(ලංකා ඊ නිව්ස් -2015.සැප්.29, ප.ව.11.30) මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ වලංගු මුදල් නෝට්ටු වල නිල අත්සන් තැබිය යුත්තේ මුදල් ඇමැතිවරයාද නැතහොත් අගමැතිවරයාද යන්න පිලිබඳ නෛතික ගැටළුවක් ඇති වී ඇතැයි ඒ පිලිබඳ උනන්දුවක් දක්වන පාර්ශව පවසති. දෙදෙනාගෙන් කවුරුන් අත්සන් කළද එම මුදල් අවලංගු යයිද තවත් පාර්ශව තර්ක කරති.
මීට හේතු වී ඇත්තේ ඇමැතිවරුන්ගේ විෂය පථයන් තීන්දු කරන නව ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකාවේ මහ බැංකුව මුදල් ඇමැතිවරයාගෙන් ඉවත් කොට අගමැතිවරයා යටතට පත් කර ඇති නිසා ය. රටක මුදල් කාසි සහ නෝට්ටු නිකුත් කරන්නේ ඒ රටේ මුදල් සංචිත පවත්වා ගන්නා ප්‍රධාන බැංකුව විසිනි. ලංකාවේ නම් මහ බැංකුවයි.. ලෝකයේ අන් සියළුම රටවල පාහේ එකී බැංකුව පවතින්නේ රටේ මුදල් භාර ඇමැතිවරයා හෝ මූල්‍ය ආණ්ඩුකාරයා හෝ මුදල් ලේකම්වරයා ආදී විවිධ තනතුරු නාම වලින් හැඳින්වෙන නමුත් මුදල් පිලිබඳ පාර්ලිමේන්තුවට හෙවත් ආණ්ඩුවට වගකියන පුද්ගලයා යටතේ ය. ඒ අනුව මුදල් නෝට්ටු වලට අත්සන් තබන්නේ රටේ මුදල් සංචිත පවත්වා ගන්නා බැංකුවේ ප්‍රධානියා සහ මුදල් පිලිබඳ ආණ්ඩුවට වග කියන පුද්ගලයා විසිනි. විශේෂ තන්හිදී පමණක් එක් අයෙකුගේ අත්සන පමණක් තැබේ.
ලංකාවේ මෙතෙක් කාලයක් මුදල් නෝට්ටු නිකුත් කරන මහ බැංකුව අයත් වූයේ මුදල් ඇමැතිවරයා යටතේ බැවින් මහ බැංකුවේ ප්‍රධානී වන මහ බැංකු අධිපති සහ මුදල් ඇමැතිවරයා මුදල් නෝට්ටු වල අත්සන් තැබුනු නමුත් දැන් මහ බැංකුව අයත් වන්නේ අගමැතිවරයාට ය. මහ බැංකු අධිපතිගේ අත්සන ගැන ගැටලුවක් නැත. ගැටළුව ඇත්තේ අනෙක් අත්සන පිලිබඳවය. රටේ මුදල් පිලිබඳ ආණ්ඩුවට හෙවත් පාර්ලිමේන්තුවට වගකියන්නේ මුදල් ඇමැතිවරයා ය. නමුත් තමන්ගේ වගකීමක් නැති ආයතනයකින් නිකුත් කරන නෝට්ටුවකට මුදල් ඇමැතිට අත්සන් තැබිය හැකිද..? අත්සන් කළද එම නෝට්ටුව වලංගුද? මහ බැංකුව අගමැතිවරයාට අයත් වුවද රටේ මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වග කියන්නේ වෙනත් අයෙකු නිසා අගමැතිවරයාට අත්සන් තැබිය හැකිද ? අත්සන් කළද එම නෝට්ටුව වලංගුද..?
දූෂන අවම කිරීම සඳහා කියා අමාත්‍යාංශයකට අයත්ව තිබිය යුතුම අත්‍යාවශ්‍ය ආයතන වෙන් කිරීමට යාමෙන් යහපාලන ආණ්ඩුව නැති අර්බුද හදාගෙන ඇතැයි තතු දත් අය පවසති. මේ ගැන ජනතාවට පැහැදිලි කිරීම රජයේ වගකීමකි.
---------------------------
by (2015-09-29 18:27:04)
Leave a Reply
කනගාටුවට කරුණ නම් මාස දෙකක් ගතව තිබුනත් කිසිම ප්‍රබෝදමත් තත්වයක් රටේ නොමැත (ඔය අනු අංකය තියන රුපියල් 50 නෝට්ටුව හොයා ගෙන ඉදිරිපත් කරොත් රුපියල් ලක්ෂ කීපයක් විතර දෙනවා ද ? මේ දිනවල මුදලුත් නැහැ බොහොම අහේනිය, ) පොඩි පහේ තරගයක් මම යෝජනා කරේ
-- by පුබුදු on 2015-09-30
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි