~

විරතු ගෙන්වුයේ මරා: බොදු බලය කෙළේ මරාගේ ජනාධිපතිවරණ කැම්පේන් එක: ''මං විරතුට දුන්නේ පිල්ලේට දුන්, පෝප්ට දෙන ආරක්ෂාවමයි'' -මරාගේ බළලා මල්ලෙන් එළියට

(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.02, පෙ.ව.7.10) පසුගියදා පැවැත්වූ බොදු බල සේනාවේ සඟ සමුළුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තෙවන ජනාධිපතිවරණයේ මැතිවරණ කැම්පේන් එකෙහි ආරම්භක කටයුත්තක් බව 'ලංකා ඊ නිව්ස්' අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. 

ඊට වැදගත්ම සාක්ෂිය වන්නේ බුරුමයේ මිනීමරු සිවුරුකාරයා වූ අෂින් විරතු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ බොදු බල සේනාවේ ආරාධනයෙන් බව කීවද සැබෑ ලෙසම එය මැදමූලන මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයෙන් පැමිණි ගමණක් බව මේ වන විට හෙළි වී ඇති නිසාය.

මෙහි දැක්වෙන සේයාරුවෙන් හෙලිවී ඇත්තේ අෂින් විරතුගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ආරක්ෂක අංශයේ (පීඑස්ඩියේ) විදේශ රටවල රාජ්‍ය නායකයන් සඳහා යොදවන විශේෂ ආරක්ෂක ඩිවිෂනය යොදවා තිබූ ආකාරයයි. මෙම විශේෂ ඩිවිෂනය භටයන් 200 කගෙන් සමන්විත වන්නක් වන අතර විරතුගේ ආරක්ෂාවට ඉන් භටයන් 28 ක් යොදවා තිබේ. ඊට අමතරව විදෙස් රාජ්‍ය නායකයන් සඳහා යොදවන පීඑස්ඩියේ විශේෂ ඩිවිෂනයේ ආරක්ෂක යතුරු පැදි දෙකක් ද ඩිෆෙන්ඩර් රථ 6 ක් ද යොදවා තිබේ. 

මෙම කණ්ඩායම යෙදවීමට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝග අත්‍යාවශ්‍යය. ඒ අනුව විරතු ආවේ කාගේ වුවමනාවටදැයි නොරහසකි. 

විරතු පැමිණීමට පෙර ඔහුට වීසා නොදෙන්නැයි රජයේ ප්‍රබල මුස්ලිම් ඇමැතිවරු දෙදෙනෙක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා තිබී ඇති නමුත් ඒ නොසලකා වීසා ලබා දී ඇත්තේ ද ජනාධිපතිවරයාගේ නියෝග පරිදි ය. මීට පෙර සාමකාමී ලෝක බෞද්ධ ජනතාවගේ නායකයා ලෙස සැලකෙන දලයි ලාමා තුමාට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට වීසා ලබා නොදීම හා සැලකීමේ දී විරතු වැනි මිනීමරු සිවුරුකාරයෙකුට වීසා ලබා දීම විශේෂිතය. 

පසුගිය 30 වෙනිදා පැවැති කැබිනට් රැස්වීමෙන් පසුව ප්‍රබල මුස්ලිම් ඇමැතිවරු දෙදෙනෙක් විරතුට විදෙස් රාජ්‍ය නායකයන්ට ලබා දෙන පීඑස්ඩියේ විශේෂ ඩිවිෂනයේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මැදමූලන මරාගෙන් ප්‍රශ්න කළහ. එහිදී උද්දච්ඡ ආකාරයෙන් පිලිතුරු දුන් මරා පවසා ඇත්තේ ''මම නෙවි පිල්ලේටත් දුන්නේ ඔය ආරක්ෂාව, හෙට අනිද්දට පාප් වහන්සේටත් දෙන්නේ ඔය ආරක්ෂාව, අයි.ඕ.එම්. එකේ සභාපතිටත් දෙන්නේ ඔය ආරක්ෂාවම තමයි'' යනුවෙනි. (අයි.ඕ.එම් ලෙස හඳුන්වන්නේ ඉන්ටර්නැෂනල් ඕර්ගනයිසේෂන් ඔෆ් මයිග්‍රේෂන් සංවිධානයයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය ලඟට වැඩිම රටවල් ප්‍රමාණයක් සමන්විත සංවිධානයයි.) 

මැදමූලන මරා විසින් ලෝක කිතුණු ජනතාවගේ නායකයා වන පාප් වහන්සේගේ මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ මහ කොමසාරිස්ගේ සහ ලෝකයේ දෙවන විශාලතම ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිගේ මට්ටමට අෂින් විරතු වැනි ප්‍රාථමික ඝනයේ මිනීමරුවෙකු ලා සැලකුව ද අෂින් විරතුගේ උපන් බිම වන බුරුමයේ හෝ ඔහුට එවැනි පිලිගැනීමක් නැත. ජනාධිපති ආරක්ෂාවක් තබා එරට පොලිස් ආරක්ෂාවක් හෝ විරතුට ලබා දී නැත.

මැදමූලන මරා මෙවැනි තත්ත්වයකින් කටයුතු කර ඇත්තේ නොදැන නොවන බවත් මෙය ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ පළමු පියවර බවත් රෙජීමයේ අභ්‍යන්තර තොරතුරු කරුවෝ පවසති. එනම් මරා මෙවර මැතිවරණ ව්‍යාපාරය ගෙන යන්නට හදන්නේ අමු සිංහල බෞද්ධ ජාතිවාදී පදනමක සිට බවත් බොදු බලය ලවා සඟ සමුළුවක් තැබුවේ ඒ සඳහා බවත් දැන ගන්නට ඇත. එහිදී කතා කළ නානසාර, ''මින්පසු භික්ෂූන්ට ඩී.එස් චින්තනය හෝ බණ්ඩාරනායක චින්තනය හෝ රතු මල්ලිලාගේ කාල් මාක්ස් චින්තනය හෝ තියෙන්න බැරි යයි'' කීවේ ද, ''මහින්ද චින්තය තියෙන්න බැහැයි'' නොකීවේ ද, මෙය මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කැම්පේන් එකේ ආරම්භය නිසා බව වැඩි දුරටත් දැන ගන්නට තිබේ.

ජාතික නායකයා කව්දැයි මෙම සඟ සමුළුවේදී හෙළි කරන බව නානසාර විසින් ඊට පෙර කිහිප වතාවකදීම කියා සිටියද එදින එවැනි කිසිවෙක් ගැන හෙළි නොකෙළේද ගමට ගොස් ''පන්සලකින් දහස බැගින් පන්සල් පන්දහසකින් ලක්ෂ 50 ක් දෙනා බඳවා ගන්නා ලෙසත් 'අපෙන්' ලක්ෂ 15 ක් දමා ලක්ෂ 65 ක් හැදීම ගැනත්'' නානසාර කීවේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කැම්පේන් එකේ කොටසක් ලෙසම බව පැවසේ. 'අපෙන්' යනුවෙන් කීමට නානසාරට ලක්ෂ 15ක සෙනගක් නැති බවත් ඒ කීවේ මැදමූලන මරාගේ ලක්ෂ 15 ක් ගැන බවත් රෙජීමයේ අභ්‍යන්තර තොරතුරු කරුවෝ පවසති. 

බොදු බල සේනාව විසින් සිවුරුකරුවන් 5000 ක් කොළඹට ගෙන එන බවට මැදමූලන මරාට පොරොන්දු වුවද ඔවුන් ගෙනැවිත් ඇත්තේ 3250 ක් පමණක් බව මැදමූලන මරාට රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් වාර්තාවේ දැක්වේ. 

---------------------------
by   විශේෂ ලියුම්කරුවෙකු විසිනි   (2014-10-02 01:47:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Aiming presidential election in January MR has ordered to stop air flights in Maththala so that he can show flights are coming to Maththala. This is ridicules. Passengers have to suffer. UL285 colombo – Jeddah flight on 4th December has changed the schedule Colombo-maththala-jeddah. Passengers have to suffer 3 additional hours because of crazy man.
-- by Arachchi on 2014-10-02

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links