(ලංකා ඊ නිව්ස් - 2015.අගෝ.29, ප.ව.5.00) ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සම්බන්ධ සැබෑ ඝාතකයන් වූ ගෝඨාභය රාජක්ෂ සහ ඔහුගේ මිනීමරු කල්ලි හෙලිදරව්වෙමින් පවතිද්දී ගෝඨාභයගෙන් දීර්ඝ කාලයක් තිස්සේ යැපෙන සහ තවමත් සට්ටැඹිකම් කරන ජඩමාධ්‍යකරුවන් ප්‍රගීත් සම්බන්ධයෙන් විවිධ මඩ ප්‍රචාර ගෙන යමින් තිබේ. ඉන් ප්‍රධාන වන්නේ රුවන් ෆර්ඩිනැන්ඩස් සහ උවිඳු කුරුකුලසූරිය නමැති ගෝඨාභය රාජපක්ෂගේ සට්ටැඹියන් දෙදෙනා පවත්වාගෙන යන මාධ්‍යයන් ය.
එවැනි තවත් මඩ ප්‍රචාරයක් ජනතා විමුක්ති පෙරමුණේ නමින් දෙමළ බසින් පවත්වාගෙන වෙබ් අඩවියකද ප්‍රචාරය කර ඇති අතර ඊට පිලිතුරු දෙමින් ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා මහතාගේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා ජවිපෙ නායක අනුර දිසානායක මහතාට ලිපියක් යවා තිබේ. නමුත් එහි සඳහන් මඩ ප්‍රචාරය පළමුවෙන් ප්‍රචාරය කරන ලද්දේ උවිඳු කුරුකුලසූරිය නමැත්තා විසින් පවත්වාගෙන යන මඩ වෙබ් අඩවිය මගිනි. ප්‍රගීත් මාතලේ පැත්තේ ගැහැණියක සමග ජීවත් වූ බවත් ඔහු කොළඹ පැමිණි විට ජීවත් වූයේ ඔහුගේ නිවසේ නොව ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම්ගේ නිවසේ බවත් එහි බොරු මඩ අවලාද පතුරා තිබිණ. එහි අඩංගු මඩ අවලාදම ජනතා විමුක්ති පෙරමුණේ නමින් පළවන දමිල අඩවියකද ප්‍රචාරය කර ඇති අතර පහත දැක්වෙන්නේ එදිරිසිංහ මහතා ජවිපෙ නායක අනුර දිසානායක වෙත යවන ලද ලිපියයි.
ගරු අනුර කුමාර දිසානායක මහතා
නායක - ජනතා විමුක්ති පෙරමුණ
464/20, පන්නිපිටිය පාර,
පැලවත්ත,
බත්තරමුල්ල.
හිතවත් අනුර කුමාර දිසානායක මැතිතුමනි,
ඉහත ශීර්ෂය යටතේ 2015.08.27 වන දින ඔබගේ පක්ෂය නමින් දෙමළ බසින් පලවන www.jvpnews.com නැමැති වෙබ් අඩවියේ පළවූ (මෙයට පිටපතක් යා කොට ඇති) ප්‍රවෘත්තියට ඔබගේ අවධානය යොමු කරවමි.
එය සම්පූර්ණ අසත්‍ය හා ඊ.පී.ඞී.පී. පක්ෂයේ හා එහි මහලේකම් ඩග්ලස් දේවානන්දා මහතාගේ කීර්තිනාමයට හානි කිරීමේ අදහසින් ද්වේශසහගතව ගොතන ලද්දකි. විශේෂයෙන්ම ඩග්ලස් දේවානන්දා මහතා, පිහිටුවීමට යෝජිත ජාතික ආණ්ඩුවට තමාගේ සහයෝගය දැක්වීමට සූදානම් බවට වාර්තාවීමත් සමග මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක් නිර්මාණය කොට වෙබ් අඩවි වල පලකර විශාල ප්‍රසිද්ධියක් ලබාදීම සැළකිල්ලට ගත යුතුය. එම ප්‍රවෘත්තියේ සඳහන් ආකාරයට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා මා සමග කිසි දිනෙක කොළඹ නිවෙසක රැුඳී සිට නැත. එසේම, එතුමාගේ අතුරුදන්වීම සම්බන්ධව පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසියේ වෙනත් ආයතනයක් මේ සම්බන්ධව කිසිදු දිනෙක මාගෙන් ප්‍රශ්න කර නොමැත.
