~

ව්‍යාජ පුවත් මවා විනාශකාරී මාධ්‍ය කලාවකින් මෛත්‍රී විනාශ කිරීමට මීඩියා කුමන්ත්‍රණකරුවන් රොත්තක් අභයාරාමයේ රහසේ හමුවෙලා

(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.04, ප.ව.11.40) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව විශාල ජනමතයක් ගොඩනැගීමට තරම් කාලයක් උදාවන තෙක් බලා නොසිට ජනමාධ්‍ය මගින් නිර්මාණාත්මක ලෙස ව්‍යාජ පුවත් මැවීමෙන් රටේ ජනතාව ගොනාට අන්දවන්නේ නැතිව යළි බලයට ඒමට නොහැකි බව තේරුම්ගෙන විනාශකාරී නව මාධ්‍ය රටාවක් සඳහා පෙළගැසිය යුතු යැයි මරාවාදී ඩලස් අලහප්පෙරුම අවධාරණය කර ඇත.

ඩලස් අලහප්පෙරුම මේ බව අවධාරණය කර ඇත්තේ ‘නිජබිම‘ නමින් නව පුවත් පතක් ආරම්භ කිරීමේ මූලික සාකච්ඡාවකට එක් වෙමින් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය අනාවරණය කරයි.

මෙම සාකච්ඡාව හිටපු පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාරහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණු අතර ඊට ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික රවි විජේරත්න, රුවන් ෆර්ඩිනැන්ඩස්, බන්දුල පද්මකුමාර, ජනක ප්‍රියන්ත බණ්ඩාර, ටිරාන් අලස්, මනූෂ නානායක්කාර, තුෂාර ගුණරත්න, රොහාන් වැලිවිට, ආදී පිරිසක් සහභාගි වී ඇත.

අභයාරාමයේ පැවැති මෙම කුමන්ත්‍රණකරුවන්ගේ රැස්වීම අවසානයේදී ටිරාන් අලස් සහ රුවන් ෆර්ඩිනැන්ඩස් අතර බහින් බස්වීමක් ඇති වී තිබෙන බව ද වාර්තා වේ. මෙහිදී රුවන් ෆර්ඩිනැන්ඩස් පවසා ඇත්තේ ‘මව්බිම‘ නම තමාට අයිති දේපළක් බවක් එය කොල්ලකෑමේ වරදට අනාගතයේදී ලොකු වන්දියක් ගෙවීමට ටිරාන් අලස්ට සිදුවනු ඇතැයිද ‘මව්බිම‘ මකා දමා ‘නිජබිම‘ නිර්මාණය කිරීමට තමාට ගතවන්නේ ඉතා සුළු කාලයක් බවත් උදම් අනා තිබේ. 

රුවන් ෆර්ඩිනැන්ඩස් මහින්ද සහ ගෝඨාභයගේ ප්‍රතිරූප යලි ගොඩගැනීම සඳහා අත්තිකාරමක් ලෙස රු.මිලියන 13 ක මුදලක් ලබාගත් නමුත් ගෝඨාභයගේ සම්මුඛ සාකච්ඡාවක් පමණක් සිංහල ඉංගිරිසියෙන් තම වෙබ් අඩවියක පල කළා මිස වෙනත් කිසිවෙක් කළේ නැතැයිද මහින්දවාදීහු චෝදනා කරති.  
     
ජනවාරි 08 වෙනිදා ලබාදුන් ජනවරම මීළඟ මහ මැතිවරණයේදී  ආපස්සට හරවා අන්ත දූෂිත මහින්ද රාජපක්ෂ රෙජිමය නීතිය කණපිට හරවා හෝ බලයට ගෙන ඒමේ බරපතළ කුමන්ත්‍රණයක් ඉදිරියට ගැනීමට සියලුම කටයුතු මේ වනවිටත් ඇරඹි ඇති බව ලංකා ඊ නිවුස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තාවෙයි.

මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන මහ මොළකරුවා වනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත වශයෙන් හඳුනාගෙන ඇති අතර සෙසු ප්‍රධාන නියමු කුමන්ත්‍රණ කරුවන්ගේ කාර්ය භාරයට උර දී සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඩලස් අලහස්පෙරුම, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන, ඩිලාන් පෙරේරා, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, ජී. එල්. පීරිස්, එස්. එම්. චන්ද්‍රසේන, මනූෂ නානායක්කාර,  යන පිරිස බව අනාවරණය වෙයි.

එළඹෙන මීළඟ මහ මැතිවරණයේදී කවුරුන් විරුද්ධ වුවත් අන්ත දූෂිතයන් ලෙසට ප්‍රකට සිටින මහින්ද රාජපක්ෂ පාලනයේ හිටපු මැති ඇමතිවරුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තු යටතේ නාම යෝජනා ලබාදීමට නාම යෝජනා පත්‍රවලට තමා අත්සන් කරන බවත් එය වැළැක්වීමට ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිවෙකුටත් නොහැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පොරොන්දුවක් ලබාදී ඇත.

---------------------------
by     (2015-06-04 23:18:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

මරා ගේ කල්ලිය සහ මරා මාරාවේශ වී ඉන්න බව...යහපාලන නඩ ය වහාම වටහා ගතයුතුය...මරා සහ හොර නාදයේ කුමන්තරණය සුළු කොට නොතැකිය යුතුය.....යහපාලනයට නැතිවීමට ඇත්තේ..පොදුජනතාවට දුන් පොරොන්දු පමණි.නමුත් මරා ට මුළු පවුලම හිරේ යාමේ අවධානම සහතිකවම ඇත....එය වලක්වා ගැනීමට ඔවුන් නොකරන දෙයක් නැතිබව වටහා ගැනීමට මය් 3 ට හැකියාව නැති නොසිතමි.
-- by siri elapatha on 2015-06-05

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links