~

සේයා දැරිය මරා දැම්මේ හැඳ සිටි ඇඳුමින් ගෙල සිරකරලා: ඝාතනයට පෙර අතිශය කෘෘර අයුරින් දූෂණය කරලා: ඝාතකයා නිවස තුලම අයෙක්දැයි සැක

(ලංකා ඊ නිව්ස්- 2015.සැප්.14, ප.ව.11.30) ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේ නිවසේ නිදා සිටියදී සෙනසුරාදා (12) අතුරුදන්ව පසුදා (13) අසල ඇලක් අයිනේ මරා දමා සිටි සේයා සඳෙව්මි නමැති අවුරුදු හතර හමාරක් වයසැති දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව අද නිකුත් වූ අතර දැරිය කෘෘර ලෙස දූෂණය කිරීමකින් පසු ගෙල සිර කර මරා දමා ඇතැයි එහිදී හෙලි විය. ඉදිරිපසින් සහ පසුපසින් දැරිය දූෂණය කර ඇති අතර දැරිය දැඩි ලේ වහනයකට මුහුණ දී ඇත. දූෂකයාගේ ශුක්‍රාණු සහ රෝම සිරුරේ තිබී හමුවී තිබේ. දූෂණයෙන් පසුව ගෙල සිර කර මරා දමා ඇත්තේ දැරිය හැඳ සිටි ටී ෂර්ට් එකෙන්මය. දැරියගේ සිරුරේ නියපොතු වලින් වූ සීරීම් තුවාල දක්නට ඇත. දැරිය අතුරුදහන් වූ රාත්‍රියේම මරා දමා නැතැයි ද සිරුර හමුවූ දිනයට පෙරදා රාත්‍රියේ මරා දමන්නට ඇතැයිද පරීක්ෂකයෝ කියති. 

දැරියගේ ඝාතකයාට එල්ලුම් ගහ නියම කරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් අද කොටදෙණියාව බඩල්ගම නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ. ඔවුන්තර වූ වැඩි දෙනා කාන්තාවන් වීම විශේෂත්වයක් විය.

මේ අතර දැරියගේ ම්ලේච්ඡ ඝාතනය ගැන පරීක්ෂන කරන පොලිසියට දැරිය හැඳ සිටි යට ඇඳුම දැරිය නිදාගත් ඇඳ යට තිබී හමුවී තිබේ. පොලිස් සුනඛයාද දැරිය විසූ නිවස සහ අවට කරකැවුනා මිස වෙනත් අතකට යොමු වූයේ නැත. 

දැරියගේ පියා කලකට පෙර ළමා අපචාර සිද්ධියකට චුදිතයා වී මාස 3 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස ලබා පැමිණ සිටින අයෙකි. පියා කලක් විදේශ රැකියාවකද නිරතව සිට ඇති අතර දැරිය මවට පිලිසිඳ ගත්තේ පියා විදේශගතව සිටි කාලයේදී යැයි පවසමින් නිවසේ නිතර අඬ දබර තිබූ බවද වාර්තා වී ඇත. 

මේ අනුව දැරියට විනාශය ගෙන ආවේ නිවස තුලින්මද යන සැකය බරපතල ලෙස මතු වී තිබේ. දැරියගේ අවමංගල්‍ය කටයුතු හෙට සිදුකිරීමට නියමිත අතර ඉන්පසු නිවසේ කිහිප දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගැනීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. සේයා දැරිය හැර තවත් දැරියක් සහ දරුවෙක් දෙමාපියන්ට සිටිති. සීයා සහ ආච්චීද ජීවත් වූයේ එනිවස තුලම ය.

ප්‍රදේශවාසීන් අද පැවැත්වූ උද්ඝෝෂනයේ අවස්ථා සේයාරූ වල දැක්වේ

---------------------------
by     (2015-09-14 20:38:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Why can't they check the DNA and compare with fathers and grand fathers....
-- by Nil on 2015-09-14

DNA tests will take time. Mark my words this is done by both grand father and father and this seems to be not the first time that this little girl is been raped by them.
-- by Shalini on 2015-09-15

ITS CRAZY THE WAY THIS HAPPENED....A VERY STRANGE SITUATION....HOPE TO GOD THAT THEY FIND THE CULPRIT SOON AND HE IS SEVERELY PUNISHED....SWEET LITTLE ANGEL...MAY HER SOUL REST IN PEACE
-- by Ann on 2015-09-15

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links