~

BMW රථයෙන් පැමිණ රුසියානු තානාපති නිලධාරියාට ගැහුවේ එක්ස්ටසි ජාවාරම් කාරයෙක්: සජින් වාස්ගේ ගෝලයෙක්: තානාපති නිලධාරියාගෙන් සමාව ඉල්ලූ විදේශ ඇමතිගෙන් දැඩි පියවර (Video)

(ලංකා ඊ නිව්ස් -2015.සැප්.10, ප.ව.6.45) කොළඹ හයිඩ් පාක් හි පිහිටි ආපිකෝ රථ ගාලේදී පසුගිය සැප්තැම්බර් 4 දා BMW රථයකින් පැමිණි පුද්ගලයකු රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා දැඩි නීතිමය පියවර ගන්නා ලෙස පොලීසියට උපදෙස් දී ඇත.

අතවරයට පත් රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා අමාත්‍ය සමරවීර මහතාගේ කාර්යාලයේදී මුණ ගැසුණු අතර මෙහිදී සමරවීර මහතා ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් තමා සමාව ඉල්ලා සිටින බවත් මේ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හරහා නීතිමය ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්නා බවත් අවධාරණය කළේය.

BMW රථයකින් පැමිණි පුද්ගලයකු රථ අංගනයකට ඇතුළු කිරීමට නොහැකි වන ලෙස පිවිසුම අවහිර කොට අසභ්‍ය වචනයෙන් මෙම රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයාට බැන වදිනා වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලයේ සංසරණය විය.

තම රථය අනවසර ස්ථානයක නවතා තැබූ මොහු රාජ්‍ය තාන්ත්‍රිකයාව තල්ලු කරමින් රුසියානු ජාතිකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ඉදිරියේ කැඩුණු ඉංග්‍රීසියෙන් තර්ජනය කර ඇත.

මෙම BMW රථයෙන් පැමිණි පුද්ගලයා මංජුල විජේකෝන් නමැත්තෙකු බවට අනාවරණය වී ඇති අතර මොහු එක්ස්ටසි නැමැති මත් පෙති අලෙවි කරන පුද්ගලයකු බවට ද තොරතුරු ලැබී ඇත. දැනට සිර ගතවී සිටින සජීන් වාස් ගුණවර්ධනගේ ගජ මිතුරකි. එසේම මෙම පුද්ගලයා තම පරණ පෙම්වතියගෙන් සොරා ගත් මුදල් වලින් AUDI වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර් රථයක් ද මිලදී ගෙන ඇත. රාජගිරියේ පිහිටි "කූල් ප්ලැනට්" (COOL PLANET) ඇතුළු ස්ථාන ගණනාවකම පහරදීම් වලට සම්බන්ධ මොහු තම සගයා වූ සජින් වාස් ගුණවර්ධනගේ බලය යොදා ගනිමින් නීතියෙන් ගැලවී ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය දැනටමත් පොලීසියට පැමිණිලි කර ඇති අතර මෙම BMW රථයෙන් පැමිණි පුද්ගලයා ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය. 

සිද්ධිය පිළිබඳ සමාජ ජාලයේ සංසරණය වූ වීඩියෝව පහතින් 

---------------------------
by     (2015-09-10 14:00:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links