~

මාර්ග නීති නොතකා ගමන් කළ පීඑස්ඩී ඩිෆෙන්ඩරයක් මාරක අනතුරක: 4 ක් මරුට: 6කට තුවාලයි: අනතුරේ වීඩියෝවක් මෙන්න (Video)

(ලංකා ඊ නිව්ස් -2015.සැප්.10, ප.ව.5.35) මාර්ග නීති තුට්ටුවකට නොසලකා ගමන් ගත් ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆේන්ඩර් රියක් මිනුවන්ගොඩ මිරිස්වත්තේ දී අද උදේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ සිව් දෙනකු මිය ගොස් හය දෙනකු බරපතල තුවාල ලබා ඇත.

ජනාධිපති ආරක්ෂක අංශයේ දස දෙනකු එක ඩිෆෙන්ඩර් රියකින් නිකවැරටියේ මළගෙදරක යද්දී මෙම අනතුර සිදුව තිබේ.

කොස්තාපල් ප්‍රේමදාස (29930) නමැත්තෙක් මිය ගොස් ඇති අය අතර වේ.
උප පොලිස් පරීක්ෂක මීගොඩ, කොස්තාපල් සිසිර, කොස්තාපල් පොල්ගොල්ල, නයෝමි හා පූර්ණිමා තුවාල ලැබූ අය අතර වෙති.

අනතුරට ලක් වූ රථයේ සේයාරුවක් සහ අනතුර සිදුවූ හැටි දැක්වෙන සීසීටීවී කැමරාවක සටහන් වීඩියෝවක් මෙහි දැක්වේ

---------------------------
by     (2015-09-10 13:13:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links