ඔබගේ පක්ෂයේ නමින් පලවන මෙම www.jvpnews.com වෙබ් අඩවිය තුළින් මීට ඉහතදීද අප පක්ෂය හා ඩග්ලස් දේවානන්දා මහතා සම්බන්ධව අසත්‍ය මඩ ප්රවෘත්ති රාශියක් පලකොට තිබුණි. එසේම ජාතික සංහිදියාවට එරෙහිව ඔබ පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනි ප්රවෘත්ති රාශියක් ද දිගින් දිගටම පලවී ඇත. මෙම අසත්‍ය විකෘති ප්රවෘත්ති සම්බන්ධව අප විසින් ඔබ පක්ෂයේ අවධානය කිහිපවිටක් යොමු කර ඇතත් ඒවා නිවැරදි කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔබ පක්ෂය අසමත්ව ඇති බව කණගාටුවෙන් වුවද මතක් කර දෙමි.
ජෙනරාල් කොබ්බෑකඩුව ඝාතනය, ඇතුලත් මුදලි ඝාතනය, රවිරාජ් ඝාතනය, මහේෂ්වරන් ඝාතනය ඇතුලූ පසුගිය කාලයේ සිදුවූ විවිධ දේශපාලන ඝාතන සම්බන්ධයෙන් ඊනියා චෝදනා රාශියක් දේශපාලන විරුද්ධවාදීන් විසින් අප පක්ෂය වෙත සැළසුම් සහගතව එල්ල කරන ලදී. මේ සියලූම සිද්ධීන්වල සත්‍ය ඝාතකයෝ කවුරුන්ද යන්න දැන් එළිදරව් වී ඇත. සමහර ඝාතන සම්බන්ධයෙන් අධිකරණ තීරණ ද ලබා දී ඒවායේ වරදකරුවන්ට දඬුවම් ද ලබා දී ඇත. වර්තමාන දේශපාලන තත්ත්වය තුළ නැවතත් අප පක්ෂයට මඩ ගැසීමේ අරමුණින් මෙම අසත්‍ය ප්‍රචාර ගෙන යන බව පැහැදිලි වේ.
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා මා සමග මෙන්ම ඩග්ලස් දේවානන්දා මැතිතුමා සමග සමීප මිත්‍ර සම්බන්ධකමක් පැවැත්වීය. ඒ වාගේම ඔහුට විශාල සමාජ සම්බන්ධතා ජාලයක් තිබූනි. ඔහුට මිතුරෝ බොහෝ වූහ. ඔහුගේ අතුරුදන්වීම පිළිබඳව දැඩි ලෙස වේදනාවට පත්වූ මිතුරන් අතර මමද ඩග්ලස් දේවානන්දා මහතා ද වේ. ඔහු කොළඹ මාගේ නිවසේ සිටි බව මොවුන් ප්‍රකාශ කරන නමුත්, කොළඹ කිසි දිනෙක මට නිවසක් තිබුණේ නැත. මා, 1990 සිට වසර 25කට වැඩි කාලයක් ජීවත්වන්නේ මාගේ ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමගය. එසේ තිබියදීත් මා හටත් ඩග්ලස් දේවානන්දා මැතිතුමාටත් දේශපාලන මඩ ගැසීමේ අරමුණින් තනිකරම මුසාවාදී අවලාද නැගීමක් හැටියට මෙම වෙබ් අඩවි ප්රවෘත්ති වාර්තාව හඳුන්වා දිය හැකි අතර, තවද, ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම පිළිබඳ දැන් කරගෙන යන පරීක්ෂණ වෙනත් අතකට යොමු කිරීමකට උත්සාහ දැරීමක් බවද ප්‍රකාශ කළ යුතුව ඇත.
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම පිළිබඳව සිදුකරනු ලබන ඕනෑම පරීක්ෂණයකට සම්පූර්ණ සහයෝගය ලබාදීමට මා සහ අප පක්ෂය සූදානම්ව සිටින අතර, එහි සැබෑ වගකිව යුත්තන් ඉක්මණින්ම සමාජයට හෙළිදරව්වනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු.
තවද, මෙම ප්‍රවෘත්තිය වෙනත් මාධ්‍යයන් විසින් ද උපුටා දක්වන ලද අතර, එයට ප්‍රතිචාර වශයෙන් මෙම ලිපිය සෙසු මාධ්‍ය වෙත ද නිකුත් කිරීමට කටයුතු කරන බව කාරුණිකව දන්වමි.
නෙල්සන් එස්. එදිරිසිංහ
ඩග්ලස් දේවානන්දා මහතාගේ මාධ්‍ය ලේකම්
---------------------------
by (2015-08-29 11:37:16)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි