~

නාමල්ගේ ‘කප්පම් චම්පික‘ ගැන තවත් තොරතුරු හෙලිවේ: නාමල් සුජානිව කප්පම්කරුට දීලා: නාමල්ගේ රත්තරන් කිලෝ 25 ක් සීෂෙල්ස් වලට යැවුවේත් කප්පම් චම්පික: හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් උදව් කරලා

(ලංකා ඊ නිව්ස් -2015.ඔක්.06, ප.ව.3.30) රටේ ප්‍රකට ධනපතියන්ගෙන් ගිනි අවි පෙන්වා කප්පම් ගත් නාමල් රාජපක්ෂගේ කප්පම් කල්ලියේ නායකයා වූ  චම්පික කරුණාරත්න හෙවත් ‘කප්පම් චම්පික‘ ගැන තොරතුරු හෙලිකරමින් ලංකා ඊ නිව්ස් පසුගිය ඔක් 01 දා පළ කළ පුවතින් පසු ඔහු සම්බන්ධයෙන් තවත් තොරතුරු ගලා එමින් තිබේ. 

ඒ අනුව කප්පම් චම්පික විසින් නාමල් වෙනුවෙන් කප්පම් ගැනීම් සහ ඩීල් මෙහෙයැවීම සඳහා නාමල්ගේම නීති සහායිකාවක් ලෙස කටයුතු කළ සුජානි බෝගොල්ලාගම නමැති තරුණියද යොදා ගෙන තිබේ. ඇය නාමල්ට අයත් එන් ආර් ඇසෝසියේට්ස් නමැති සමාගමේ සේවය කර ඇති අතර පසුව කප්පම් චම්පිකගේ පෙම්වතිය ලෙසද පෙනී සිට තිබේ. නාමල්ගේ ක්‍රිස් ඩීල් එකද මෙහෙයවා ඇත්තේ සුජානි බෝගොල්ලාගම විසිනි. 

නාමල් රාජපක්ෂ විසින් මෙකී කප්පම් චම්පිකව තමන්ගේ රහසිගත මෙහෙයුම් සඳහා රාජ්‍ය ආයතන 5 ක තනතුරු දී යොදවා තිබේ. ඒ සඳහා වැටුප් 5 ක් ද ලබා ගෙන ඇත. එකම පුද්ගලයෙකුට රාජ්‍ය ආයතන 5 කින් වැටුප් ගෙවීම නීති විරෝධී වන නමුත් නාමල්ට තිබූ බය පක්ෂපාතී කම නිසාම රාජ්‍ය නිලධාරීන් මෙම නීති විරෝධී ක්‍රියාවේ යෙදී ඇත. ඒ අනුව කප්පම් චම්පික වරායේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයෙකු ලෙස සේවයේ යොදවා ඇති අතර ඔහු විසින් කරන ලද එකම රාජකාරිය නම් මහා පරිමාණ කුඩු කන්ටේනර් සහ එතනෝල් කන්ටේනර් කිසිදු පරීක්ෂාවකින් තොරව රට තුලට පැන්නීමයි. ඒ සඳහා රේගුවද යොදා ගෙන ඇති අතර හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර මහතා උදව් කර ඇතැයිද වාර්තා වේ. 

හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් කප්පම් චම්පිකට උදව් කරලා

නාමල් රාජපක්ෂ විසින් කප්පම් චම්පික ලවා කිසිදු පරීක්ෂාවකින් තොරව රට තුලට ගෙන්වා ගත් මෙකී මත්ද්‍රව්‍ය සහ එතනෝල් ‘කන්ටේනර් පරීක්ෂා නොකරන්නැයි ද රට යන හැටි දැනගෙන වැඩ කරන්නැයිද‘ හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර මහතා විසින් තම පහල නිලධාරීන්ට උපදෙස් දුන් බවද පැවසේ. ලංකා ඊ නිව්ස් විසින් මීට පෙර ජගත් ප්‍රේමලාල් විජේවීර හොඳ පුද්ගලයෙකු ලෙස හඳුන්වා තිබිණ. වත්මන් ආණ්ඩුව විසින් මේ වන විට ජගත් විජේවීර මහතා පොලිසිය බාර නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස පත් කර ඇත. ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ජගත් විජේවීර මහතා පවසා සිටියේ තමන් කප්පම් චම්පික නමැත්තා නාඳුනන බවයි. 

මත්ද්‍රව්‍ය සහ එතනෝල් කන්ටේනර් ගෙන්වූ ජාවාරම් කරුවන් නාමල්ට ගෙවිය යුතු කප්පම් මුදල් එකතු කර දී ඇත්තේ ද කප්පම් චම්පික වන අතර පෙම්වතිය වූ සුජානි බෝගොල්ලාගමද උදව් කර තිබේ. 

නාමල් තම ගෝලයා කප්පම් චම්පික හරහා රාජ්‍ය ආයතන වලින්ද මුදල් ලබාගෙන තිබේ. ඒ අනුව වරක් එකම දිනයේ ලංකා බැංකුවෙන් එකවර ලක්ෂ 40 ක් ලබා ගෙන ඇති අතර මහජන බැංකුවෙන් ලක්ෂ 50ක් එකවර ලබාගෙන තිබේ. මේවා තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ වැඩ සඳහා යයි කීවද සත්‍ය වශයෙන්ම ලබා ගෙන ඇත්තේ රාජ්‍ය කප්පම් හැටියට ය. (කප්පම් චම්පික විසින් මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් රාජ්‍ය කප්පම් ලබා ගත් ආකාරය මෙහි ඇති සේයාරූ වල දැක්වේ.)

පෙර ප්‍රවෘත්තියේ සඳහන් පරිදි 2005 දී රුපියල් 1500 ක් පමණක් තිබූ කප්පම් චම්පික දැන් වාසය කරන්නේ බොරලැස්ගමුවේ කෝටි ගණනක් වටිනා නිවසකය. (එහි ඡායාරූපයක් මෙහි දැක්වේ) මෙම නිවස ඉදිරිපිට ‘රථවාහන නැවැත්වීම තහනම්‘ යනුවෙන් සඳහන් ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයක් දැක්වෙන පුවරුවක්ද තබා තිබේ. කප්පම් චම්පික වැනි පුද්ගලයෙකුට පොලිස් සහාය දී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා කව්රුන්දැයි ලංකා ඊ නිව්ස් සොයා බලමින් සිටී. 

මෙම වාර්තාව සකස් කරමින් සිටියදී ලැබුනු තවත් තොරතුරකින් කියැවුනේ ජනවාරි 8 වෙනිදාට පෙර ආසන්න දිනයකදී නාමල් රාජපක්ෂ විසින් කප්පම් චම්පික ලවා රත්තරන් කිලෝ 25 ක් රටින් පිටකර සී ෂෙල්ස් දූපත වෙත යවා ඇති බවයි. එහිදී එම රත්තරන් පරීක්ෂා කිරීමට උත්සාහ කළ රේගු නිලධාරියෙකුට  වෙඩි තබා මරා දමන බවට කප්පම් චම්පික විසින් තර්ජනය කර තිබේ.

චම්පික කරුණාරත්න හෙවත් කප්පම් චම්පික සම්බන්ධයෙන් තොරතුරු දන්වන්නැයි ලංකා ඊ නිව්ස් විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනතාව විසින් සපයන ලද සියළු තොරතුරු පුද්ගලයන්ගේ රහස්‍ය භාවය සහ ආරක්ෂාව රැක ගනිමින් අදාල පරීක්ෂන කටයුතු සඳහා නිසි බලධාරීන් වෙත යොමු කර ඇති අතර මොවුන්ගේ කප්පම් ගැනීම් වලට භාජනය වූ තවත් අය වේ නම් ඒ පිලිබඳ තොරතුරු රහස් පොලිසියට සහ FCID ය වෙත ලබා දෙන මෙන් ලංකා ඊ නිව්ස් ඉල්ලා සිටී. 

 

-ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ වාර්තා කරුවෙකු විසිනි-

සබැඳි පුවත්- මන්ත්‍රී වැටුපක් පමණක් ලැබූ නාමල් කෝටි ගණන් දී සමාගම් මිලදී ගත් හැටි හෙලිවේ: රටේ ප්‍රකට ධනපතියන්ගෙන් කප්පම් ගත් නාමල්ගේ ‘කප්පම් චම්පික‘ ගැන තොරතුරු මෙන්න

---------------------------
by     (2015-10-06 13:26:04)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

එයා මෙහෙම කෙරුවා මෙයා මෙහෙම කෙරුවා, අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා මාධ්‍ය වල කියනවා විතරයි අද වෙනකන් කාවත් හිරෙය් ඇරලා නැහැ නේ. මම හිතන්නෙය් මේවා කතා වලට විතරයි සීමා වෙලා තියෙන්නෙය්.
-- by පොඩි_eka on 2015-10-07

all these are part of Goebbels law. If you tell a lie big enough and keep repeating it, people will eventually come to believe it.
-- by Ishini on 2015-10-07

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links