~

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ඝාතනය කිරීමට සම්බන්ධ සාජන්ට් මේජර් අත් අඩංගුවට ! ප්‍රගීත් බාරදුන් ගිරිතලේ කඳවුරේ එකළ අණ දෙන නිලධාරියා ගෝඨාගේ ‘හරක් හොරා‘ බව හෙලිවේ

(ලංකා ඊ නිව්ස්- 2015.අගෝ.10, පෙ.ව. 6.45) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සම්බන්ධ එකළ ගිරිතලේ හමුදා කඳවුරේ සේවය කළ බණ්ඩා නමැති සාජන්ට් මේජර් වරයෙක් ඊයේ(09) කුරුණෑගල දී රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහුද යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකි. සිංහල ජාතික පුද්ගලයෙකි. මීට පෙර දෙමළ ජාතික බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබිණ. 

මෙම අත් අඩංගුවට ගැනීම් සිදුවෙද්දී යුද හමුදාවට වඩා කලබල වී ඇත්තේ පසුගිය කාලය පුරාම ගෝඨාභයගෙන් ගෙවීම් ලබමින් බඩ වඩා ගත් ජඩමාධ්‍ය කාරයන් කිහිප දෙනෙකි. ඒ අතර ‘වෙබ් ගොඩේ ෆාදර්‘ නමැති පුද්ගලයාද සිටිති. ඔවුන් මෙම පැහැරගැනීම සහ ඝාතනය ජනගත කරන්නට යන්නේ මෙය කරුණා අම්මාන්ගේ හෝ එල්ටීටීඊයේ ගිණුමකට වැටෙන ආකාරයට තමන් සැබෑවට තවමත් සේවය කරන ගෝඨාභය රාජපක්ෂ සුදනා කිරීමට ය. පළමුවෙන් අත් අඩංගුවට ගත් දෙදෙනා දෙමළ ජාතික බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු නිසා ප්‍රවෘත්ති විකෘති කරමින් සිටිති. 

අත් අඩංගුවට ගත් දෙමළ ජාතික බුද්ධි අංශ දෙදෙනා කලින් කරුණාගේ හෝ ප්‍රභාකරන්ගේ හෝ එම්ජීආර් ගේ හෝ වේවා ඔවුන් ඒ වන විට සේවය කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ යුද හමුදාවට ය. ඒ යුද හමුදාවේ කුලී මිනීමරුවන් ලෙස ක්‍රියා කළ රහසිගත කණ්ඩායම් මෙහෙයැවූයේ ගෝඨාභය විසිනි. හෙන්දාවිතාරණ මෙකී මෙහෙයුම් කළ ගෝඨාභයගේ දකුණු අතය. 

අද මේ ලියන මොහොත වන විටද ගෝඨාභය සහ හෙන්දාවිතාරණ කුරුණෑගල මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයටද මෙකී දෙමළ ජාතික හිටපු එල්ටීටීඊ සාමාජිකයන් යොදා ගෙන තිබේ. පොලිස් බුද්ධි අංශය විසින් මොවුන් පිලිබඳ පරීක්ෂාවෙන් සිටින අතර එම පිරිස 50 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. මේ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිසිදු පුනරුත්ථාපන කඳවුරකින් පුනරුත්ථාපනය වූ අයද නොවන බවද සොයා ගෙන තිබේ. 

මේ අතර ප්‍රගීත්ගේ පැහැර ගැනීමෙන් පසු ඔහු බාර දුන්නා යැයි කියන ගිරිතලේ හමුදා කඳවුරේ එවකට අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරන ලද්දේ ද ගෝඨාභයගේ අංක එකේ හෙංචයියෙක් වූ මේජර් ජෙනරාල් ජගත් විජේසිරි නමැත්තා ය. මොහු හරක් හොරෙකි. හොර හරක් පටවාගෙන යුද හමුදාවට පවරාගත් වාහනයකින් ගෙනයද්දී මොහු යුද හමුදාවේම ඉහල නිලධාරියෙකුගේ අතටම හසුවිය. එහිදී ඔහුගේ නිලයෙන් පහල දමා දඬුවම් කළ අතර ඔහුගේ පහල දැමුණු නිලය වූයේ කර්නල් නිලයයි. ෆොන්සේකා යුද හමුදාපතිවරයාගේ සමයේදී දුන් දඬුවම නිසා මොහු පෙලුනේ ෆොන්සේකා සමග බද්ධ වෛරයෙනි. එනිසාම පසුව ෆොන්සේකාගෙන් පලි ගැනීම සඳහා ගෝඨාභය කෙළේ මොහු කර්නල් නිලයේ සිට මේජර් ජෙනරාල් නිලය දක්වා උසස් කොට මුළු හමුදාවේම විනයාරක්ෂක නිලධාරියා ලෙස පත් කිරීමයි. හරක් හොරෙකුට යුද හමුදාවේම විනය බාර දුන් ගෝඨාභය ඔහුව ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරියා ලෙසද පත් කෙළේය. ප්‍රගීත් ගිරිතලේ යුද හමුදා කඳවුරට බාර දෙද්දී එහි අණ දෙන නිලධාරියා වූයේ මෙකී ගෝඨාභයගේ හරක් හොරා ය. ඔහු ගෝඨාභය කී ඕනෑම කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට මැලි නොවී ඉදිරිපත් වූ අයෙක් බව පෙන්නුම් කළ හොඳම උදාහරණය නම් හිටපු හමුදාපති ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පසුව නිවසේ සිට කුදලා ගෙන යෑමට පැමිණි පුද්ගලයන් අතර සිටි ප්‍රධාන පුද්ගලයා මෙකී හරක් හොරා හෙවත් මේජර් ජෙනරාල් ජගත් විජේසිරි වීමය. ඔහුට සහාය දුන්නේ මේජර් ජෙනරාල් පූජිත මානවඩු ය. එදා මේ දෙදෙනා හැර අන් කිසිදු නිලධාරියෙක් ගෝඨාගේ නීති විරෝධී නියෝගය ක්‍රියාත්මක කිරීමට කැමැති වූයේ නැත. කරන ලද පක්කලි සේවය වෙනුවෙන් ගෝඨාභය විසින් ජගත් විජේසිරි ජපානයේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස පත් කර යැවිණ. යහපාලන ආණ්ඩුව පත්වී යලි ලංකාවට කැඳවන තුරුම ඔහු හිටියේ ජපානයේ ය. දැන් මේ හරක් හොරා යුද හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටී.

ප්‍රගීත් ඝාතනය කෙළේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ දී නම් එහි අණ දෙන නිලධාරියා වූ හරක් හොරා යනු ගෝඨාභයගේ අංක එකේ සට්ටැඹියෙක් බව නොකිවමනාය. එවිට ප්‍රගීත් ඝාතනය කිරීම කාගේ වුවමනාව මත සිදුවූවක් ද බව පැහැදිලිය. කෙසේ වෙතත් ජනතාව රහස් පොලිස් පරීක්ෂණ දෙස ඉතා හොඳින් බලා සිටින අතර ගෝඨාභය සුද්ධ කිරීමට වලිකන කුලී කහින්නන් ගැනද හොඳින් බලා සිටින බැවින් පරිස්සම් වන ලෙස අනතුරු අඟවමු..

---------------------------
by     (2015-08-10 01:38:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  6 discussion on this news

රාජපක්ෂලාගෙ ඉතිහාසෙත් හම්බන්තොට හරක් හොරකම් වලට ගොඩක් සම්බන්ධයි
-- by Sanath on 2015-08-10

අත් අඩංගුවට ගත් දෙමළ ජාතික බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා සේවය කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ යුද හමුදාවට ය. ඒ යුද හමුදාවේ කුලී මිනීමරුවන් ලෙසය. එම රහසිගත කණ්ඩායම් මෙහෙයැ වූයේ ගෝඨාභය රාජපක්ෂ විසිනි
-- by Thangalle Nihal on 2015-08-10

අද මට ඇහුන පොළිස් මාධ්‍ය ප්‍රකාශක කියනව මේ කොටි ත්‍රස්තවාදීන් දෙන්න පුනරුත්ථාපනය කරපු උන් කියල, එහෙමනං මුන් පුනරුත්ථාපනය කරල තියෙන්නෙ නිදහස් පුරවැසියො හැටියට ජීවත්වෙන්න නෙවෙයි රාජපක්ෂලාගෙ මිනීමරු වහළ්ලු හැටියට ජීවත්වෙන්න...
-- by Prasad Gallage on 2015-08-10

මේ වගෙ අපරාධ කරන මිනීමරුවන්ට මොන තනතුරේ කොහොම බැබලුනත් උපරිම දඬුවම් ලබා දිය යුතුයි. එසේ නොවුනොත් ඊලඟට අතුරුදහන් වෙන්නෙ අපේ දරුව වෙන්න පුළුවන්
-- by Rajitha Chamikara on 2015-08-10

බෙදමින් බේද කරමින් ගත වුනෙ දිවිය --- කෑවේ ගිනි තමයි නොතිබුනි දෑතේ සවිය --- සොරකම වංචාව උපතින් මා හට හිමිය --- සුදු සළු දැම්ම විට මගෙ සේරම හරිය
-- by ම.රා. on 2015-08-10

මමයි මගේ පවුළයි නෑ දෑ හිත මිත්‍රයොයි කරපු දූෂණ ගැන භීෂන ගැන ලියාපු උන් අරන් ගිහින් දස වද දීල මරවල මුහුදෙ ගිල්ලපු එකද මිනී මෝරුන්ට කන්න දුන්න එකද මං කරපු මහ ලොකු වරද! --- මහින්ද රාජපක්ෂ අසයි!
-- by ම.රා. on 2015-08-10

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links