඩු හදා ජනාධිපති කම් කරවා ගැනීමට නොවේ. ඔහු ලවා ජනාධිපති ධූරය අහෝසි කරවා ගැනීමට ය. ජයගත් පසු දින දෙකෙන් ඔහු ශ්‍රීලනිපයේ නායකයා වෙනවා යැයි කීවා නම් බල්ලෙක් මෛත්‍රීපාලට ඡන්දය දෙන්නේ නැත. මෛත්‍රීපාල දිව හැලෙනකම් කීවේ තමා පොදු අපේක්ෂකයා නිසා ජයගත් පසු නිර්පාක්ෂික වෙනවා කියා ය.
දැන් ඒ සියල්ල අමතක කර ඇති මෛත්‍රීපාල ජනාධිපතිගේ විධායක බලතල යොදා කැබිනට් මණ්ඩලයට නොදන්වා ව්‍යාපාර හමුදාවට පවරා ගනිමින්ද, මල්ලිලා දූලා සහ බෑණලා හරහා රටේ හැකි සෑම ව්‍යාපාරයකටම අත පොවමින් හම්බ කර ගන්න හදනවාට අමතරව ජයගත් ජනමතය අනුව පත් වූ අගමැති ධූරය වෙනස් කර ශ්‍රීලනිප ආණ්ඩුහැදීමේ සිහින දකිමින්ද සිටී.
(මල්ලිලා දූලා සහ බෑණලා හරහා රටේ ව්‍යාපාර වලට අත පොවමින් හම්බ කර ගැනීමට වලිකන හැටි ඉදිරියේදී වෙනම ලිපියකින් හෙලිදරව් කරමු)
මාස 10 න් සතා හඳුනාගැනීමට හැකිවීම ජනතාව ලද භාග්‍යයකි..! ජනාධිපතිවරුන් 5 දෙනෙකු ලෙස ක්‍රියා කළ රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට ජනතාවට අවශ්‍ය වූයේ මාසයක් හමාරක් පමණක් බවද මෛත්‍රීපාල සිරිසේන ලොක්කාත් හෙංචයියනුත් මතක තබා ගත යුතුය.
---------------------------
by (2015-11-15 03:13:56)
Leave a Reply
For god sake please someone sue this My3 bugger in court of law. He has intentionally, calculated and callously violated the constitution of Sri Lanka and misused his office by exercising uber-presidential powers. He cannot prohibit or acquire businesses, nor can he give judgements over civil matters. If we do not take action at this moment he will do more and more damage to UNP and become more powerful and Mahinda like dictator. This is the time of his budding dictatorship period where he is testing whether he can use abusive and dictatorial power over the land and people. Please do not allow this worthless shit-man to become "somebody" but attack the fucker the first occasion we get the chance.
-- by Silva on 2015-11-15
Let Ranil go & Sajith or Ravi come as PM
-- by lomaya on 2015-11-15
Lomaya,
And let Sajith fuck you and your mother good while My3 does the cunnilingus on your sister. Get lost My3 ta pukadena kariya.
-- by Nathasha on 2015-11-15
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි