(ලංකා ඊ නිව්ස් -2015.සැප්.20, පෙ.ව.6.30) මෘග චෞර මහින්ද රාජපක්ෂගේ හිටපු ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවට නොගෙන ලිස්සා යැවීමට මහාධිකරණ විනිසුරුවරිය සරෝජිනී කුසලා වීරවර්ධන සහ පොලිස්පති ඉලංගකෝන් නීති විරෝධීව ක්‍රියා කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
තමාගේ අම්මාගේ අප්පාගේ බූදලය සේ විදුලි සංදේශ නියාමන කොමිසමේ තිබූ මහජන මුදල් රුපියල් කෝටි 60 ක් මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රචාරක කටයුතු ලෙස සිල් රෙදි සඳහා වියදම් කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ කොමිසමේ ලොක්කා අනුෂ පැල්පිට ට එරෙහිව කොළඹ මහාධිකරණයේ පසුගිය සිකුරාදා (18) නඩු පවරන ලද නමුත් කෝටි 60 ක මහජන මුදල් වංචා කළ වුන් අත් අඩංගුවට ගන්නවා වෙනුවට ලබන ඔක්තෝම්බර 6 වෙනිදා උසාවියේ පෙනී සිටින ලෙස නොතීසියක් පමණක් යැවීමට කුසලා අබේවර්ධන ක්‍රියා කර තිබේ.
කුසලා අබේවර්ධනගේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීති විරෝධී වේ. කෝටි 60 ක් තරම් විශාල මහජන මුදලක් අව භාවිතා කළ පුද්ගලයන් සම්බන්ධයෙන් නියෝග දිය යුත්තේ ‘ඔවුන් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන‘ ලෙසය. නීතිය නම් එයයි. නමුත් කුසලා නිකම්ම නිකම් නොතීසියක් නිකුත් කෙළේය. මෙහිදී ලලිත් වීරතුංග අනුෂ පැල්පිට දෙදෙනා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා දී තිබුනේ ද ඔවුන් අත් අඩංගුවට ගන්නා ලෙසයි. නමුත් පොලිස්පතිවරයාද නීතිපති උපදෙස් වලටද පටහැනිව නීති විරෝධීව ක්‍රියා කරමින් දෙදෙනා අත් අඩංගුවට ගැනීමෙන් වැළැකුනේය.
ලලිත් වීරතුංග සිකුරාදා (18) පොලිස්පති ඉලංගකෝන් අමතා තමා අත් අඩංගුවට නොගන්නා ලෙසත් සඳුදා (21) වන විට අධිකරණයෙන් ෂේප් එකක් දා ගන්නා බවත් දැනුම් දී තිබේ. ඒ අනුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු කෝටි 60 වංචා කාරයන් යහපාලනය යටතේ ද අත් අඩංගුවට පත්වීමෙන් බේරී සිටී.
මෙකී ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට එරෙහි නඩුව කුසලා වීරවර්ධන විසින් විභාග කිරීමද හොරාගේ දුවගෙන් පේන ඇසීම වැනිය. මන්ද යත් අංක එකේ මරාවාදී සට්ටැඹි කාන්තාවක් වන කුසලා වීරවර්ධන ලලිත් වීරතුංග අමතන්නේ ‘අංකල්‘ කියා නිසාය. ඇය සරත් එන් සිල්වාගේ අන්තේවාසිකාවක් වන අතර පසුගිය දෝෂාභියෝග යුගයේ දුෂ්ඨත්වය වෙනුවෙන් ඍජුවම පෙනී සිටි පංචස්කන්ධයකි. ඇය දැනටමත් අන් විනිසුරුවරුන් සමග ප්‍රකාශ කර ඇත්තේ “මෙම නඩුවේදී ‘ලලිත් අංකල්‘ වරදක් කරලා නෑ. මහජන මුදල් ගත්තත් එයා ඒවා එයාගේ පාවිච්චියට අරගෙන නෑනේ. ඒ මුදලින් සිල් රෙදි අරන් බෙදලා තියෙන්නෙත් නැවත මහජනතාවටනේ“ කියා ය. එබැවින් මෙම නඩුවේ තීන්දුව දැනටම ඇය ප්‍රකාශ කර තිබේ. මෙවන් මරාවාදී සට්ටැඹියන් මරාගේ දූෂිතයන්ගේ නඩු ඇසීමෙන් ඵලක් වේද යන්න යහපාලන වාදීහු ප්‍රශ්න කරති.
---------------------------
by (2015-09-20 01:11:38)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි