-රසල් හේවාවසම් හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.21, ප.ව. 11.30) පාස්කු ඉරිදා තුන්සියයක පමණ නිරායුධ ජන කන්ඩායමක් කෘෘර ලෙස ඝාතනය කිරීමට සෘජු ලෙසම වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දු කළ වත්මන් පොලීසියේ දෙවැනියා වන පොලිස් පරිපාලන ප්‍රධානී නිලන්ත ජයවර්ධන හිටි හැටියේම අනිවාර්ය නිවාඩු යැවීම රටට අභිරහසක් නොවේ.
මේ තීරණය ජනාධිපතිවරණය ප්‍රකාශ වීමට ඔන්න මෙන්න තිබියදී ක්‍රියාත්මක කළ අමු කපටි සහ තක්කඩි ක්‍රියාවකි. එය එළැඹෙන ජනාධිපතිවරණයේදී කුල්ලකුජීත වීමට නියමිත රනිල් රාජපක්ෂ නම් දෙපිටකාට්ටුවා රැක ගැනීමට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ගේ පූර්ණ අවබෝධය සහිතව ගත් විකට, උත්ප්‍රාසජනක තීරණයකි. මෙම ලියුම්කරුගේ නිගමනය අනුව යුක්ති ගරුක පාලනයක් සහිත රටක නම් නිලන්ත ජයවර්ධන අනිවාර්යෙන්ම මරණ දඬුවම නියමවන බරපතල අපරාධකරුවෙකි. එහෙත් දැන් ඔහු අනිවාර්ය නිවාඩු යවා තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරයි. ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ පුදුමාකාර ක්‍රමයකට ය. එනම් නිල රථ, නිල නිවාස, ආරක්ෂාව ඇතුළු සියලු වරප්‍රසාද සහිතවය. මෙය ජනතාවට සහ අධිකරණයට කොකා පෙන්වීමක් මිස වෙන කුමක්ද?
නිලන්ත ජයවර්ධන නොදන්නා රාජ්‍ය බුද්ධි ප්‍රධානී නම් බරපතල තනතුරකට පත්කරගනු ලැබුවේ ගෝඨාභයගේ උපදෙස් පරිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් නූගත් මරිමෝඩ තක්කඩියාට ලණු ගිල්වා ය. එකී කපුකම පිටුපස සිටියේ ත්‍රාඩ මිනීමරු ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ක්‍රියාත්මක වූ අතරමැදි කල්ලිය විසිනි. (එකී කතාව දීර්ඝ බැවින් වෙනම ලිපියක් මගින් ඉදිරියේදී හෙළි කරමි)
නිලන්ත ජයවර්ධනට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙසට ගෝඨාභය රාජපක්ෂ පාලනයට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ ගරු විනිසුරු මඩුල්ලක් නියෝගය ලබා දී දෙවසරක් ඉක්මවිය. විනය පරීක්ෂණ වෙනුවට රාජපක්ෂ කල්ලිය සිය ආරාක්ෂාව වෙනුවෙන් පත් කරගත් රනිල් රාජපක්ෂ කළේ එකී අපරාධකරුවා පොලීසියේ දෙවැනියා දක්වා උසස් කිරීමය. පොලිස් කොමිසමට ලබාදුන් එකී නියෝගය පිලිබදව නීතිපතිවරයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ලක් පසුගිය සතියේ යලිත් ප්‍රශ්න කළේය. ඒ, පාස්කු වින්දිතයින්ට ගෙවියයුතු වන්දී පැහැර හැරීම පිලිබඳ නඩු විභාගය අවස්ථාවේදීය. එතෙක් නිලන්ත ජයවර්ධන වගේ වගක් නැතිව හිටියාටත් වඩා යහතින් පොලීසියේ දෙවැනි පුටුවේ ලැග සිටියේය. හොඳම විහිලුව -සාහසික විහිලුව - නම් වත්මන් පොලීසියේ පොලිස්පති ද පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරි ලැයිස්තුවේ ඉහලම අපරාධකාරයෙක් වීමය.
මිනීමරු නිලන්ත ජයවර්ධන නම් අපරාධකරු ආරක්ෂා කිරීමට මුලසිටම නීච උත්සායක නිරතව සිටියේ ගමරාලලාගේ ත්‍රාඩ මෛත්‍රීපාල සිරිසේන ය. සිරිසේන, නිලන්ත ජයවර්ධනගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් දැඩිව විරෝධය දැක්‌වූ අවස්ථා රාශියකි. පාස්කු ප්‍රහාරය පිලිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට සිරිසේන සෘජුවම කතා කර ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීමට තමන් ඉඩ නොදෙන බව පවසා තර්ජනය කළේය. එදා හිටපු ජනාධිපති සිරිසේන භූමිතෙල් ගෑ ගැරඬියෙකු ලෙස දැඟලුවේ නිලන්ත ජයවර්ධනගෙන් දිගට හරහට ප්‍රශ්න කළහොත් එකී ප්‍රහාරය තමන් හොඳින් දැන සිටි බව හෙලිදරව්වේවි යැයි යන බරපතල බිය නිසා බව මේ ලියුම්කරු ඉතා වගකීමෙන් කියා සිටියි.
ගෝඨාභ සහ රනිල් රාජපක්ෂ පාලන සමයේ මිනීමරු නිලන්ත ජයවර්ධන නම් අපතයාට ලැබුනු වරප්‍රසාද මගින් සනාථ කෙරෙන්නේ ඔහු විසින් මිනීමරු ගෝඨාභය බලයට ගෙනඒම සඳහා පාස්කු ඉරිදා සමූහ ඝාතන ප්‍රහාර මාලාව එල්ලවීමට ඉඩ හැරීමේ තුටු පඬුරුලෙස මිස වෙන කුමක්ද?
01. ප්‍රහාරය එල්ලවීමට ආසන්න වශයෙන් මාස, සති, සහ පැය බාගයක් තිබියදීත් ලැබුනු සියළුම තොරතුරු නිලන්ත ජයවර්ධන තම රාජකාරී දුරකතනයෙන් සහ රාජකාරී පරිඝනකයෙන් හිතාමතා මකාදමා තිබෙන බව හෙළිදරව් වී තිබියදීත් ගෝඨාභය බලයට පැමිණි විගස නිලන්ත ජයවර්ධන නැගෙනහිර සහ මධ්‍යම යන පලාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස් කෙරිණ.
02 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත්වුවන්ට මිලියන 75ක් ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදීත්, එය පැහැර හැර තිබියදීත්. නිලන්ත ජයවර්ධන රනිල් රාජපක්ෂ විසින් පොලීසියේ බරපතල වගකීම් සහිත බලවත් තනතුරක් වන පරිපාලන ප්‍රධානී ලෙස උසස් කෙරිණ.
නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවිභාගයේ දී රජයේ සාක්ෂිකරුවා කිරීම දක්වා පත්කිරීමත් එකී මිනීමරුවා ආරක්ෂා කිරීමට හිටපු මහජන ආරක්ෂක ඇමති හරක් වීරසේකර ගේ සිට වත්මන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හෙවත් කොටි අලස් ගත් උත්සාහයන් පිලිබදවත් යුක්තියේ පාලනයක දී වෙනම විමර්ශනය කර එකී අපරාධ සහායකයන් ට එරෙහිව දැඩි දඬුවම් පැනවිය යුතුය.
නින්දෙන් අවදි වුවන් සේ තක්කඩි රනිල් රාජපක්ෂ ඒකාධිපති රෙජිමය හදිසියේම නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යැවීම කතෝලික ජනයා යලි සරදමකට ලක්කිරීමට ගත් බොලඳ උත්සාහයකි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරා දමන ලද ජනතාව ගේ, එයින් වින්දිත වූ ජනතාව ගේ සහ ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් කරන ජනතාව ගේ දුක වේදනාව නොතේරෙන, ජන දුකට අසංවේදී, මනුෂ්‍ය හැඟීම් දැනීම් නැති රනිල් රාජපක්ෂ ගේ සාහසික ගැට වලට හසු නොවෙමු!
මෙතෙක් මහා ප්‍රජාතන්ත්‍රවාදියකු, මානව හිම්කම් ආරක්ෂා කරන්නෙකු ලෙස රඟපෑ රනිල් රාජපක්ෂගේ ටයි, කෝට්, කලිසං, යට ඇඳුම්, සියල්ල රාජපක්ෂලා විසින් ගලවා දමා ඔහු ගේ සැබෑ අපරාධකාරී මුහුණ සහ කුරිරු බල ලෝභී සිත නිරාවරණය කර තිබේ.
ඉතින් ඔහුට තවත් නොරැවටෙමු.!
යුක්තිය උදෙසා සමගිව අත්වැල් බැඳ පෙරට යමු.!
වසර 5 ක් පුරා පාස්කු ප්‍රහාර ගැන සත්‍ය හෙළිකරමින් රසල් ලියූ ලිපි එකතුව
https://www.lankaenews.com/category/74
---------------------------
by (2024-07-21 18:38:02)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි