~

බන්ධුල ගුණවර්ධන පරිඝණක මිලදී ගැනීමකින් කෝටි 2000 ක් ගහලා

(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.12, ප.ව.4.45) ටියුෂන් කඩ හිමියෙකු වූ  හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවධියේදී පාසල්වලට පරිගණක මිලදී ගැනීමේ ක්‍රියාවලියකදී රුපියල් කෝටි 2000 ට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තාවේ.

මෙම මහ පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මුලසුන හොබවමින් සිටියදී  අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා මෙම තොරතුරු අනාවණය කරමින් සඳහන් කළේ හිටපු අධ්‍යාපන ඇමතිවරයා විසින් මෙම පරිගණක මිලදී ගැනීමට ක්‍රියා කර ඇත්තේ පවත්නා ක්‍රමවේද හා රෙගුලාසී කිසිවක් නොතකමින් බවයි.

රුපියල් 40,000 සිට රුපියල් 60,000 දක්වා මිල ගණන්වලට අදාළ පරිගණක මිලදී ගැනීමට හැකියාව තිබියදී රුපියල් එක් ලක්ෂ දස දහසේ සිට ඉහළ මිල ගණන්වලට මෙම පරිගණක 60000 ක තොගය පාසල් සඳහා මිලදී ගෙන රුපියල් කෝටි ගණනාවක වංචාවක් සෘජු ලෙසම හිටපු අධ්‍යාපන ඇමතිවරයා විසින් සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මෙම ප්‍රකාශයත් සමග දැඩි ලෙස පාර්ලිමේන්තුවේදී කෝපයට පත් බන්දුල ගුණවර්ධන හිටපු අධ්‍යාපන ඇමතිවරයා සභාවේ කටයුතු දැඩි ලෙස බාධා කරන්නට වූ අතර එහිදී මූලාසනය දැනුම් දුන්නේ අධ්‍යාපන ඇමතිවරුන් පොඩි ළමයින් සේ නොහැසිරෙන ලෙසටය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශයෙක් සඳහන් කළේ මෙම පරිගණක විජ්ජාව  ආශ්‍රිතව සිදුවී ඇති මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.

හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා සේ බන්ධුල ගුණවර්ධන තමන්ට එරෙහිව දූෂන චෝදනා තිබේදැයි විමසා වරක් අල්ලස් හෝ දූෂණ කොමිසමට ගොස් සොයා බැලීය.

-ටී. ජයකුමාර් විසිනි-

---------------------------
by     (2015-06-12 12:10:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links