(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.27, ප.ව.5.00) මැදමූලන හොර පෙරකදෝරුවා ලෙස ජනතාව හඳුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ ප්‍රතිරූපය ගොඩනැංවීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට ලබා දී තිබෙන බව ඊයේ (26) පැවැති හෙළිදරව්ව වැඩසටහනේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අනාවරණය කළේය.
මෙම මුදලින් රුපියල් ලක්ෂ පනහක් ලබා දී ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ මූලික අරමුණින් ස්ථාපිත කරන ලද තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ය. තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ඉල්ලීමට අනුව සෙසු රුපියල් ලක්ෂ පනහ ලබාදී ඇත්තේ සිලෝන් ප්‍රයිමර් ස්පෝට්ස් නමැති ආයතනයටය.
රජයේ මුදල් මෙලෙස අවභාවිතය කිරීම සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසය, පරීක්ෂණ පවත්වාගන යන අතර එම පරීක්ෂණ මේ වනවිට බොහෝදුරට අවසන් වී ඇත. ඒ අනුව මුදල් ලබාදුන් ආකාරය මුදල්වලට සිදුවුනේ කුමක්ද යනාදි සියලු කාරණා ළඟදීම හෙළිදරව් කිරීමට හැකිවන බවත් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව 1987 අංක 36 දරන කොමිෂන් සභා පනත යටතේ ස්ථාපිත කර ඇත්තේ සාධාරණ කාර්යක්ෂම විධිමත් හා පාරදෘෂ්‍ය වූ ප්‍රාග්ධන වෙළඳපොළක් ප්‍රවර්ධනය සංවර්ධනය හා පවත්වාගන යාමේ මූලික අරමුණින් යුතුව මිස ජනාධිපති පුත්තුන්ගේ ප්‍රතිරූප ගොඩ නැගීමට නොවේ.
මෙවැනි රාජ්‍ය මුදල් අවභාවිතා කරන ලද පුද්ගලයන්ට යහපාලන ජනාධිපතිවරයා තම පක්ෂයෙන් නාම යෝජනා දේනවාදැයි ජනතාව බලා සිටිනු ඇත.
---------------------------
by (2015-06-27 11:43:46)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි