~

නාමල්ගේ අංක එකේ කප්පම් ගෝලයා “කප්පම් චම්පික“ අත් අඩංගුවට

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.11, ප.ව.11.30) නාමල් රාජපක්ෂගේ අංක එකේ කප්පම් කරුවා ලෙස ගිනි අවි පෙන්වා දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගෙන් පවා කෝටි 2 ක් කප්පම් ගත්  චම්පික කරුණාරත්න හෙවත් ‘කප්පම් චම්පික‘ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හෙවත් රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව ගමන් බලපත්‍ර දෙකක් තිබී ඇති අතර එකක් ව්‍යාජ ගමන් බලපත්‍රයකි. ඔහු ඝාතන දෙකකට වගකිව යුතු යැයිද මේ වන විට හඳුනාගෙන තිබෙන අතර ඒවා පිලිබඳ පරීක්ෂණ පැවැත්වෙන බැවින් වැඩි දුර විස්තර හෙලි කළ නොහැකිය. 

“මන්ත්‍රී වැටුපක් පමණක් ලැබූ නාමල් කෝටි ගණන් දී සමාගම් මිලදී ගත් හැටි හෙලිවේ: රටේ ප්‍රකට ධනපතියන්ගෙන් කප්පම් ගත් නාමල්ගේ ‘කප්පම් චම්පික‘ ගැන තොරතුරු මෙන්න“ මැයෙන් ලංකා ඊ නිව්ස් පසුගිය ඔක්තෝම්බර් 01 වෙනිදා ද,  “නාමල්ගේ ‘කප්පම් චම්පික‘ ගැන තවත් තොරතුරු හෙලිවේ: නාමල් සුජානිව කප්පම්කරුට දීලා: නාමල්ගේ රත්තරන් කිලෝ 25 ක් සීෂෙල්ස් වලට යැවුවේත් කප්පම් චම්පික: හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් උදව් කරලා“ මැයෙන් ඔක්තෝම්බර් 06 වෙනිදා ද මොහු සම්බන්ධයෙන් හෙලිකර සිටියේ ය. 

නාමල්ගේ අංක එකේ කප්පම්කරුවා වූ චම්පික කරුණාරත්න හෙවත් ‘කප්පම් චම්පික‘ නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා ඔහු පිලිබඳ තොරතුරු දන්වන්නැයි ලංකා ඊ නිව්ස් විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් තොරතුරු සැපයූ සියළු දේශප්‍රේමී යහපාලනප්‍රේමී දූෂණවිරෝධී ජනතාවට දේශයේ ගෞරවාචාරය හිමිවනු ඇත.

ඉහත දක්වා ඇති සබැඳි පෙර පුවත් කියවන්න 

---------------------------
by     (2015-11-11 20:37:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links