~

මන්ත්‍රී වැටුපක් පමණක් ලැබූ නාමල් කෝටි ගණන් දී සමාගම් මිලදී ගත් හැටි හෙලිවේ: රටේ ප්‍රකට ධනපතියන්ගෙන් කප්පම් ගත් නාමල්ගේ ‘කප්පම් චම්පික‘ ගැන තොරතුරු මෙන්න

(ලංකා ඊ නිව්ස් -2015.ඔක්.01, පෙ.ව.4.30) මන්ත්‍රී වැටුපක් පමණක් ලැබූ නාමල් රාජපක්ෂ කෝටි 12 හමාරකට හෙලොකෝප් සමාගම මිලට ගත්තේ කෙසේදැයිද, සී.එන්.එන් සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම් මිලට ගත්තේ කෙසේදැයිද පසුගිය කාලයේ මන්ත්‍රී නලින් බණ්ඩාරලා විමසුවා මතකය. 

කොමිස් ගැහිල්ලට අමතරව නාමල් සල්ලි සොයා ගත් එක් ආකාරයක් වන්නේ තම හෙංචයියන් යොදවා ගිනි අවි පෙන්වා ධනවතුන්ගෙන් ඍජුවම කප්පම් ගැනීමෙන් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත සාක්කි සහිතව වාර්තා වේ. නාමල්ගේ කප්පම් කල්ලිය මෙහෙයවා ඇති ප්‍රධාන පුද්ගලයා නම් චම්පික කරුණාරත්න හෙවත් ‘කප්පම් චම්පික‘ බව හඳුනාගෙන තිබේ.

කප්පම් චම්පික නාමල්ට හමුවූ ආකාරය සහ ඔහුගේ වගතුග මෙසේය

චම්පික කරුණාරත්න හෙවත් කප්පම් චම්පික 2003-2005 කාලයේ එනම් මහින්දගේ රාජපක්ෂ බලයට ඒමට පෙර එංගලන්තයේ ලන්ඩනයට උතුරින් පිහිටි හාට්ෆෝර්ඩ්ෂයර් හි හෙමෙල් හෙම්ප්ස්ටෙඩ් පළාතේ වාසය කර ඇත. එහිදී සිදුකරන ලද ක්‍රෙඩිට් කාඩ් වංචාවකට හසුවූ ඔහු එංගලන්තයේදී අත් අඩංගුවට පත්ව තිබේ. ඉන්පසුව ලංකාවට පැමිණි චම්පික කරුණාරත්න ශෂීන්ද්‍ර රාජපක්ෂ සමග මිතුරු වී ඔහුගේ ව්‍යාපාර වලට සහාය වෙමින් ඔහුගේ ලේකම් වරයෙක් සේ කටයුතු කර තිබේ. සොරකම් කර පුරුදු ඔහු ශෂීන්ද්‍රගේ මුදල් වලට වංචා කර හසුවී ශෂීන්ද්‍ර විසින් තම ඩිෆෙන්ඩරයට යට කොට මරා දමන්නට පවා තැත් කර තිබේ. 

ඉන්පසුව ශෂීන්ද්‍රගෙන් ගැලවී ගත නොහැකිව සිටි චම්පික කරුණාරත්න  හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු (සෙල්ලම් පිස්තෝල) විසින් කොළඹ කැඳවා නාමල්ට සහ යෝෂිතට හඳුන්වා දී ඇත. එකළ ශෂීන්ද්‍ර සමග ආරෝවක සිටි ශිරන්ති රාජපක්ෂ විසින් ශෂීන්ද්‍ර මරා දමන්නට හැදූ චම්පික කරුණාරත්න තමන්ගේ පුද්ගලික ලේකම් තනතුරකට පත් කර ගත්තාය. 2006 - 2008 දක්වා ඔහු ශිරන්තිගේ සෙවනේ වැඩ කරන අතර නාමල්ගේ සහ යෝෂිතගේ කොන්ත්‍රාත් ඩීල් ආදියද නොපැකිලව ඉටු කරන්නේය. ඉන්පසුව නාමල්ගේ වැඩ අධික වන බැවින් ශිරන්තිගෙන් ඉවත්ව නාමල් වෙනුවෙන් ඩීල් කරුවෙකු ලෙස කරලියට බසින්නේය. නාමල්ගේ ඩීල් වලදී මුදල් නොදෙන පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගැනීමට නාමල් චම්පික කරුණාරත්නව යොදවන අතර ඒ වෙනුවෙන් ඔහුට ස්වංක්‍රීය ගිනි අවි ලබා දෙන්නේය. එස්ටීඑෆ් ආරක්ෂාව ලබා දෙන්නේය. ඩීල් මෙගා ඩීල් වී අවසානයේ දී මොවුන් රටේ ධනවත් පුද්ගලයන්ගෙන් ඍජුවම කප්පම් ගන්නා තත්ත්වයට පත් වේ. එස්ටීඑෆ් ආරක්ෂාව යටතේ පැමිණ ගිනි අවි පෙන්වා රුපියල් කෝටි ගණනින් කප්පම් ගන්නා චම්පික කරුණාරත්න අනතුරුව ‘කප්පම් චම්පික‘ ලෙස විරාජමාන වේ. කප්පම් චම්පික ලබා ගන්නා ලද කප්පම් වලින් වැඩි කොටස නාමල්ට යන අතර ඉතිරිය චම්පික තබා ගෙන ඇත. 

