~

දූෂිත දේශපාලන සංස්කෘතිය නිමා කරන බවට ප්‍රතිඥා දුන් නව ජනාධිපතිවරයාට වැඩ ඇල්ලීමට මෙන්න ඔත්තුවක්...!

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.සැප්.19, ප.ව.11.00) ලංකාවේ ජීවත් වන අපි වගේම පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් ඇස් කන් යොමාගෙන සිටින්නේ සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තේරී පත්වන අභිනව ජනාධිපතිවරයාගේ පළමු කාර්තුවේ වැඩපිළිවෙල කුමක් වෙයිද කියාය.  

2022 අප්‍රේල් අරගලයේ ප්‍රමුඛ ඉල්ලීම වූයේ “System Change” එකක් ඇති කිරීමයි. අරගල කරුවන්  කිව්වේ අපෙන් සොරාගත් වත්කම් යලි අත්පත් කරගෙන වැරැදි කරුවන් නීතිය හමුවට ගෙන එන ලෙසයි. ඒ සඳහා ඔත්තුවක් මේ ලිපියෙන් ලබා දෙයි.

මරාගේ අගසව් දෙදෙනා..

මහින්ද රාජපක්ෂගේ අගසව් දෙදෙනා වූයේ මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන යන (රත්තරං) දෙදෙනාය. ඔවුන් දෙපළම ඉතා අමාරුවෙන් ජීවිතය ආරම්භ කොට අදවන විට ප්‍රකෝටිපතියන් බවට පත්වු කුප්‍රකට දේශපාලකයන් දෙදෙනෙකි. ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂලාට යන එනමන් නැතිවන බව දුටු ඔවුන් දෙදෙනාම මෙවර රනිල් වික්‍රමසිංහගේ දෑත ශක්තිමත් කිරීමට එක් වී සිටිති. මෙය ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතියේ ස්වභාවයයි. එය වෙනස් කොට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම අභිනව ජනාධිපතිවරයාගේ ප්‍රධාන වගකීමකි.

කෙසේ වෙතත්, රනිල් මෙවර පරාජය වූ විට නුදුරේම පැවැත්වෙන මහ මැතිවරණයේදී මහින්දානන්ද ඇතුලු කණ්ඩායම “අපි ආපහු මහගෙදරට ආවා” කියමින් නැවත රාජපක්ෂ වෙත නොපැමිණිය හොත් ඔබ පුදුම නොවන්න. ඔවුන්ගේ ලැජ්ජා නහරය කපා බොහෝ කල්‍ ය.

ප්‍රකෝටිපතියෙක් වූ මහින්දානන්දගේ වත්කම්..

මහින්දානන්ද 1987 දී රුපියල් 1200/- ක වැටුපක් ගත් රක්ෂන නිළධාරියෙකි. එහෙත්, පසුකාලීනව ඔහු ප්‍රකෝටිපතියෙක් බවට පත් වෙයි. ඔහුට අයත් වත්කම් සහ දේපල රැසක් හෙළිදරව් වන්නේ 2013 ඔහුගේ පළමු බිරිඳ ගොනුකල දික්කසාද නඩුවකිනි.

දික්කසාදය දීමට නම් ඇය රුපියල් ලක්ෂ 5000 ක වන්දියක් ඉල්ලා සිටි අතර, මාසිකව ලක්ෂ 50 බැගින් ගෙවන ලෙසද ඉල්ලා සිටියාය. එයට එකඟ වී, මහින්දානන්ද සිය පළමු බිරිඳ දික්කසාද කළ අතර, අනතුරුව, ඔහු විවාහවන්නේ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ හිටපු බිරිඳ (දිමු ජයරත්නගේ දියණිය) සමගයි. ඇය මේ වන විට එංගලන්තයේ ජීවත් වන බව දැනගන්නට ඇත. අද වන විට මහින්දානන්ද සහ දුමින්ද දිසානායක දෙදෙනාම රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේය.

රට පුරා ඉඩ කඩම් නිවාස..

රක්ෂණ වෘත්තියෙන් පසු දේශපාලනයට පැමිණි මහින්දානන්ද 1995 දී මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත් වූ අතර පසුව 2000 දී පාර්ලිමේන්තුවට ඇතුළු විය. ඔහු පෝසතකු බවට පත්වූයේ ඉන් පසුවය. මුදල් විශුද්ධිකරණය පනත යටතේ, විමර්ශන නිළධාරීන් ‘බී’ වාර්තාවක් (බී 22467/01/2015 නඩු අංක) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ කරුණු රැසක් අනාවරණය විය. මහින්දානන්ද සතුව ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන බව විමර්ශන නිළධාරීනට සොයාගැනීමට හැකි විය. අංක 70/3/1, කිංසි පාර, කොළඹ 7 දේපළ රුපියල් මිලියන 27 ක් ගෙවා මහින්දානන්ද හිටපු ඇමතිවරයා විසින් මිලදී ගෙන ඇති අතර එහි මිලියන 42 ක වටිනාකමට නිවසක්ද ඉදිකර ඇත. ඔහු හා බිරියගේ නමට සම අයිතිය ඇති පර්චස් 20 ක ඉඩමක් කුරුප්පු පාර, බොරැල්ල ලිපිනයේද ඇත. එම ඉඩමෙහි වටිනාකම මිලට ගත් කාලයේ මිලියන15 ක් බවත් ඔප්පුවේ දැක්වෙන්නේ මිලියන 10 ක් ලෙස බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. ජෝර්ජ් ඊ ද සිල්වා මාවත, මහනුවර ලිපිනයේ අලුත්ගමගේ යුවළ නමින් තවත්  පර්චස් 3.5 ක, පර්චස් 7.8 හා 18.3 ඉඩම් තුනක්ද ඇති බව අනාවරණයවී තිබේ. චන්ද්‍රා වෙත්තසිංහ මාවත, කොස්වත්ත, නාවල ලිපිනයේ බිරිඳගේ හා පුතාගේ නමට ලියූ තවත් ඉඩම් දෙකක් ඇති අතර ඒවා එකක් මිලට ගත් කාලයේ මිලියන 27 ක් හා අනෙක මිලියන 16 ක් බව වාර්තාවේ. (ඔප්පුවල සඳහන් වන්නේ පිළිවෙලින් මිලියන 11 හා 8 ලෙස අඩු වටිනාකම්ය) මේ අතර බොරැල්ල ට්‍රිලියම් රෙසිඩන්සීස් තට්ටු නිවාසයේද  153 9/2 අංක යටතේ නිවසක් අලුත්ගමගේ මහතාගේ බිරිඳගේ නම යටතේ ඒ කාලයේ රුපියල් මිලියන 28.5 මිලදී ගෙන ඇත. ජපානයේ වාසය කරන ඔහුගේ සොහොයුරා හා සොහොයුරියගේ නමටද නිවාස මිලට ගෙන ඇති බවට වාර්තාවේ. මීට අමතරව ඔහුගේ තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍රය විකිණීමේදී ඇතිවූ අක්‍රමිකතා ගැන සහ දරුවන්ට ඉගැන්වීමට සිංගප්පූරු බැංකුවකට යොමු කළ මුදල් සම්බන්ධවද සැකමුසු තැන් මතුව තිබෙන බව පොලිස් විමර්ශන වාර්තා වල ඇත. https://www.colomboxnews.com/2016/09/15/අද-වැලිකඩ-ගිය-මහින්දානන්/

ලන්ඩන් නුවර නිවාස..

ඊට අමතරව, මහින්දානන්දට එංගලන්තයේ ලන්ඩන් නුවර FLAT 4 නමින් නිවසක්ද, ලන්ඩන් නුවරම තවත් ස්ථානයක්වූ එස්-ඊ-26-26-ජී ලිපිනයේ තවත් නිවසක්ද ඔහු සතුය. එකක් ස්ටර්ලින් පවුම් ලක්ෂ 3 කට වැඩි වන (රුපියල් කෝටි 6) අති විශාල අගයක් වන අතර තවම මේවා පිළිබඳ නිවැරැදි තක්සේරුවක් කර නැත. මේවා මිලට ගැනීමේදී ජපානයේ වාසය කරන හිටපු ඇමතිවරයාගේ සහෝදර සහෝදරියන්ගේ නම් වලින් මුදල් යොමු කර තිබෙන බවට සැකයක් ඇත. https://www.gossiplankanews.com/2016/09/Mahindananda-wealth-update.html

අක්කර 174 ක් සහ තේ කම්හලක්..

මහින්දානන්ද සතුව ඉඩම් අක්කර 174 ක් සහ තේ කම්හලක් පිළිබඳවත් විමර්ශන වලදී හෙළිදරව් වී ඇත. එය සිය දෙමවිපියන්ගෙන් ලද දේපළක් බව ඔහු ප්‍රකාශ කොට තිබුණද ඒ සම්බන්ධව විමර්ශකයන්ගේ අවධානය යොමු නොවුන බව උසාවියේදී හෙළිදරව් වී ඇත. සිය මවගෙන් රත්නපුර ප්‍රදේශයෙන් අක්කර 97 ක ඉඩමක් හා පියාගෙන් නාවලපිටියේ අක්කර 44 ක ඉඩමක් හා තේ කර්මාන්තශාලාවක් ඇතුළු තවත් දේපළ උරුමව වූ බව කියයි. මොහුගේ දෙමාපියන් එතරම් පොහොසතුන්ද? https://www.gossiplankanews.com/2020/10/mahindananda-worth.html

නරා වල පිරිසිදු කරමු..

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ කුමක්ද? කුණු වී ඕජස් ගලන ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය නොවේද? මොවුන් ආරක්ෂා කරන වික්‍රමසිංහලා, ප්‍රේමදාසලා වගේම රාජපක්ෂලාද කම්බා හොරුන්‍ ය. මොවුන් සියල්ලෝම නීතිය ඉදිරියට ගෙන ආ යුතු පුද්ගලයන්‍ ය. රටේ සුවහසක් ජනයා  නව ජනාධිපති වරයාගෙන් බලාපොරොත්තු වන්නේ මෙන්න මේ නරා වල පිරිසිදු කොට දූෂනයෙන් තොර සුපිළිපන් රටක් බිහිකර ගැණීමයි. සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කර ගැණීමයි. ඔහු එය ඉටු කරණ බවට අබමල් රේණුවක සැකයක් අපිට නැත.

-ශාන්ත ජයරත්න

ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)
[email protected]

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

---------------------------
by     (2024-09-19 20:49:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links