~

අධිසැර විදුලිය කම්බියක් කඩා වැටී හමුදා සෙබළුන් 3 ක් මළාට ලේනෙකු වරදකරු කර ඉන්ද්‍රනාථ නිදැල්ලේ

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.05, ප.ව.11.30) ගාල්ල ගිංතොට ප්‍රදේශයේදී පාර අයිනේ නැවතු වෑන් රථයක් උඩට, අධිසැර විදුලිය කම්බියක් කඩා වැටී හමුදා සෙබළුන් 3 ක් මරුමුවට පත්විය. තවත් දෙදෙනෙකු කම්පන තත්වයෙන් රෝහල් ගතකෙරින. ලංකා විදුලි බල මණ්ඩලයේ බාල ප්‍රමිතියේ විදුලි රැහැන්, උපාංග සහ සවිකිරීම් නිසා මෙන්ම, නිසි පරිදි නඩත්තු නොකිරීම නිසාවෙන් කඩා වැටුනු අධිසැර විදුලිය කම්බියක ගැටී, තරුණ ජීවිත 3ක් බිලිගැනීම, ගාල්ල ප්‍රධාන ඉංජිනේරු ඊ. කේ. ඉන්ද්‍රනාථ විසින් ලේනෙකු පිට පටවා වගකීමෙන් ගැලවීමට නින්දිත උත්සාහයක් ගෙන ඇත.

ලේනුන් නිසා අධිසැර විදුලි කම්බිය කඩා වැටුනු බව කී ප්‍රධාන විදුලිය ඉංජිනේරු ඉන්ද්‍රනාථ ඒ බව කල්තියා හඳුනා නොගැනීම සහ පිලියම් නොයෙදීම ගැන කිසිවක් නොකියන්නේ එය බොරුවක්ම නිසාය. ලංකා විදුලි බල මණ්ඩලයේ දුෂණ - අක්‍රමිකතාව නිසාවෙන් මෙම අනතුර සිදුවු බව තතු දත්තවුන් විසින් කරණ ප්‍රකාශ පදනම් විරහිත නොවේ. 

හම්බන්තොට දී අධිසැර විදුලිය කනුවකට තම මෑන් පවර් සේවකයකු බලහත්කාරයෙන් නංවා මරාදැමූ බෑනාවරුන්ගේ සහෝදර සමාගමේ වංචාකරු වූද, එදා රාජපක්ෂ යුගයේදී විදුලිය ඇමිනීමටත් පෙර විදුලිය මාර්ග කඩන් වැටුනු බාල බඩු සැපයූ ප්‍රධාන ඉංජිනේරු එස්. එස්. කහඳ ව, මෙදා යහපාලන ආන්ඩුව යටතේ දකුනු පලාතේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලෙස පත් කළ විපාකයට වන්දි ගෙවන්න සිදු වුනේ අහිංසක හමුදා සෙබළුන් 3 කට ය.

---------------------------
by     (2015-11-06 01:29:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links