මෙලෙස නාමල් කප්පම් චම්පික යොදවා ගිනි අවි පෙන්වා දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගෙන්ද කෝටි 2 ක් කප්පම් ලෙස ලබා ගෙන තිබෙන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වී තිබේ. 

මෙහිදී සැලකිය යුතු වන්නේ 2005 දී එංගලන්තයේ සිට ලංකාව ආ චම්පික කරුණාරත්නගේ ගිණුමේ තිබුනේ රුපියල් 1500 ක් පමණි. නමුත් පසුගිය ජනවාරි 8 වෙනිදා වන විට කප්පම් චම්පික නිවාස හෝටල් ආදිය ඇතුළු රුපියල් කෝටි 30 කට අධික දේපොල රැසක හිමිකරුවෙකි. ඒ ඔහු සතු බීඑම්ඩබ් වර්ගයේ නවීන රථ 5 කට අමතරව ය. මෙම එක් රථයක් ලංකාවේ මුදලින් රුපියල් කෝටි 3 ක් පමණ වේ. මොහු මේ බීඑම්ඩබ් රථ මිලදී ගෙන ඇත්තේ සල්ලි එකවර මුදලින් ගෙවා ය.

නාමල් රාජපක්ෂගේ කප්පම් ගෝලයෙක් ලඟ මේ තරම් මුදලක් තිබේ නම් නාමල් සතුව කෙතරම් මුදල් කන්දක් තිබේදැයි උප කල්පනය කළ හැක. කෙසේ වෙතත් කප්පම් චම්පික පිලිබඳ යහපාලන ආණ්ඩුවේ මෙහෙයුම් අංශ වෙත ඉව වැටී ඇති අතර ඔහු ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මේ බව ආරංචි වී ඇති නාමල් රාජපක්ෂ තමන් හෙලිවේ යයි යන බියෙන් පසුවේ. ඒ අනුව තමන්ට එරෙහිව ජනාධිපතිගේ පැත්තෙන් කුමන පියවරයන් ගන්නේදැයි දැන ගැනීම සඳහා නාමල් සිය ඔත්තු කරුවෙකු ලෙස ‘වෙබ් ගොඩේ ෆාදර්‘ ලෙස හඳුන්වා ගන්නා පෘතුගීසි සම්භවයක් සහිත දෙපිට කාට්ටු ඔත්තු කරුවා ජනාධිපතිවරයා වෙත කිට්ටු කරවා තිබේ. ජනවාරි 8 න් පසුව වෙබ් ගොඩේ ෆාදර් කෝටිපතියෙක් වී සිටින්නේද මෙකී කප්පම් මුදල් වලින් කොටසක් නාමල් ඔහු වෙනුවෙන්ද වියදම් කිරීමෙනි. 

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂගේ කප්පම් චම්පිකට බියවී ඔහුට කප්පම් ගෙවා ඇති අය වෙතොත් සැකෙන් බියෙන් තොරව ලංකා ඊ නිව්ස් වෙත එම තොරතුරු ලබා දෙන ලෙස අප ඉල්ලා සිටිමු. රහස්‍ය භාවය සුරකින බව ස්ථිරය. මොවුන්ට එරෙහිව නීතිය අනුව ක්‍රියාත්මක විය හැක්කේ දඬුවම් දිය හැක්කේ ජනතාව ලබාදෙන සත්‍ය තොරතුරු අනුවය.

 

-ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ වාර්තා කරුවෙකු විසිනි-

---------------------------
by     (2015-10-01 06:10:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links